The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
ක්‍රීඩා

C-රග්බි තරගාවලියේ වැඩි දස්කම් මහනුවරින්

T

The Leader Desk

September 11, 2025 • 9:53 AM

C-රග්බි තරගාවලියේ වැඩි දස්කම් මහනුවරින්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • C - රග්බි 2025 තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මහනුවර විද්‍යාර්ථ/පුෂ්පදාන යන සොයුර/සොයුරී විදුහල් ඒකාබද්ධ කණ්ඩායම සමත් වුනා. ඔවුන් මේ ටැග් රග්බි ‘කප්’ ශූරතාව දිනා ගත්තේ ගල්කිස්ස විද්‍යා/උසස් බාලිකා විදුහල් කණ්ඩායම 1-0කින් පරදවමින්.
  • ඔවුන් එම ශූරතාව හිමිකර ගත්තේ කොළඹ තර්ස්ටන්/දේවි බාලිකා ඒකාබද්ධ පිලට එරෙහිව ලැබූ 2-1ක ජයග්‍රහණයකින්.  කොළඹ වෙස්ලි/මෙතෝදිස්ත ඒකාබද්ධ විදුහල් කණ්ඩායම ‘බෝල්’ කිරුළ හිමිකර ගත් අතර ඔවුන් හමුවේ 1-0කින් පරාජය වුනේ මහනුවර ධර්මරාජ/මහමායා ඒකාබද්ධ කණ්ඩායම.
  •   ඉතා ජනප්‍රිය වාර්ෂික තරගාවලියක් වන මේ ඉසව්වට කණ්ඩායම් 16ක් සහභාගි වුනා.
  • මෙහිදී විද්‍යාර්ථ විදුහලේ හෂාන් පෙරේරා තරගාවලියේ වඩාත්ම වටිනා ක්‍රීඩකයා ලෙස තේරුණු අතර වඩාත්ම වටිනා ක්‍රීඩිකාව ලෙස නම් කෙරුනේ පුෂ්පදාන විදුහලේ හෂිනි මාලව තෙන්නකෝන්.
අකුරු ප්‍රමාණය (Font Size):


මහනුවර කිංස්වුඩ්/උසස් බාලිකා ඒකාබද්ධ විදුහල් කණ්ඩායම තරගාවලියේ ‘ප්ලේට්’ ශූරයන් වුනා. ඔවුන් එම ශූරතාව හිමිකර ගත්තේ කොළඹ තර්ස්ටන්/දේවි බාලිකා ඒකාබද්ධ පිලට එරෙහිව ලැබූ 2-1ක ජයග්‍රහණයකින්. 


PIS 3756
කොළඹ වෙස්ලි/මෙතෝදිස්ත ඒකාබද්ධ විදුහල් කණ්ඩායම ‘බෝල්’ කිරුළ හිමිකර ගත් අතර ඔවුන් හමුවේ 1-0කින් පරාජය වුනේ මහනුවර ධර්මරාජ/මහමායා ඒකාබද්ධ කණ්ඩායම.

 

DSC 0833 copy

ඉතා ජනප්‍රිය වාර්ෂික තරගාවලියක් වන මේ ඉසව්වට කණ්ඩායම් 16ක් සහභාගි වුනා. මෙහිදී විද්‍යාර්ථ විදුහලේ හෂාන් පෙරේරා තරගාවලියේ වඩාත්ම වටිනා ක්‍රීඩකයා ලෙස තේරුණු අතර වඩාත්ම වටිනා ක්‍රීඩිකාව ලෙස නම් කෙරුනේ පුෂ්පදාන විදුහලේ හෂිනි මාලව තෙන්නකෝන්.

DSC 0559 copy
මෙරට වාර්ෂික රග්බි කැලැන්ඩරයේ මේ තරගාවලිය ජනප්‍රියත්වයක් උසුලන්නේ පසුගිය වසරේ පාසල් රග්බි තරු නැවත පිටියට පිවිසීම නිසා. බාලිකා පාසල් ඔවුන්ගේ සමාන බාලක පාසල් සමග එක්වන මේ තරගාවලිය ශ්‍රී ලංකා රග්බි ඉතිහාසයේ මේ ආකාරයේ පළමු තරගාවලිය ලෙස සැලකෙනවා.

 

DSC 0670 copy
සැණකෙලි සිරියෙන් යුතුව සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී පසුගියදා පැවැති මේ තරගාවලිය 9 වැනි වසරටත් සංවිධානය කළේ ප්‍රසිද්ධ ජාත්‍යන්තර රග්බි විනිසුරුවකු වන ඩිල්රෝයි ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් යුත් Agoal රග්බි ප්‍රවර්ධන ආයතනය.

 DSC 1353 copy


warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

  

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

C-රග්බි තරගාවලියේ වැඩි දස්කම් මහනුවරින් | The Leader