The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉන්දියාවේ Greater Noida ක්‍රීඩාංගණයේ ආහාරපාන සපයන්නෝ කෑම භාජන වැසිකිළියේ සෝදති

T

The Leader Desk

September 12, 2024 • 8:58 AM

ඉන්දියාවේ Greater Noida ක්‍රීඩාංගණයේ ආහාරපාන සපයන්නෝ කෑම භාජන වැසිකිළියේ සෝදති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිර්මාණය කරමින් සිටින්නේ අනවශ්‍ය සිරස්තල.
  • ක්‍රීඩාංගණයේ ආහාරපාන සපයන කණ්ඩායමේ සේවකයන් මුළුතැන් ගෙයි බඳුන් වැසිකිළියේ සෝදන බවට හෙළි වී තිබෙනවා.
  • එම කණ්ඩායමේ සේවකයෙක් වැසිකිළියේ මුත්‍ර පිට කරන ස්ථානය අසල සිට භාජනයක් සෝදන ඡායාරූප India Today විසින් ලබා ගෙන තිබෙනවා.
  • නවීන පහසුකම් මේ ක්‍රීඩාංගණයේ නොතිබීම හේතුවෙන් මෙහෙයුම් බාධා ඇතිව තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

නිර්මාණය කරමින් සිටින්නේ අනවශ්‍ය සිරස්තල.

ඇෆ්ගනිස්තානය හා නවසිලන්තය අතර ඓතිහාසික ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වීම සඳහා තෝරා ගෙන තිබෙන මේ ක්‍රීඩාංගණයේ දුර්වල යටිතල පහසුකම් සියුම් පරීක්ෂාවකට ලක්ව තිබෙන්නේ වර්ෂාව නිසා මේ තරගය තවමත් ආරම්භ කිරීමට නොහැකිව තිබෙන බැවින්.

 

stadiumඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි ග්‍රේට නොයිඩා (Greater Noida) නගරයේ ෂහීඩ් විජේ සිං පතික් - Shaheed Vijay Singh Pathik - ක්‍රීඩා සංකීර්ණය

වර්ෂාව හේතුවෙන් අද සිවුවැනි දින ක්‍රීඩාවත් නොකෙරුණු අතර තරගය එක ම පන්දුවක් හෝ නොයවා සම්පූර්ණයෙන් ම අහෝසි වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

ඇෆ්ගනිස්තානය මේ තරගයට සත්කාරකත්වය දැක්වීම සඳහා ඉන්දියා අගනුවර අසල මේ ක්‍රීඩාංගණය යොදා ගත්තේ ඔවුන්ට ඔවුන්ගේ රටේදී ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීමට නොහැකි බැවින්.

මේ අතර, ක්‍රීඩාංගණයේ තිබෙන සනීපාරක්ෂාවට අහිතකර අපිරිසිදු තත්ත්වයන් දැක්වෙන ඡායාරූප පළවීම නිසා තවත් ප්‍රශ්න මතුවී තිබෙනවා.

greater noida stadium hogs limelight as caterer washes utensils in toilet pictures viral sportstiger 1725985773756 original

ක්‍රීඩාංගණයේ ආහාරපාන සපයන කණ්ඩායමේ සේවකයන් මුළුතැන් ගෙයි බඳුන් වැසිකිළියේ සෝදන බවට හෙළි වී තිබෙනවා. එම කණ්ඩායමේ සේවකයෙක් වැසිකිළියේ මුත්‍ර පිට කරන ස්ථානය අසල සිට භාජනයක් සෝදන ඡායාරූප India Today විසින් ලබා ගෙන තිබෙනවා.


නවීන පහසුකම් මේ ක්‍රීඩාංගණයේ නොතිබීම හේතුවෙන් මෙහෙයුම් බාධා ඇතිව තිබෙනවා. සඳුදා තරගයේ ආරම්භක දිනයේ මාධ්‍යවේදීන්ට සුදුසු අකාරයේ අසුන් ගැනීමේ පහසුකම් හෝ මේ ක්‍රීඩාංගණයේ තිබී නැති අතර ජලය හා වැසිකිළි පහසුකම් පවා තිබුනේ අපේක්ෂිත මට්ටමට නෙවෙයි.

 



ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ග්‍රේට නොයිඩා පිටියේ ක්‍රීඩා කරන ප්‍රථම අවස්ථාව මෙය නෙවෙයි. 2017 වසරේදී, ඇෆ්ගනිස්තානය ජාත්‍යන්තර එක්දින තරග 3ක් හා විස්සයි20 තරග අයර්ලන්තය ට එරෙහිව ක්‍රීඩා කළ අතර එම කණ්ඩායම ට ම එරෙහිව නැවත 2020 වසරේදී ද මේ ක්‍රීඩාංගණයේ තවත් විස්සයි20 තරග 3ක් ක්‍රීඩා කළා.

 Greater Noida 1වර්ෂාවෙන් තෙත්ව තිබෙන තණතීරුව වියළි තත්ත්වයට ගෙන ඒම පිණිස ක්‍රීඩාංගණ සේවකයන් අවසන් උත්සාහයක යෙදෙමින් විදුලි පංකා පවා යොදා ගන්නා ආකාරය

කෙසේ වෙතත්, නොකඩවා ඇද හැළුන වර්ෂාව හේතුවෙන් සහ නවීන ජලාපවහන පද්ධතියක් නොමැති වීම නිසා මේ ඓතිහාසික තරගයේ ප්‍රතිඵලයක් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

වර්ෂාවෙන් තෙත්ව තිබෙන තණතීරුව වියළි තත්ත්වයට ගෙන ඒම පිණිස ක්‍රීඩාංගණ සේවකයන් අවසන් උත්සාහයක යෙදෙමින් විදුලි පංකා පවා යොදා ගන්නා ආකාරය දක්නට ලැබුනා.


සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...