The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

'කැරිබියන් රටවලට ඉතිහාසයේ දොර වහන්න එපා' - කොදෙව්වන්ගෙන් ICCයට ආයාචනයක්

T

The Leader Desk

May 17, 2025 • 8:52 AM

'කැරිබියන් රටවලට ඉතිහාසයේ දොර වහන්න එපා' - කොදෙව්වන්ගෙන් ICCයට ආයාචනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසරෙන් පසුව ප්‍රථම වතාවට ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පිවිසෙන්නේ අමෙරිකාවේ LA 2028 තරග බිමෙන්.
  • එම ඔලිම්පික් උළෙල් තරග වැඩසටහනට ක්‍රිකට් ඇතුළත්ව තිබෙන්නේ පිරිමි හා කාන්තා කණ්ඩායම් හය බැගින් වන විස්සයි20 තරගාවලියක් ලෙසින්.
  • එබැවින් LA 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් සුදුසුකම ප්‍රධාන වශයෙන් ලෝක ශ්‍රේණිගත කිරීම් පදනම් කරගෙන තීරණය කෙරුනොත් කිසිම කැරිබියන් පෙනීමක් එම තරග බිමට ලැබෙන්නේ නැහැ.
  • “අපි ඉල්ලා සිටින්නේ අපේ තනි රටවල විශේෂ ඔලිම්පික් උරුමය මේ සංවාදයේදී සැලකිල්ලට ගන්නා ලෙස පමණයි” CWI ප්‍රධාන විධායක Chris Dehring ප්‍රකාශ කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


1900 වසරෙන් පසුව ප්‍රථම වතාවට ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පිවිසෙන්නේ අමෙරිකාවේ LA 2028 තරග බිමෙන්. එම ඔලිම්පික් උළෙල් තරග වැඩසටහනට ක්‍රිකට් ඇතුළත්ව තිබෙන්නේ පිරිමි හා කාන්තා කණ්ඩායම් හය බැගින් වන විස්සයි20 තරගාවලියක් ලෙසින්.

මේ තරගාවලියට සුදුසුකම් ලැබීමේ ක්‍රමවේදය ගෝලීය ක්‍රිකට් පාලකයන් වන ICCය තවමත් නිවේදනය කර නැතත් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධාන ජාත්‍යන්තර කණ්ඩායමක් වශයෙන් ඉතාමත් දීර්ඝ කාලයක් තිස්සේ ස්ථාපිතව සිටින දේශයක් සහ භූගෝලීය වශයෙන් ලොස් ඇන්ජලීස් නගරයට වඩාත්ම ආසන්නයෙන් පිහිටි රටක් වශයෙන් සිටියදීත් තමන්ගේ රටවල් සමූහය ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් ඉවත් වේවිද යන කාරණය පිළිබඳව සැලකිල්ලක් බටහිර ඉන්දීය කොදෙව්වන් තුළ හටගෙන තිබෙනවා.

325976.4

මීට හේතුව වී තිබෙන්නේ බාබෙඩෝස්, ජැමෙයිකාව (ඔලිම්පික් වාර්තාගත කෙටි දුර ධාවන ශූර යුසේන් බෝල්ට්ගේ උපන් බිම), ඇන්ටීගා, බාබියුඩා සහ ට්‍රිනිඩෑඩ් හා ටුබේගෝ වැනි දේශයන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේදී බටහිර ඉන්දීය කොදෙව් බැනරය යටතේ තරග කළ ද, ඔලිම්පික් ක්‍රීඩාවේදී මේ සියලු ප්‍රදේශ තනි තනි රටවල් ලෙස සැලකීමයි.

එබැවින් LA 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් සුදුසුකම ප්‍රධාන වශයෙන් ලෝක ශ්‍රේණිගත කිරීම් පදනම් කරගෙන තීරණය කෙරුනොත් කිසිම කැරිබියන් පෙනීමක් එම තරග බිමට ලැබෙන්නේ නැහැ.

“අපි ඉල්ලා සිටින්නේ අපේ තනි රටවල විශේෂ ඔලිම්පික් උරුමය මේ සංවාදයේදී සැලකිල්ලට ගන්නා ලෙස පමණයි” CWI ප්‍රධාන විධායක Chris Dehring ප්‍රකාශ කරනවා. “අපේ රටවල් ඔවුන්ගේ තනි ධජයන් ඔලිම්පික් පදක්කම් පිරිනමන වේදිකාවල ඉහළින්ම රැගෙන ගොස් තිබෙන්නේ නිත්‍ය රන් පදක්කම්ලාභීන් ලෙස ඉතාමත් ආඩම්බරයෙන්.”

640b2a23d144b59e5c3357f17fa0802be159243b

“දැන් ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කර තිබියදී, අපි අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඉතිහාසයේ දොරටු නොවැසෙන බවට තහවුරු කරගත යුතුයි. සහයෝගීව කටයුතු කරන්න අපි ලෑස්තියි. අපි තරග කරන්න සූදානම්. නමුත් මේ සියල්ලටම ඉහළින් අපි ඉල්ලා සිටින්නේ සාධාරණය යි.”

තමන්ගේ පිරිමි කණ්ඩායම 2012 හා 2016 වසරවලදීත්, කාන්තා කණ්ඩායම 2016 වසරේදීත් විස්සයි20 ලෝක කුසලාන ජයග්‍රහණය කර තිබුන ද, 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමකට තරග කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් අවසර නොලැබෙන බව CWI පිළිගෙන තිබෙන බවක් පෙනෙන්නට තිබෙනවා.

නමුත් ICCයට ලිපියක් යවමින් කොදෙව් දූපත් නියෝජනයට තිබිය හැකි මාර්ග දෙකක් CWI විසින් යෝජනා කර තිබෙනවා.

 CWI

බටහිර ඉන්දීය ක්‍රිකට් පිරිමින් හෝ කාන්තාවන් සුදුසුකම් ලැබීමේ තත්ත්වයට පිවිසියහොත් අන්තර් කැරිබියන් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියකින් ජයග්‍රහණය කරන කොදෙව් දූපත ඔලිම්පික් තරග බිමේ පෙනී සිටීම පළමු යෝජනාවයි.

බටහිර ඉන්දීය ස්වාධීන රටවල් සියල්ල ඇතුළත් වන කලාපීය සුදුසුකම් ලැබීමේ ක්‍රමවේදයක් දෙවැනි යෝජනාව වී තිබෙනවා.

warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'කැරිබියන් රටවලට ඉතිහාසයේ දොර වහන්න එපා' - කොදෙව්වන්ගෙන් ICCයට ආයාචනයක් | The Leader