The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ICC T20 කාන්තා ලෝක කුසලානය: ශ්‍රී ලංකාවට තරගාවලියේ ඉදිරියට යා හැකි ද?

T

The Leader Desk

October 4, 2024 • 5:37 AM

ICC T20 කාන්තා ලෝක කුසලානය: ශ්‍රී ලංකාවට තරගාවලියේ ඉදිරියට යා හැකි ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් ඉදිරියේදී තරග කිරීමට නියමිත තරග 3 හි ප්‍රතිඵලය තීරණාත්මක සාධකයක් වනු ඇත.
  • ලබන ඔක්තෝම්බර් 05 වැනිදා ඕස්ට්‍රේලියාව සමගත්, ඔක්තෝම්බර් 12 වැනිදා ඉන්දියාව සහ ඔක්තෝම්බර් 15 වැනිදා නවසීලන්ත කණ්ඩායම සමගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදීමට නියමිත ය.
  • පන්දුවෙන් ජයගත් පළමු කඩ ඉම කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ පකිස්ථාන කණ්ඩායමේ පිතිකාරිණියන්ට සුපුරුදු ලෙස ලකුණු අතරට ඒමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් ඉඩ ලබා නොදුන්හ.
  • සුගන්දිකා කුමාරී පකිස්ථාන කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා ලකුණු පුවරුවේ මුළු ලකුණු සංඛ්‍යාව 17ක් ලෙස සටහන් වන විට නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් ඉදිරියේදී තරග කිරීමට නියමිත තරග 3 හි ප්‍රතිඵලය තීරණාත්මක සාධකයක් වනු ඇත.

ලබන ඔක්තෝම්බර් 05 වැනිදා ඕස්ට්‍රේලියාව සමගත්, ඔක්තෝම්බර් 12 වැනිදා ඉන්දියාව සහ ඔක්තෝම්බර් 15 වැනිදා නවසීලන්ත කණ්ඩායම සමගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදීමට නියමිත ය.

පන්දුවෙන් ජයගත් පළමු කඩ ඉම

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ පකිස්ථාන කණ්ඩායමේ පිතිකාරිණියන්ට සුපුරුදු ලෙස ලකුණු අතරට ඒමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් ඉඩ ලබා නොදුන්හ.

සුගන්දිකා කුමාරී පකිස්ථාන කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා ලකුණු පුවරුවේ මුළු ලකුණු සංඛ්‍යාව 17ක් ලෙස සටහන් වන විට නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් විය.

ඉන් පසුව සිද්රා අමීන්, ඕමයිමා සොහේල් සහ නිඩා ඩාර් සහ ෆාතීමා සනා ශ්‍රී ලංකා පන්දු යවන්නියන් හමුවේ තම කණ්ඩායමේ ලකුණු ඉහළ දැමීමට දැඩි උනන්දුවකින් යුතුව පිතිකරණයේ නියැළුනහ.

පකිස්ථාන පිතිකාරිණියන්ට පහසුවෙන් ලකුණු රැස් කිරීමට ඉඩක් ලබා නොදුන් ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නියන් පන්දු වාර 20 අවසානයේ ඔවුන්ගේ ඉනිම ලකුණු 116 කට සීමා කිරීමට සමත් විය.


පන්දු යැවීමේදී උදේශිකා ප්‍රබෝධනි ලකුණු 20 කට කඩුලු 3ක්, සුගන්දිකා කුමාරී ලකුණු 19 කට කඩුලු 3ක් සහ චමරි අතපත්තු ලකුණු 18 කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුහ.


pakisthanකාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ පකිස්ථාන කණ්ඩායමේ පිතිකාරිණියන්ට සුපුරුදු ලෙස ලකුණු අතරට ඒමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් ඉඩ ලබා නොදුන්හ

වගකීම් විරහිත පිතිකරණය

ලකුණු 117ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි ශ්‍රී ලංකා පිතිකාරිණියන් ඊයේ (03) තරගයේදී පකිස්ථාන පන්දු යවන්නියන් හමුවේ අසරණ විය.

ලකුණු අතර සිටින චමරි අතපත්තු ලකුණු 6 කටත්, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 7 කටත්, හසිනි පෙරේරා ලකුණු 8 කට සහ කවීෂා දිල්හාරි ලකුණු 3 කට දැවී යන විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව පන්දු වාර 10.5 කදී කඩුලු 04ක් දැවී ලකුණු 47ක් ලෙස සටහන් වී තිබුණි.


විශ්මි ගුණරත්න ලකුණු 20ක් ද, නිලක්ෂිකා සිල්වා ලකුණු 22ක්ද රැස් කිරීමට සමත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනත් කිසිදු පිතිකාරිණියකට ලකුණු 10 සීමාව පසුකර යෑමට පකිස්ථාන පන්දු යවන්නියන් ඉඩක් ලබා නොදුන්හ.

ඒ අනුව නියමිත පන්දු වාර 20 අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 9ක් දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 85ක් පමණි.


marks 85නියමිත පන්දු වාර 20 අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 9ක් දැවී රැස් කිරීමට හැකි වුයේ ලකුණු 85ක් පමණි

තරගයෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පැවසුවේ ලකුණු හඹා යෑමේ දී තම කණ්ඩායම අපහසුතාවයට පත්වූ බව ය.

"අපිට තණ තීරුවේ ස්වභාවයන්ට හැඩ ගැසෙන්න අවශ්‍යයි. මේ තණ තීරු පිතිකරණයට යෝග්‍යයි. නමුත් ලකුණු හඹා යෑමේ දී අපිට අසීරු තත්ත්වයක් ඇති වුණා."

"අපි හොඳින් පන්දු යැව්වා. තණ තීරුව මන්දගාමී වුණා කියලා වගේ කතා අපිට කියන්න බැහැ. අපි හොඳින් ක්‍රීඩා කරන්න අවශ්‍යයි."

"ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගයේදී නොබියව ක්‍රීඩා කරන්න අවශ්‍යයි. ඔවුන් හොඳ කණ්ඩායමක්. තරගයට හොදින් අවතීර්ණ වීමයි වැදගත් වෙන්නේ." ඇය පැවසුවාය.

 

461996436 18422699800074775 4483440544393417434 n


(BBC සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...