The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
ක්‍රීඩා

Condor Golf Academy: ගමේ දරුවන්ට නොමිලේ පහසුකම් ලබා දෙන ලංකාවේ ප්‍රථම ගොල්ෆ් ඇකඩමිය විවෘත වෙයි

T

The Leader Desk

May 27, 2024 • 9:30 AM

Condor Golf Academy: ගමේ දරුවන්ට නොමිලේ පහසුකම් ලබා දෙන ලංකාවේ ප්‍රථම ගොල්ෆ් ඇකඩමිය විවෘත වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික ගොල්ෆ් ශූරයෙකු වන මිතුන් විදෙස් තරගාවලියන් ගණනාවකින් ශ්‍රී ලංකාව ට කීර්තිය අත්කර දුන් ජනප්‍රිය ගොල්ෆ් ක්‍රීඩකයෙක්.
  • චානක පෙරේරා 2019 වසරේ ජාතික ශූරයා මෙන්ම 2021 හා 2022 වසරවල ජාතික අනුශූරයා.
  • රටේ ගොල්ෆ් ක්‍රීඩාවට ලොකු අඩුපාඩුවක්ව පැවති ගොල්ෆ් ඇකඩමියක් බිහිවීම යනු ශ්‍රී ලංකාවේ ගොල්ෆ් ක්‍රීඩාව විප්ලවීය උසස් මට්ටමකට ගෙන යාමක්.
  • හරීන් ප්‍රනාන්දු ක්‍රීඩා ඇමතිවරයාට මිතුන් පෙරේරාගෙන් ගොල්ෆ් උපදෙසක් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ උත්සාහයක් ලෙස ද පිහිටුවුනු මේ Condor ගොල්ෆ් ඇකඩමිය ඊයේ විවෘත කෙරුනේ ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතා අතින්.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙරට ගොල්ෆ් ක්‍රීඩා ප්‍රවීනයන් සිවු දෙනෙකු එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ගොල්ෆ් ඇකඩමියක් පිහිටුවා තිබෙනවා. 


බොරැල්ල කාසල් වීදියේ පිහිටි මේ Condor ගොල්ෆ් ඇකඩමියේ අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා අංක 1 වෘත්තීය ගොල්ෆ් ක්‍රීඩක මිතුන් පෙරේරා (කළමනාකාර අධ්‍යක්ෂ), ජාතික ක්‍රීඩකයන් වන චානක පෙරේරා (අලෙවි අධ්‍යක්ෂ) හා විනෝද් කුමාර් (මෙහෙයුම් අධ්‍යක්ෂ) සහ අමෙරිකාවේ වෙසෙන ජේසන් ලියනගේ (නිර්මාතෘ හා සභාපති).

 

Golf 1Condor Golf Academy අධ්‍යක්ෂ මණ්ලය: වමේ සිට - විනෝද් කුමාර් (මෙහෙයුම් අධ්‍යක්ෂ), චානක පෙරේරා (අලෙවි අධ්‍යක්ෂ), ජේසන් ලියනගේ (නිර්මාතෘ/සභාපති) සහ මිතුන් පෙරේරා (කළමනාකාර අධ්‍යක්ෂ)
මිතුන් පෙරේරා ශ්‍රී ලංකාව ට ආසියානු ක්‍රීඩා ගොල්‌ෆ් රිදී පදක්කම දිනා දුන් නන්දසේන පෙරේරාගේ පුත්‍රයා. ජාතික ගොල්ෆ් ශූරයෙකු වන මිතුන් විදෙස් තරගාවලියන් ගණනාවකින් ශ්‍රී ලංකාව ට කීර්තිය අත්කර දුන් ජනප්‍රිය ගොල්ෆ් ක්‍රීඩකයෙක්. චානක පෙරේරා 2019 වසරේ ජාතික ශූරයා මෙන්ම 2021 හා 2022 වසරවල ජාතික අනුශූරයා. විනෝද් කුමාර් ජාතික ගොල්ෆ් සංචිත ක්‍රීඩකයෙකු වන අතර ජේසන් ලියනගේ පනස් වසරක් තිස්සේ ගොල්ෆ් ක්‍රීඩා කරන්නෙක්.

ජේසන් ලියනගේ මහතාගේ පෞද්ගලික ධනයෙන් මේ ගොල්ෆ් ඇකඩමිය ආරම්භ කර තිබෙන්නේ අඩු පහසුකම් තිබෙන ග්‍රාමීය ගොල්ෆ් ක්‍රීඩා කරන පාසල් දරුවන්ට ඔවුන්ගේ සහජ කුසලතා වර්ධනය කිරීම පිණිස නොමිලේ පුහුණූ පහසුකම් ලබා දීමේ අරමුණ පෙරදැරි කරගෙන. ශ්‍රී ලංකාවේ ගොල්ෆ් ක්‍රීඩාව දියුණු කිරීම මේ ඇකඩමියේ සංකල්පය යි.

mithun මිතුන් පෙරේරා

 

දක්ෂතා තිබෙන කණිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ සිටින අතර ඔවුන්ට අවශ්‍ය පුහුණුව හා පළපුරුද්ද ලබා දීමට මේ ඇකඩමිය අදහස් කරගෙන සිටිනවා. “කණිෂ්ඨ ක්‍රීඩකයන් පළපුරුද්ද සොයා නිතරම යන්නේ විදේශයන්ට. නමුත් මේ තාක්ෂණයෙන් ඔවුන්ට මෙරටදී පුහුණුව ලබා දී පිටරට ජයග්‍රහණයන් ඉලක්ක කර ගන්න පුළුවනි” යනුවෙන් මිතුන් පෙරේරා කියනවා.

රටේ ගොල්ෆ් ක්‍රීඩාවට ලොකු අඩුපාඩුවක්ව පැවති ගොල්ෆ් ඇකඩමියක් බිහිවීම යනු ශ්‍රී ලංකාවේ ගොල්ෆ් ක්‍රීඩාව විප්ලවීය උසස් මට්ටමකට ගෙන යාමක්.

Golf 3හරීන් ප්‍රනාන්දු ක්‍රීඩා ඇමතිවරයාට මිතුන් පෙරේරාගෙන් ගොල්ෆ් උපදෙසක්
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ උත්සාහයක් ලෙස ද පිහිටුවුනු මේ Condor ගොල්ෆ් ඇකඩමිය ඊයේ විවෘත කෙරුනේ ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතා අතින්. ගොල්ෆ් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සමග බද්ධව තිබෙන බවත් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේදී දිවයිනේ විවිධ පළාත්වල කෙරෙන ගොල්ෆ් ක්‍රීඩාව මහත් පිටුවහලක් වන බවත් එහිදී ඇමතිවරයා සඳහන් කළා.

ක්‍රීඩකයෙකු විසින් එල්ල කරන ගොල්ෆ් පහරක සියයට 99.9ක නිවැරදි දත්ත ලබා දෙන TrackMan නවීන තාක්ෂණය ගොල්ෆ් ක්‍රීඩා පිටි 300ක ආකෘතිවලින් සමන්විතව තිබෙන අතර GCQuad හා Flight Scope යන අධිතාක්ෂණික අංග ද මේ ඇකඩමියට එක්කර තිබෙන්නේ ජේසන් ලියනගේ හා සමනිර්මාතෘවරුන් වන නික් පෙරේරා සහ ප්‍රියන්ත අතුකෝරළ යන මහත්වරුන්ගේ නොමසුරු අනුග්‍රහයෙන්.

anaශ්‍රී ලංකාව 1996 ලෝක ක්‍රිකට් කුසලානය දිනා ගත් අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිව සිටි, වර්තමානයේ AP Golf Management ආයතනයේ නිර්මාතෘ/සභාපති ආනා පුංචිහේවා මහතා

 

ගොල්ෆ් ක්‍රීඩකයෙකුගේ පැද්දෙන පහර සහ බෝලය ඉගිළීයාම විශ්ලේෂණය කිරීම සඳහා රේඩා උපයෝගී කර ගන්නා අතිනවීන තාක්ෂණයකි TrackMan. “මේ තාක්ෂණය සුපර්-ස්මාට් යන්ත්‍රයක් වගෙයි. තමා බෝලයට පහර දුන්නේ කෙසේද යන්න වටහා ගැනීමට මේ තාක්ෂණය ගොල්ෆ් ක්‍රීඩකයන්ට උපකාරී වනවා” යැයි මිතුන් පෙරේරා ප්‍රකාශ කරනවා. “බෝලය කොච්චර දුර ගියා ද, එය කරකැවෙන්නේ කොපමණ වේගයෙන් ද කියා පමණක්‌ නොව එය පියාසර කරන කෝණය පවා මේ යන්ත්‍රයේ දැක්වෙනවා. එය හරියට පුහුණුකරුවෙක් ඔබ ළඟ සිටිනවා වගෙයි.”

 

golf gthsජේසන් ලියනගේ - විනෝද් කුමාර් - චානක පෙරේරා - ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු
ගොල්ෆ් ක්‍රීඩකයෙකුගේ හැකියාවන් දියුණු කිරීම සඳහා මේ උපකරණයේ ඇති වැදගත්කම මිතුන් අවධාරණය කළා. “බෝලය බිම පතිවූවායින් පසුව එය පැමිණි දුර මෙන්ම තමා බෝලයට ගැහුවේ ගොල්ෆ් පිත්තේ කොයි කොටසෙන් ද කියාත් මේ තාක්ෂණයෙන් දැක ගත හැක්කේ ක්‍රීඩකයාගේ දක්ෂතාව දියුණු කිරීමට උපකාරී වෙමින්.”

1996 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් වූ ආකාරයෙන් ම TrackMan හඳුන්වා දීමෙන් ද ශ්‍රී ලංකාවේ ගොල්ෆ් ක්‍රීඩාව ද ඊළඟ මට්ටමට පිවිසෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද මිතුන්‌ පෙරේරා පවසනවා. “මේ තාක්ෂණය ශ්‍රී ලංකා ගොල්ෆ් ක්‍රීඩාවේ අනාගතයට සම්පූර්ණ වෙනසක් ගෙන ඒවි!”

 

Golf 11
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...