The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව කොටගත් උත්සවයක්

T

The Leader Desk

June 12, 2025 • 10:19 AM

Double Blue Ball 2025: ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයෙන් ලාස් වේගාස් තේමාව කොටගත් උත්සවයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Double Blue Ball 2025 ලෙසින් නම් කර තිබෙන, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අගෝස්තු 30 වැනිදා පැවැත්වීමට නියමිත මේ උත්කර්ෂණීය ඉසව්ව නිල වශයෙන් ආරම්භ කරමින් එහි ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම Track 97 ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයේදී ඊයේ ආරම්භ කෙරුනා.
  • වසරේ එක් වඩාත්ම විචිත්‍රවත් රංගනයක් ලෙස සැලකෙන මේ ඉසව්වට තමාගේ ස්ථානය වෙන්කර ගැනීම පිණිස වෙස්ලි විදුහලේ ආදි ශිෂ්‍යයන් මහත් ඕනෑකමින් ටිකට් මිලදී ගැනීම නිසා මේ අවස්ථාව ප්‍රබෝධයෙන් පිරී තිබුණා.
  • මෙය සංග්‍රහය, ලාලිත්‍යය හා අමතක නොවන මතකයන්ගේ රාත්‍රියක් කරා තබන පළමු පියවර බවට පත්වුණා.
  • (සටහන | වර්නන් ගුණසේකර) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී gunasekera33@gmail.com.
අකුරු ප්‍රමාණය (Font Size):


Double Blue Ball 2025 ලෙසින් නම් කර තිබෙන, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අගෝස්තු 30 වැනිදා පැවැත්වීමට නියමිත මේ උත්කර්ෂණීය ඉසව්ව නිල වශයෙන් ආරම්භ කරමින් එහි ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම Track 97 ආදි වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයේදී ඊයේ ආරම්භ කෙරුනා.

වසරේ එක් වඩාත්ම විචිත්‍රවත් රංගනයක් ලෙස සැලකෙන මේ ඉසව්වට තමාගේ ස්ථානය වෙන්කර ගැනීම පිණිස වෙස්ලි විදුහලේ ආදි ශිෂ්‍යයන් මහත් ඕනෑකමින් ටිකට් මිලදී ගැනීම නිසා මේ අවස්ථාව ප්‍රබෝධයෙන් පිරී තිබුණා. මෙය සංග්‍රහය, ලාලිත්‍යය හා අමතක නොවන මතකයන්ගේ රාත්‍රියක් කරා තබන පළමු පියවර බවට පත්වුණා.

db 2
Double Blue Ball 2025 සඳහා ප්‍රධාන අනුග්‍රහය දක්වන්නේ Ceyline Travel ආයතනය. එහි ප්‍රධාන විධායක නිලධාරිනී චාමිනි අබේවික්‍රම අනුග්‍රාහකත්වයේ සංකේතාත්මක චෙක්පත මේ ඉසව්වේ සම-සභාපතිවරුන් වන නවාල් කාසිම් හා රනිල් තිලකරත්න සහ වෙස්ලි ආදි ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති රිචී සාපිඩීන් ට  පිළිගැන්වූවා.

මේ අවස්ථාවට ඕල්ඩ් වෙස්ලිඅයිට්ස් ක්‍රීඩා සමාජයේ සභාපති සේනක අමරතුංග සහ ආදි ශිෂ්‍යයන් මෙන්ම සහාය අනුග්‍රාහකයන් වන Magnus Creative, Kiss FM හා Global Cargo Care යන ආයතනවල නිලධාරීන් ද සහභාගි වුනා.

2019 පරාජයෙන් පළිගැනීමට එංගලන්තය මාන බලයි(සටහන | වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...