The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

අපේක්ෂාව හා කඳුළු මැදින් ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ICCයේ අරමුදල සතුටින් පිළිගනී

T

The Leader Desk

April 17, 2025 • 10:48 AM

අපේක්ෂාව හා කඳුළු මැදින් ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ICCයේ අරමුදල සතුටින් පිළිගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙසේ පවසන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සරණාගතව සිටින ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගෙන් කෙනෙකු වන නාහිඩා සපාන් (Nahida Sapan).
  • ටලිබාන්වරු 2021 වසරේදී ඇෆ්ගනිස්තානයේ බලයට පත්වීමෙන් පසුව එරටින් පලා ගොස් සිටින ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට සහයෝගය ලබා දීමට කැපවුණු අරමුදලක් පිහිටුවන බව ක්‍රිකට් ක්‍රීඩාවේ ගෝලීය පාලක මණ්ඩලය ඉරිදා පොරොන්දු වුනා.
  • අපි මේ ගැන ඇත්තටම ඉතාමත් වෙහෙස මහන්සියෙන් වැඩකළ නිසා සමහර කෙල්ලෝ මේ පුවත අහලා ඇඬුවා” යනුවෙන් සපාන් කීවා.
  • පිරිමි කණ්ඩායම මෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ගෝලීය වේදිකාවේ ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් සිටි, 2020 වසරේ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් මණ්ඩලය විසින් කොන්ත්‍රාත්ගතකර තිබූ ක්‍රීඩිකාවන් 25 දෙනා අතර සපාන් ද සිටියා.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙසේ පවසන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සරණාගතව සිටින ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගෙන් කෙනෙකු වන නාහිඩා සපාන් (Nahida Sapan).

“මේ ප්‍රවෘත්තියෙන් අපට අපේ අනාගතය පිළිබඳව ලොකු විශ්වාසයක් ඇතිවී තිබෙනවා.”

ජගත් ක්‍රිකට් කවුන්සලය (ICC) විසින් දියත් කරන නව අරමුදල මගින් ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට කුරිරු ටලිබාන්වරු හමුවේ එඩිතර විරෝධය පාමින් ජාත්‍යන්තර වේදිකාවේ පිළිගැනීමකට ලක්ව ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තු දැල්වීම පිළිබඳව සතුටු වෙමින් සපාන් මෙසේ කියා සිටියා.
 
iodyuwnierudxwsuv4rb
ටලිබාන්වරු 2021 වසරේදී ඇෆ්ගනිස්තානයේ බලයට පත්වීමෙන් පසුව එරටින් පලා ගොස් සිටින ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට සහයෝගය ලබා දීමට කැපවුණු අරමුදලක් පිහිටුවන බව ක්‍රිකට් ක්‍රීඩාවේ ගෝලීය පාලක මණ්ඩලය ඉරිදා පොරොන්දු වුනා.

මේ මුදල් වියදම් කිරීම සම්බන්ධ මූල්‍ය විස්තර හෝ කාල වකවානුවක් ඉදිරිපත් කිරීම ICCය ප්‍රතික්ෂේප කළ ද, තමන් වෙනුවෙන් අරමුදලක් පිහිටුවන ප්‍රතිඥාව නිසා ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩිකාවන් දැන් ඔවුන් ඉදිරියේ තිබෙන දීප්තිමත් ආලෝකයක් දැකීමේ අපේක්ෂාවෙන් පසුවනවා.
23afce0202eaf8bdcfd067d6bb6710f142f6d439නාහිඩා සපාන්
 
“මේ සතුටුදායක ආරංචිය ගැන අපි එකිනෙකාට ‘මෙසේජ්’ කළා. දුරකථනවලින් කතා කළා. අපි මේ ගැන ඇත්තටම ඉතාමත් වෙහෙස මහන්සියෙන් වැඩකළ නිසා සමහර කෙල්ලෝ මේ පුවත අහලා ඇඬුවා” යනුවෙන් සපාන් කීවා.

පිරිමි කණ්ඩායම මෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ගෝලීය වේදිකාවේ ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් සිටි, 2020 වසරේ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් මණ්ඩලය විසින් කොන්ත්‍රාත්ගතකර තිබූ ක්‍රීඩිකාවන් 25 දෙනා අතර සපාන් ද සිටියා.

මේ බොහෝ ක්‍රීඩිකාවන් ඔස්ට්‍රේලියාවේ අලුත් ජීවිත ආරම්භ කර තිබෙන අතර තවත් සමහරු එංගලන්තය හා කැනඩාවේ පදිංචියට ගොස් සිටිනවා.
 
afghan1
ඔස්ට්‍රේලියාවේ පදිංචි ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ කණ්ඩායම සපාන්ගේ නායකත්වය යටතේ පසුගිය ජනවාරි මාසයේදී ‘දේශසීමා රහිත ක්‍රිකට්’ සංවිධානය විසින් නිර්මාණය කළ කණ්ඩායමක් සමග ප්‍රදර්ශන තරගයක් ක්‍රීඩා කළා. මෙය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට සහයෝගය දක්වන ලාභ සඳහා නොවන සංවිධානයක්.

එය ඔවුන් ඇෆ්ගනිස්තානයෙන් පලා ඒමෙන් පසුව ක්‍රීඩා කළ පළමු තරගය වූ අතර එයට ජාත්‍යන්තර පිළිගැනීම නොතිබුන ද ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය ඊට පහසුකම් සැපයූ අතර ප්‍රදේශීය රාජ්‍ය නිලධාරීන්ගේ සහාය එයට ලැබුනා.
 
Cricket Women
කාන්තා ක්‍රීඩාව පාගා දමා තිබෙන රටක පිරිමි ක්‍රිකට් කණ්ඩායම සමග ද්විපාර්ශ්වික තරගමාලාවන් ක්‍රීඩා කිරීම ඔස්ට්‍රේලියාව හා අනෙකුත් රටවල් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
MELBOURNE, AUSTRALIA - JANUARY 30: Nahida Sapan (C) of the Afghanistan Women's team leads a cheer in a huddle before the match against a Cricket without Borders XI at Junction Oval on January 30, 2025 in Melbourne, Australia. (Photo by Philip Brown/Popperfoto/Popperfoto via Getty Images)
 
2021 වසරේදී නැවත බලයට පත්වීමෙන් පසුව ටලිබාන්වරු කාන්තාවන්ට අධ්‍යාපනය හා රැකියාවන්ට තිබෙන ප්‍රවේශය සීමා කර තිබෙන අතර ඔවුන්ගේ ගමන් බිමන් වළක්වමින් ඔවුන්ගේ මුහුණු හා ශරීර ආවරණය කර ගන්නා ලෙසට බලකර තිබෙනවා.

ඉස්ලාම් නීතිය හා දේශීය සිරිත් සඳහා වන ඔවුන්ගේ අර්ථ නිරූපණයට අනුව කාන්තාවන්ගේ අයිතීන්ට ඔවුන් ගරු කරන බව ටලිබාන් කියා තිබෙනවා.

ඇෆ්ගනිස්තාන පිරිමි ක්‍රිකට් සංචිතයේ කිසිම ක්‍රීඩකයෙක් ICCයේ මේ අලුත් තත්ත්වය සම්බන්ධයෙන් කාන්තාවන්ට සුභ පැතීමට ඉදිරිපත් නොවූ බව සපාන් කියනවා.

එහෙත් මීට සම්බන්ධව තිබෙන දේශපාලනය පිළිබඳව සලකා බලන විට එය තේරුම් ගත හැකි බව ද ඇය පවසනවා.
 
 
“ඒක අසීරුයි. ඇෆ්ගනිස්තානයේ තිබෙන තත්ත්වය ගැන අපි දන්නවා. ඇෆ්ගනිස්තානයේ තිබෙන ක්‍රිකට් තත්ත්වය ගැන අපි දන්නවා. මොකද, ඇෆ්ගනිස්තාන ක්‍රිකට් මණ්ඩලය කාන්තා කණ්ඩායමට සහාය වෙනවා දකින්න ටලිබාන් ට උවමනා නැහැ” සපාන් සඳහන් කරනවා.

“ඔවුන් කාන්තා කණ්ඩායමට සහයෝගය ලබා දුන්නොත් ඔවුන්ට ඔවුන්ගේ තරග දිගටම ක්‍රීඩා කරගෙන යන්න බැරිවෙනවා. එවිට සියලුම පිරිමින්ට ක්‍රිකට් මණ්ඩලයේ දොර වැසෙනවා!”
 
warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අපේක්ෂාව හා කඳුළු මැදින් ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ICCයේ අරමුදල සතුටින් පිළිගනී | The Leader