The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
ක්‍රීඩා

Euro තරගාවලිය වෙනුවෙන් ජර්මනිය පිස්සු නැටීමේ නීතිය ලිහිල් කරයි

T

The Leader Desk

May 11, 2024 • 3:27 PM

Euro තරගාවලිය වෙනුවෙන් ජර්මනිය පිස්සු නැටීමේ නීතිය ලිහිල් කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරිදා දිනවල ඝෝෂා කිරීමට එරෙහිව පනවා තිබෙන දැඩි නීති Euro පාපන්දු තරගාවලිය වෙනුවෙන් ලිහිල් කිරීමට ජර්මනිය
  • නීතියේ මේ වෙනස නැතිව ‘යුරෝ’ තරගාවලිය පැවැත්වීම අසීරු බවත් අවශ්‍යව තිබෙන්නේ සැණකෙළි සිරි ගත් වටපිටාවක් බවත් අවන්හල් හිමියන් පවසනවා.
  • Ruhezeit නමින් හැඳින්වෙන නිශ්ශබ්දතා කාලයේ නීතිය යටතේ, ඉරිදා දිනවල සවස පැවැත්වෙන ඔ්නෑම දේශීය ලීග් තරගයක් පස්වරු 10,00 ට බොහෝ කළින් අවසන් කළ යුතු වන අතර එම තරග සාමාන්‍යයෙන් රූපවාහිනීගත කරන්නේ නැහැ.
  • එහෙත් ‘යුරෝ’ තරගාවලියේ පැවැත්වෙන තරග 51න් භාගයක් පමණ ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ පස්වරු 9.00 ට.
අකුරු ප්‍රමාණය (Font Size):

තීරණය කර තිබෙනවා.

මේ අනුව, ශබ්ද නගා පිස්සු නැටුවොත් බන්ධනාගාරගත කිරීමේ නීතිය ලිහිල් කර තිබෙන්නේ බීමතින් ඝෝෂාකාරීව සිංදු කියන විශේෂයෙන් එංගලන්ත පාපන්දු ක්‍රීඩා ලෝලීන්ව දිරිගන්වමින්.

මේ නීතියේ ලිහිල් වීමත් සමග, ජර්මනියේ බාර් සහ ක්‍රීඩා ලෝලීන්ගේ කලාපවල සිට මධුවිත පානය කරමින් Three Lions ගීය එංගලන්ත කණ්ඩායමේ සර්බියාව ට එරෙහි ‘යුරෝ’ ආරම්භක තරගයේදී පටන් ම ශබ්ද නගා ගායනා කිරීමේ අවස්ථාව එංගලන්ත පාපන්දු ලෝලීන්ට උදාවී තිබෙනවා.

fgdtyer
ජර්මනියේ පවතින මේ සිරගත කිරීමෙන් අවසන් වන දැඩි නීති රෙගුලාසිවලට අනුව කෑගැසීම හා ඝෝෂා කිරීම සාමාන්‍යයෙන් තහනම්. නමුත් ‘යුරෝ’ තරග සංවිධායකයන් තරගාවලිය පැවැත්වෙන ජූනි මාසයේ මේ නීතිය සැහැල්ලු කිරීමකට අත්සන් කර තිබෙනවා.  

මේ පියවරට අනුව තණකොළ යන්ත්‍ර ක්‍රියාකරවන්නන්ට ද මැදියම් රැයේදී ක්‍රීඩාංගණවල තණ පිට්ටනිය කප්පාදු කිරීමට අවස්ථාව ලැබෙනවා.

නීතියේ මේ වෙනස නැතිව ‘යුරෝ’ තරගාවලිය පැවැත්වීම අසීරු බවත් අවශ්‍යව තිබෙන්නේ සැණකෙළි සිරි ගත් වටපිටාවක් බවත් අවන්හල් හිමියන් පවසනවා.

Ruhezeit නමින් හැඳින්වෙන නිශ්ශබ්දතා කාලයේ නීතිය යටතේ, ඉරිදා දිනවල සවස පැවැත්වෙන ඔ්නෑම දේශීය ලීග් තරගයක් පස්වරු 10,00 ට බොහෝ කළින් අවසන් කළ යුතු වන අතර එම තරග සාමාන්‍යයෙන් රූපවාහිනීගත කරන්නේ නැහැ.

එහෙත් ‘යුරෝ’ තරගාවලියේ පැවැත්වෙන තරග 51න් භාගයක් පමණ ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ පස්වරු 9.00 ට.

එබැවින් දඩ ගෙවීමේ අවදානමක් නොගෙන ක්‍රීඩා ලෝලීන්ට එළිමහනේ සතුටු වීම සඳහා ඉඩ සැලසීමට බාර් සහ ක්‍රීඩා ලෝලීන්ගේ කලාපවලට හැකියාවක් නැහැ. දඩය නොගෙවුවොත් සිදුවන්නේ සිර දඬුවම් විඳින්නයි.

fgdrtyert

එංගලන්ත කණ්ඩායම ක්‍රීඩා කරන Cologne සහ Gelsenkirchen යන නගර පිහිටි Rhine-Westphalia ජර්මන් ප්‍රාන්තයේ අවන්හල් රාත්‍රී නවයකදී පෙරවරු 1.00 දක්වාත්, රාත්‍රී දහතුනකදී මධ්‍යම රාත්‍රිය දක්වාත් විවෘතව තබා ගැනීමට දැන් ඉඩ ලැබෙනවා.

නමුත් ශබ්ද විකාශන යන්ත්‍ර, පදිංචිකරුවන්ගෙන් හැකි තරම් දුරින් තබා ගත යුතු වන අතර ඒවායේ ශබ්දය අඩුවෙන් තබා ගත යුතු වනවා.

මැදියම් රැය දක්වා බාර්වල ශබ්දය පවත්වා ගෙන යාමට ඉඩ ලැබෙනවා. නමුත් තරගයේ අවසාන විසිල් හඬ නිකුත් වීමත් සමග රූපවාහිනී යන්ත්‍ර ක්‍රියා විරහිත කළ යුතුව තිබෙනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...