The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

Cristiano: රොනාල්ඩෝගේ අලුත් යූටියුබ් චැනලය ආරම්භයේදීම වාර්තාගත ආදායම් ලබයි

T

The Leader Desk

August 26, 2024 • 4:41 PM

Cristiano: රොනාල්ඩෝගේ අලුත් යූටියුබ් චැනලය ආරම්භයේදීම වාර්තාගත ආදායම් ලබයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වාර්තා ගණනාවක් බිඳ දමා තිබෙනවා.
  • UR-Cristiano ලෙස නම් කර තිබෙන මේ ‘යූටියුබ්’ චැනලය ආරම්භ කර දින දෙකක් ඇතුළත මිලියන 33.8ක් ඊට දායක (subscribe) වී තිබෙනවා.
  • රොනාල්ඩෝ අලුත් චැනලය වන UR හි දැනට වීඩියෝ 12ක් තිබෙනවා.
  • ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝගේ සමාජ මාධ්‍ය ගිණුම් පිළිබඳව කතා කරන විට, ඔහුට X හි අනුගාමිකයන් මිලියන 112.6ක් ද, මුහුණු පොතේ මිලියන 170ක් ද, ඉන්ස්ටග්‍රෑම් හි මිලියන 636ක් ද සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

වාර්තා ගණනාවක් බිඳ දමා තිබෙනවා.

UR-Cristiano ලෙස නම් කර තිබෙන මේ ‘යූටියුබ්’ චැනලය ආරම්භ කර දින දෙකක් ඇතුළත මිලියන 33.8ක් ඊට දායක (subscribe) වී තිබෙනවා.

zdfwerw
රොනාල්ඩෝ බදාදා ඔහුගේ සමාජ මාධ්‍ය නාළිකාවන්ට පිවිසෙමින්, “බලා සිටි කාලය අවසන්. මගේ යූටියුබ් චැනලය දැන් පැමිණ තිබෙනවා! ඊට දායක වී මේ අලුත් ගමන සඳහා මා සමග එක්වන්න” යනුවෙන් සටහන් කළා.

රොනාල්ඩෝ අලුත් චැනලය වන UR හි දැනට වීඩියෝ 12ක් තිබෙනවා. මෙයින් ඔහුගේ පෞද්ගලික හා වෘත්තීය යන ජීවිත දෙකේම දැකීම් මාත්‍රයක් ක්‍රීඩා ලෝලීන්ට පිළිගැන්වෙනවා.

ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝගේ සමාජ මාධ්‍ය ගිණුම් පිළිබඳව කතා කරන විට, ඔහුට X හි අනුගාමිකයන් මිලියන 112.6ක් ද, මුහුණු පොතේ මිලියන 170ක් ද, ඉන්ස්ටග්‍රෑම් හි මිලියන 636ක් ද සිටිනවා.

dg453gold
අගෝස්තු 23 වැනිදා සිකුරාදා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 9.05 වන විට රොනාල්ඩෝ යූටියුබ් චැනලය views මිලියන 100ක් පසුකර තිබූනා. වෙළඳ දැන්වීම්වලින් ලැබෙන ආදායම, අත්සන් කරන ලද අනුග්‍රාහකත්වයන් හා ඔහුගේ සුපිරි බලය සැලකිල්ලට ගත් විට රොනාල්ඩෝ අමෙරිකානු ඩොලර් මිලියන සිය ගණනක් දැනටමත් උපයා ගෙන ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

රොනාල්ඩෝ පැය 12කට අඩු කාලයක් ඇතුළත අනුගාමිකයන් මිලියන 10කට ළඟා වෙමින්
එම තත්ත්වයට පිවිසි වේගවත්ම පුද්ගලයා බවට ද පත්ව සිටිනවා.


මීට අමතරව රොනාල්ඩෝ පැය 12කට අඩු කාලයක් ඇතුළත අනුගාමිකයන් මිලියන 10කට ළඟා වෙමින් එම තත්ත්වයට පිවිසි වේගවත්ම පුද්ගලයා බවට ද පත්ව සිටිනවා.

පාපන්දු තරග බිමෙන් විශ්‍රාම ගැනීමේ ආසන්නයට පිවිසෙමින් සිටින 39 හැවිරිදි ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ සිය ක්‍රීඩා දිවියෙන් පසු ජීවිතයට දැන් සිටම සූදානම් වෙමින් විවිධ ව්‍යාපාර ගණනාවකට ආයෝජනය කර තිබෙන්නේ ඔහු සතු ධනය තවතවත් වැඩි කර ගනිමින්.

රොනාල්ඩෝ ට මේ වන විට ව්‍යාපාර හතක් තිබෙනවා.

ඔහුගේ යූටියුබ් චැනලයට මිලියන 30කට වැඩියෙන් දායක වී ඇති බැවින් එමගින් ඔහුට යූටියුබ් නිර්මාණකරුවෙකු ලෙස විශාල මුදලක් උපයා ගත හැකියි.

රොනාල්ඩෝ හා පෙස්ටානා හෝටල සමූහය ඒකාබද්ධව ගෙන යන ව්‍යාපාරය - PESTANA CR7 HOTELS - ජාලයේ පළමු හෝටලය ඉදිවුනේ පෘතුගාලයේ Madeira ප්‍රදේශයේ. එතැන් පටන් මේ හෝටල ජාලය ලොව ප්‍රධාන නගරවලට ව්‍යාප්ත වී තිබෙනවා.

CR7 වෙළෙඳ ලකුණ යටතේ ඇඳුම් පැලඳුම්, අමතර කොටස්, පාවහන්, ඇස් කන්නාඩි හා සුවඳ විලවුන් නිෂ්පාදනය කෙරෙන්නේ ඒවා රොනාල්ඩෝගේ අසමාන ආයෝජනයන් බවට පත් කරමින්.

ජිම් හා ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන ජාලයකටද රොනාල්ඩෝ ඔහුගේ මුදල් ආයෝජනය කර තිබෙනවා. CR7 Crunch Fitness ස්ථාපිත කෙරුනේ 2016 වසරේ. එම මධ්‍යස්ථාන දැන් පෘතුගාලයේ හා ස්පාඤ්ඤයේ ක්‍රියාත්මක වනවා.

රොනාල්ඩෝ කීර්තිමත් පුද්ගලයන් සමග ඒකාබද්ධව අවන්හල් - රෙස්ටෝරන්ට් - ගණනාවක මුදල් ආයෝජනය කර තිබෙනවා. ඔහු Zela නමැති සුපිරි අවහන්හලේ සහ එවැනි තවත් රෙස්ටෝරන්ට්වල ද මුදල් යොදවා තිබෙනවා.

රොනාල්ඩෝ ඉතාලියේ Juventus වෘත්තීය පාපන්දු සමාජයට ක්‍රීඩා කරන අවධියේ කොණ්ඩා මෝස්තර ආයතන - CR7’S HAIR CLINIC - ගණනාවක්ම විවෘත කළ අතර ඒ ව්‍යාපාර අධීක්ෂණය කරන්නේ ඔහුගේ පෙම්වතිය වන Georgina Rodriguez.

රොනාල්ඩෝ කුලී පදනම මත පෞද්ගලික ජෙට් යානා ද සපයනවා. මීට අමතරව ඔහු සෞඛ්‍ය හා තාක්ෂණික ව්‍යාපාරයන්හි ද ආයෝජනය කර තිබෙනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

Cristiano: රොනාල්ඩෝගේ අලුත් යූටියුබ් චැනලය ආරම්භයේදීම වාර්තාගත ආදායම් ලබයි | The Leader