The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
ක්‍රීඩා

Euro 2024: වැඩිපුර පැය දෙකක් විවෘතව තබා ගන්න එංගලන්තයේ බාර්වලට අවසර

T

The Leader Desk

May 10, 2024 • 4:06 PM

Euro 2024: වැඩිපුර පැය දෙකක් විවෘතව තබා ගන්න එංගලන්තයේ බාර්වලට අවසර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජර්මනියේ පැවැත්වෙන යුරෝපීය පාපන්දු ශූරතාවලියේ - Euro 2024 - අවසන් පූර්ව වටයට පිවිසීමට එංගලන්තය හෝ
  • යුරෝ කුසලානය සිය රට ගෙන ඒමේ අපේක්ෂාව පොදි බැඳ ගෙන සිටින ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් ගෙන තිබෙන මේ තීරණයට අනුව පස්වරු 11.00 ට වැසීමට නියමිත බාර් අළුයම 1.00 දක්වා විවෘතව තබා ගැනීමට බාර් හිමියන්ට අවස්ථාව උදා වනවා.
  • එංගලන්තයේ බොහෝ අවන්හල් රාත්‍රී 11.00 වන විට වැසුනත් විශේෂිත ජාතික වැදගත්කමකින් යුත් අවස්ථාවන්හිදී මේ නීිතිය ලිහිල් කිරීමට ඇමතිවරුන්ට හැකියාව තිබෙනවා.
  • යුරෝ කුසලානය තම රට ට ගෙන එනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් මිතුරන්, පවුලේ අය හා ප්‍රජාවන්ට වැඩි වේලාක් එකට එක්වී තරග නැරඹීමේ අවස්ථාව ලබා දීම පිණිස මේ පියවර ගත් බව එංගලන්ත ස්වදේශ ලේකම් James Cleverly ප්‍රකාශ කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ස්කොට්ලන්තය සමත් වුවහොත් එංගලන්තයේ අවන්හල් (බාර්) විවෘතව තිබීමේ කාලය පැය දෙකකින් දීර්ඝ කිරීමට අවසර ලබා දී තිබෙනවා.

යුරෝ කුසලානය සිය රට ගෙන ඒමේ අපේක්ෂාව පොදි බැඳ ගෙන සිටින ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් ගෙන තිබෙන මේ තීරණයට අනුව පස්වරු 11.00 ට වැසීමට නියමිත බාර් අළුයම 1.00 දක්වා විවෘතව තබා ගැනීමට බාර් හිමියන්ට අවස්ථාව උදා වනවා.

තරග පැවැත්වෙන දිනවල මෙසේ පැය දෙකක වැඩිපුර කාලයක් විවෘතව තබා ගැනීමට බාර්වලට අවසර ලැබෙන්නේ එංගලන්තය හෝ ස්කොට්ලන්තය හෝ මේ කණ්ඩායම් දෙක ම හෝ යුරෝ තරගාවලියේ අවසන් කණ්ඩායම් හතරට පිවිසියහොත් හෝ අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගතහොත් පමණකැයි එංගලන්ත රජය ප්‍රකාශ කර තිබෙනවා.

එංගලන්තයේ බොහෝ අවන්හල් රාත්‍රී 11.00 වන විට වැසුනත් විශේෂිත ජාතික වැදගත්කමකින් යුත් අවස්ථාවන්හිදී මේ නීිතිය ලිහිල් කිරීමට ඇමතිවරුන්ට හැකියාව තිබෙනවා.

James Cleverlyයුරෝ කුසලානය තම රට ට ගෙන එනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් මිතුරන්, පවුලේ අය හා ප්‍රජාවන්ට වැඩි වේලාක් එකට එක්වී තරග නැරඹීමේ අවස්ථාව ලබා දීම පිණිස මේ පියවර ගත් බව එංගලන්ත ස්වදේශ ලේකම් James Cleverly ප්‍රකාශ කරනවා.

එංගලන්තය හා වේල්සයේ ස්ථානවලට මේ තීරණය බලපාන අතර ස්කොට්ලන්තය හා උතුරු අයර්ලන්තය ඔවුන්ගේ අවන්හල් සම්බන්ධයෙන් තීරණ ගත යුතුව තිබෙනවා.

පසුගිය වසර අවසානයේ කෙරුනු සාකච්ඡාවලින් පසුව මේ පියවර ගෙන ඇති අතර මෙමගින් වර්තමානයේ බලශක්ති මිල ගණන් වැඩි වීම හා ජීවන වියදම් අර්බුදයෙන් පීඩා විඳින එංගලන්තයේ ආගන්තුක සත්කාර කර්මාන්තය දිරිගැන්වෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ජර්මනිය සත්කාරකත්වය දරණ Euro 2024 තරගාවලියේ අවසන් පූර්ව තරග ජූලි 9 වැනි අඟහරුවාදා සහ ජූලි 10 වැනි බදාදාත්, අවසාන තරගය ජූලි 14 වැනි ඉරිදාත් පැවැත්වීමටයි නියමිත.

කොවිඩ් වසංගතය නිසා ප්‍රමාද වී පැවති Euro 2020 තරගාවලියේ අවසාන තරගයේදී පෙනල්ටිවලින් ඉතාලිය ට පරාජය වීම හේතුවෙන් එංගලන්තය ට යුරෝපීය පාපන්දුවේ කීර්තිය ලබා ගැනීමට නොහැකි වුනා.

xdfgsdfg
එයින් තවත් එක් පියවරක් ඉදිරියට යාමට එංගලන්තය මෙවර සමත් වුවහොත්, එය 1966 පාපන්දු ලෝක කුසලානයෙන් පසුව ඔවුන් දිනා ගන්නා පළමු ප්‍රධාන කුසලානය වනු ඇත.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...