The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

Copa America 2024: පරාජිත උරුගුවේ ක්‍රීඩකයන්ගෙන් කොලොම්බියානු ක්‍රීඩා ලෝලීන්ට ප්‍රහාරයක්

T

The Leader Desk

July 11, 2024 • 4:32 PM

Copa America 2024: පරාජිත උරුගුවේ ක්‍රීඩකයන්ගෙන් කොලොම්බියානු ක්‍රීඩා ලෝලීන්ට ප්‍රහාරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිටින ක්‍රීඩා මණ්ඩපයට පැමිණ ක්‍රීඩා ලෝලීන්ට පහර දීමක් පිළිබඳව අසන්නට ලැබෙන්නේ නැති තරම්.
  • නොහික්මුණු ක්‍රීඩා ලෝලීන්ගෙන් තමන්ගේ පවුලේ සාමාජිකයන් ආරක්ෂා කිරීම පිණිස මෙසේ ක්‍රියා කළ බව ක්‍රීඩකයන් පවසනවා.
  • උරුගුවේ කණ්ඩායම ලැබූ ගෝල් 1-0ක තියුණු පරාජයෙන් පසුව නරඹන්නන්ගේ පෙදෙසට ඇතුළු වූ නූනියස් ක්‍රීඩා ලෝලීන්ට පහර දෙන අයුරු වීඩියෝ පටයක දිස්වනවා.
  • තරගය නැරඹීම පිණිස ක්‍රීඩාංගණයට පැමිණ සිටි පවුලේ සාමාජිකයන් හා ආදරණීයයන්ගේ ආරක්ෂාව පිළිබඳව ක්‍රීඩකයන් තුළ තිබූ බිය නිසා ඔවුන් මෙසේ ක්‍රියා කළ බව උරුගුවේ කණ්ඩායමේ මැද පෙල ආරක්ෂක ක්‍රීඩක හෝසේ මරීයා හෙමෙනස් (Jose Maria Gimenez) කියා සිටියා.
අකුරු ප්‍රමාණය (Font Size):

සිටින ක්‍රීඩා මණ්ඩපයට පැමිණ ක්‍රීඩා ලෝලීන්ට පහර දීමක් පිළිබඳව අසන්නට ලැබෙන්නේ නැති තරම්. එහෙත් එවැනි සිදුවීමක් මේ දිනවල අමෙරිකාවේ පැවැත්වෙන ‘කෝප එමෙරිකා’ - Copa America - පාපන්දු තරගාවලියෙන් වාර්තා වනවා.

මේ අශෝභන සිදුවීම හට ගත්තේ උතුරු කැරලයිනා ප්‍රන්තයේ ෂාලට් නගරයේ පිහිටි Bank of America ක්‍රීඩාංගණයේ ඊයේ පැවති ‘කෝප එමෙරිකා’ අවසන් පූර්ව තරගයේදී කොලොම්බියාව හමුවේ උරුගුවේ පරාජය වීමෙන් පසුව. 

එංගලන්තයේ ලිවපූල් සමාජයට ක්‍රීඩා කරන ඩර්වින් නූනියස් (Darwin Nunez) ද ඇතුළුව උරුගුවේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ක්‍රීඩා මණ්ඩපයේ පඩිපෙල නැග පැමිණ කොලොම්බියානු ආධාරකරුවන් සමග ඝෝෂාකාරී අන්දමින් ශාරීිරිකව ගැටෙන අයුරු දර්ශනය වී තිබෙනවා. නොහික්මුණු ක්‍රීඩා ලෝලීන්ගෙන් තමන්ගේ පවුලේ සාමාජිකයන් ආරක්ෂා කිරීම පිණිස මෙසේ ක්‍රියා කළ බව ක්‍රීඩකයන් පවසනවා.

උරුගුවේ කණ්ඩායම ලැබූ ගෝල් 1-0ක තියුණු පරාජයෙන් පසුව නරඹන්නන්ගේ පෙදෙසට ඇතුළු වූ නූනියස් ක්‍රීඩා ලෝලීන්ට පහර දෙන අයුරු වීඩියෝ පටයක දිස්වනවා. තරගය පුරාම උණුසුම් වාතාවරණයක් පැවති අතර අවසන් විසිල් හඬ නිකුත් වීමෙන් පසුව තත්ත්වය තවත් උත්සන්න වුනා.

තරගය නැරඹීම පිණිස ක්‍රීඩාංගණයට පැමිණ සිටි පවුලේ සාමාජිකයන් හා ආදරණීයයන්ගේ ආරක්ෂාව පිළිබඳව ක්‍රීඩකයන් තුළ තිබූ බිය නිසා ඔවුන් මෙසේ ක්‍රියා කළ බව උරුගුවේ කණ්ඩායමේ මැද පෙල ආරක්ෂක ක්‍රීඩක හෝසේ මරීයා හෙමෙනස් (Jose Maria Gimenez) කියා සිටියා.

 
ප්‍රචණ්ඩත්වයට නැඹුරු වී තිබූ තත්ත්වය මධ්‍යයේ පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා බලෙන් මැදිහත් විය යුතු බවට ක්‍රීඩකයන්ට වැටහී ගොස් තිබුනා.

“මෙය මහත් විපතක්. අපේ පවුලේ අය සිටියේ අනතුරේ. අලුත උපන් බබාලාත් එක්ක ඉන්න අපේ ආදරණීයයන් ඉවත් කර ගන්න අපට ක්‍රීඩා මණ්ඩපයට යන්න සිදුවුනා” යනුවෙන් හෙමෙනස් පැවසුවා.

“එක පොලිස්කාරයෙක්වත් එතන හිටියේ නැහැ. මේ තරග සංවිධානය කරන අය ක්‍රීඩකයන්ගේ පවුලේ අය ගැන මීට වඩා සැලකිලිමත් වේවි කියා මම බලාපොරොත්තු වනවා. සෑම තරගයකදීම මෙය සිදුවන්නේ මත්පැන් වීදුරුවකින් දෙකකින් වෙරි වෙන පුද්ගලයන් ඉන්න නිසායි.”

dgfw4tg
නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයන් අවසානයේ පැමිණ තත්ත්වය පාලනය කරන තුරු මිනිත්තු කිහිපයක් ම ගැටුම පැවැත්වුනා.

නරඹන්නන්ගෙන් වැඩි දෙනෙක් ක්‍රීඩාංගණයෙන් පිටව ගොස් බොහෝ වේලාවක් යන තුරු 80-100ක් පමණ වූ උරුගුවේ ක්‍රීඩා ලෝලීන් පිටියේ රැඳී සිටියා.

කොලොම්බියාවේ ජයග්‍රහණයෙන් පසුව තරග පිටියේ ද සිද්ධීන් හට ගත්තා. දෙපිලේ ම ක්‍රීඩකයන් හා සේවක මණ්ඩලය පිටිය මැද කවය තුළ මහා පරිමාණයෙන් ගහ ගත්තා.

ක්‍රීඩාංගණය කැපී පෙනෙන අයුරින් පිරී තිබුනේ කොලොම්බියානු ක්‍රීඩා ලෝලීන්ගෙන් වූව ද ඔවුන් හා උරුගුවේ ක්‍රීඩා ලෝලීන් අතර වෙන් කිරීමක් සිදුකර තිබුනේ නැහැ.

කොලොම්බියාව දැන් ලයනල් මෙසීගේ ආජන්ටිනාව සමග Copa America අවසාන තරගයට ඉරිදා මුහුණ දීමට නියමිතයි.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

Copa America 2024: පරාජිත උරුගුවේ ක්‍රීඩකයන්ගෙන් කොලොම්බියානු ක්‍රීඩා ලෝලීන්ට ප්‍රහාරයක් | The Leader