The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ග්‍රෑම්ස් 503ක්: මැරඩෝනාට තිබුනේ අසාමාන්‍යයෙන් විශාල හෘදය වස්තුවක් බව නඩුවේදී අනාවරණය වෙයි

T

The Leader Desk

April 3, 2025 • 2:32 PM

ග්‍රෑම්ස් 503ක්: මැරඩෝනාට තිබුනේ අසාමාන්‍යයෙන් විශාල හෘදය වස්තුවක් බව නඩුවේදී අනාවරණය වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ, මැරඩෝනාගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයේ සාක්ෂි දුන් ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ විශේෂඥයින්.
  • ආජන්ටිනාවේ 1986 ලෝක කුසලාන පාපන්දු ජයග්‍රහණයේ නියමුවා වූ මැරඩෝනා 60 වැනි වියේ පසුවෙමින් සිටියදී 2020 වසරේ නොවැම්බර් මස 25 වැනිදා මිය ගියා.
  • මැරඩෝනාගේ හෘදයවස්තුව අසාමාන්‍ය තරමට විශාල වී තිබූ බවත් සාමාන්‍ය හෘදයක බර ග්‍රෑම්ස් 250ත් 300ත් අතර තිබියදී මැරඩෝනාගේ හෘදයවස්තුවේ බර ග්‍රෑම්ස් 503ක් පමණ වූ බවත් අධිකරණ වෛද්‍ය විශේෂඥයා උසාවිය‌ට කියා සිටියා.
  • මැරඩෝනාගේ හෘදය පරීක්ෂා කිරීමේදී ඔහු දීර්ඝ කාලයක් තිස්සේ සිරුරේ කොටසකට අවශ්‍ය තරම් ලේ සහ ඔක්සිජන් නොලැබෙන ඉස්කීමියා රෝගයෙන් පෙළෙමින් සිටි බවට අනාවරණය වූ බවත් මේ විශේෂඥයා කියා සිටියා.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ, මැරඩෝනාගේ මරණය සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයේ සාක්ෂි දුන් ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ විශේෂඥයින්.

සෞඛ්‍ය වෘත්තිකයන් හත් දෙනෙකුට ‘අනවධානය නිසා සිදුවූ මනුෂ්‍ය ඝාතන’ චෝදනා මේ නඩුවෙන් එල්ල වී තිබෙනවා.
 
3453444| වෛද්‍ය කණ්ඩායමට එරෙහිව නොසැලකිලිමත්කම නිසා සිදු වූ මිනීමැරුමක් සම්බන්ධයෙන් ඩියාගෝ මැරඩෝනාගේ වෛද්‍යවරයා ලෙස සේවය කළ ස්නායු විශේෂඥ ලියෝපෝල්ඩෝ ලූක්, නඩු විභාගයේ පළමු දිනයේ අධිකරණයේ දී
 
මැරඩෝනා සිරෝසිස් රෝගයෙන් වේදනා විඳිමින් සිටිය ද ඔහු මිය යන අවස්ථාවේ ඔහුගේ ශරීරය තුළ මත්පැන් හෝ මත්ද්‍රව්‍ය නොතිබූ බව ද මෙම විශේඥයින් පවසා තිබෙනවා.

ආජන්ටිනාවේ 1986 ලෝක කුසලාන පාපන්දු ජයග්‍රහණයේ නියමුවා වූ මැරඩෝනා 60 වැනි වියේ පසුවෙමින් සිටියදී 2020 වසරේ නොවැම්බර් මස 25 වැනිදා මිය ගියා.
1986

මැරඩෝනාගේ හෘදයවස්තුව අසාමාන්‍ය තරමට විශාල වී තිබූ බවත් සාමාන්‍ය හෘදයක බර ග්‍රෑම්ස් 250ත් 300ත් අතර තිබියදී මැරඩෝනාගේ හෘදයවස්තුවේ බර ග්‍රෑම්ස් 503ක් පමණ වූ බවත් අධිකරණ වෛද්‍ය විශේෂඥයා උසාවිය‌ට කියා සිටියා. මැරඩෝනාගේ හෘදය පරීක්ෂා කිරීමේදී ඔහු දීර්ඝ කාලයක් තිස්සේ සිරුරේ කොටසකට අවශ්‍ය තරම් ලේ සහ ඔක්සිජන් නොලැබෙන ඉස්කීමියා රෝගයෙන් පෙළෙමින් සිටි බවට අනාවරණය වූ බවත් මේ විශේෂඥයා කියා සිටියා.

මැරඩෝනා අවසන් හුස්ම හෙලුවේ බුවනොස් අයිරස් අගනුවර නිවසක නේවාසිකව රෝහල්ගතව සිටියදී. ඒ, මොළයේ ශල්‍යකර්මයකට බඳුන්ව දින කිහිපයකට පසුව.

නඩුවෙන් චෝදනා ලැබ සිටින මැරඩෝනා ට සත්කාර කළ ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක්, මනෝ චිකිත්සකයෙක්, මනෝ විද්‍යාඥයෙක්, දොස්තරවරු සහ හෙදියන් ඇතුළු හත්‌ දෙනෙක් ප්‍රමාණවත් සත්කාරයක් ලබා දීමට අසමත් වීම මැරඩෝනාගේ මරණයට හේතු වන්නට ඇතැයි පැමිණිල්ල කියනවා.

මැරඩෝනාගෙන් ලබා ගත් ලේ සහ මුත්‍රා සාම්පලවල මත්පැන් හෝ මත්ද්‍රව්‍යවල ශේෂ මාත්‍රයක් පෙනෙන්නට නොතිබූ බව ද අධිකරණ වෛද්‍ය විශේෂඥයා අධිකරණය හමුවේ වැඩිදුරටත් කියා සිටියා.

නඩුවට මුහුණ දී සිටින පුද්ගලයන් අතර මැරඩෝනා මිය යනතුරුම ඔහු ලබා ගත් බෙහෙත් නියම කළ මනෝචිකිත්සකයා ද සිටිනවා. ඔහු මැරඩෝනාගේ ජීවිතයේ අවසාන වසර හතරේදී ඔහුගේ පෞද්ගලික භෞතවෛද්‍යවරයා ලෙස කටයුතු කළා.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
 
සබැඳි පුවත්
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...