The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

Euro 2024: විදුලි කෙටීමෙන් අත්හිටුවූ තරගය පිටුපස බිය උපදවන කතාවක්

T

The Leader Desk

July 6, 2024 • 10:37 AM

Euro 2024: විදුලි කෙටීමෙන් අත්හිටුවූ තරගය පිටුපස බිය උපදවන කතාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඩෙන්මාර්ක ක්‍රීඩකයන්ට අවශ්‍ය වුනා.
  • Borussia Dortmund පාපන්දු සමාජයීය ක්‍රීඩාංගණය ඉහළ අහසේ ඇතිවූ දරුණු විදුලි කෙටීම Borussia Dortmund පාපන්දු සමාජයීය ක්‍රීඩාංගණය ඉහළ අහසේ ඇතිවූ දරුණු විදුලි කෙටීම නිසා ඩෙන්මාර්ක ක්‍රීඩකයින්ගේ උවමනාව පරිදි තරගය අත්හිටුවීමට තරග විනිසුරු මයිකල් ඔලිව ට සිදුවුනා.
  • ක්‍රීඩකයන් පිටියේ සිට නැවත ඔවුන්ගේ කාමරවලට ගිය අතර තරගය නැවත ආරම්භ වූයේ මිනිත්තු 15කට පමණ පසුව.
  • අවසානයේ ජර්මනිය ගෝල් 2-0කින් තරගය ජය ගත්තා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඩෙන්මාර්ක ක්‍රීඩකයන්ට අවශ්‍ය වුනා.

මේ පිටුපස තිබෙන්නේ බිය උපදවන කතාවක්...

 

5df46290 3652 11ef bbe0 29f79e992dddBorussia Dortmund පාපන්දු සමාජයීය ක්‍රීඩාංගණය ඉහළ අහසේ ඇතිවූ දරුණු විදුලි කෙටීම

Borussia Dortmund පාපන්දු සමාජයීය ක්‍රීඩාංගණය ඉහළ අහසේ ඇතිවූ දරුණු විදුලි කෙටීම නිසා ඩෙන්මාර්ක ක්‍රීඩකයින්ගේ උවමනාව පරිදි තරගය අත්හිටුවීමට තරග විනිසුරු මයිකල් ඔලිව ට සිදුවුනා. ක්‍රීඩකයන් පිටියේ සිට නැවත ඔවුන්ගේ කාමරවලට ගිය අතර තරගය නැවත ආරම්භ වූයේ මිනිත්තු 15කට පමණ පසුව.

අවසානයේ ජර්මනිය ගෝල් 2-0කින් තරගය ජය ගත්තා.

ගිගුරුම් සහිත අකුණුවලට ඩෙන්මාර්ක ක්‍රීඩකයන් මෙසේ ප්‍රතිචාර දක්වමින් ඔවුන්ට තරගය නතර කිරීමට අවශ්‍ය වූයේ ඇයි?

 

Untitled 13අකුණු වැදීමකට ලක්වූ ජොනතන් රික්ට

2009 වසරේ පැවති ඩෙන්මාර්ක ලීග් පාපන්දු තරගයක් අතරතුර අකුණු වැදීමකට ලක්වූ ජොනතන් රික්ට (Jonathan Richter) ක්‍රීඩකයා පිළිබඳව ඩෙන්මාර්ක් ක්‍රීඩකයන් දැන සිටීම මීට හේතුව යි. ඒ තරගයේ ක්‍රීඩා කරමින් සිටියදී වැදුනු අකුණු සැරෙන් ජොනතන් ට ඔහුගේ වම් පාදයේ පහළ කොටස අහිමි වුනා. මේ නිසා එදා 24 වැනි වියේ පසුවෙමින් සිටි මේ ක්‍රීඩකයාට පාපන්දු ක්‍රීඩාවෙන් සමුගැනීමට සිදුවුනා.


අකුණු සැර වැදී පාදයෙන් කොටසක් අහිමි වන විට ජොනතන් ක්‍රීඩා කරමින් සිටියේ Nordsjaelland පාපන්දු ක්‍රීඩා සමාජය ට. එදා ඒ කණ්ඩායමේ ඔහුගේ පුහුණුකරුව සිටියේ අද ඩෙන්මාර්ක ජාතික කණ්ඩායමේ පුහුණුකරු වන Kasper Hjulmand.

 

543291 22585099 2560 1440ජොනතන් ක්‍රීඩා කරමින් සිටියේ Nordsjaelland පාපන්දු ක්‍රීඩා සමාජය ට

සිද්ධිය ඇතිවුනේ 2009 වසරේ ජූලි 22 වැනි දිනයේ Nordsjaelland හා Hvidovre සමාජ කණ්ඩායම් අතර පැවැති තරගය අතරතුර.


අකුණු සැර වැදී සති හයකට පසුව ජොනතන්ගේ වම් පාදයේ පහළ කොටස සැත්කමකින් කපා දැමුනා. ඔහු සති දහයක කාලයක් සිහි මුර්ජාව සිටියා.

දැන් 39 වැනි වියේ පසුවන ජොනතන් රික්ට ඩෙන්මාර්ක ලීගයේ සිවුවැනි කොටසේ ක්‍රීඩා කරන Graesrodderne පාපන්දු සමාජයේ පාලක මණ්ඩලයේ සේවය කරනවා.


සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...