The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

අමෙරිකානු BKFC නිරූපිකාවට පිට පිට දෙවැනි වරටත් වසරේ Ring Girl සම්මානය

T

The Leader Desk

June 16, 2025 • 11:00 AM

අමෙරිකානු BKFC නිරූපිකාවට පිට පිට දෙවැනි වරටත් වසරේ Ring Girl සම්මානය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මන බඳින රූසපුවෙන් සටන් ක්‍රීඩා ලෝලීන්ගේ සිත් ඇද ගැනීමට සමත්ව සිටින 25 හැවිරිදි කේට්ලින් 2023 හා 2024 වසරවලදීත් මේ BKFC සම්මානය දිනා ගැනීමට සමත් වුනා.
  • ගේ දොර ඉඩකඩම් ඒජන්තවරියක වන මේ සුරූපී තරුණියට ‘ඉන්ස්ටග්‍රෑම්’ අනුගාමිකයන් 154,000ක් සිටිනවා.
  • සටන් ක්‍රීඩා වළල්ල වටේ සැරිසැරන මේ ලස්සන යුවතිය දැන් මිශ්‍ර සටන් කලාවේ තරග - Mixed Martial Arts (MMA) - වළල්ලට ද පිවිස එය ආලෝකමත් කරනු ඇතැයි ඇගේ රූපයෙන් වසඟ වී සිටින බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ පැතුම වී තිබෙනවා.
  • ඔහු ඇයව හැඳින්වූයේ “මගේ ලෝක ශූරිය!” ලෙසින්.
අකුරු ප්‍රමාණය (Font Size):

 ketty3

මන බඳින රූසපුවෙන් සටන් ක්‍රීඩා ලෝලීන්ගේ සිත් ඇද ගැනීමට සමත්ව සිටින 25 හැවිරිදි කේට්ලින් 2023 හා 2024 වසරවලදීත් මේ BKFC සම්මානය දිනා ගැනීමට සමත් වුනා. ගේ දොර ඉඩකඩම් ඒජන්තවරියක වන මේ සුරූපී තරුණියට ‘ඉන්ස්ටග්‍රෑම්’ අනුගාමිකයන් 154,000ක් සිටිනවා.

සටන් ක්‍රීඩා වළල්ල වටේ සැරිසැරන මේ ලස්සන යුවතිය දැන් මිශ්‍ර සටන් කලාවේ තරග - Mixed Martial Arts (MMA) - වළල්ලට ද පිවිස එය ආලෝකමත් කරනු ඇතැයි ඇගේ රූපයෙන් වසඟ වී සිටින බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ පැතුම වී තිබෙනවා.

 

Ib1JRLPA 400x400

කේට්ලින් පිට පිට දෙවැනි වරටත් Ring Girl of the Year සම්මානය දිනා ගැනීම පිළිබඳව ඇයට ප්‍රශංසා කළ අය අතර ඉදිරියෙන්ම සිටියේ UFC සටන් පුරාවෘත්තය වන කොන මෙග්රෙග (Conor McGregor). ඔහු ඇයව හැඳින්වූයේ “මගේ ලෝක ශූරිය!” ලෙසින්.

keyrt4757

 

ගෙවුනු වසර ප්‍රදර්ශනවලින් පිරුණු කාර්යබහුල කාලයක් වූ බවත් තමාට ආදරය හා සහයෝගය ලබා දුන් සියලු දෙනාට ප්‍රමාණවත් ලෙස ස්තූති කිරීමට තමා සතුව වචන නැති බවත් කේට්ලින් කියනවා.

බොක්සිං වළල්ලේ මෙතෙක් පෙනී සිටි වඩාත්ම සරාගී ‘රිං ගර්ල්’ ලෙස ක්‍රීඩා ලෝලීන් විසින් හඳුන්වනු ලබන මේ සමාජ මාධ්‍ය තාරකාවගේ මීළඟ ඉලක්කය වී තිබෙන්නේ පිට පිට තෙවැනි වතාවටත් Ring Girl of the Year කිරුළ දිනා ගැනීමයි.

Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව  කොටගත් උත්සවයක්(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...