The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
ක්‍රීඩා

කුවේට් ෂෙඉක්වරයාට IOCයෙන් වසර 15ක තහනමක්

T

The Leader Desk

May 6, 2024 • 4:23 PM

කුවේට් ෂෙඉක්වරයාට IOCයෙන් වසර 15ක තහනමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජගත් ඔලිම්පික් කමිටුවේ (IOC) හා ජගත් පාපන්දු සම්මේලනයේ (FIFA) ප්‍රධාන නිලතල දරමින් ලෝක ක්‍රීඩා දේශපාලනයේ
  • “එහි ප්‍රතිඵලයක් ලෙස, IOC ප්‍රතිපත්ති කොමිසම සලකන්නේ, ෂෙඉක් අහමඩ් අල්-සබාගේ පෞද්ගලික වාසියට සිදු කළ ප්‍රයෝගකාරී ක්‍රියාව IOC සාමාජිකයෙකුට ආචාර සම්පන්න නොවන බවටයි” එම කොමිසම ඔවුන්ගේ ලිපියෙන් කියා සිටිනවා.
  • පසුගිය වසරේදී IOC විධායක මණ්ඩලය විසින් ඔහුට පැනවූ තෙවසරක තහනමේ තීරණයට එරෙහිව තරග කිරීමෙන් ඔහු සාමාජිකයෙකු ලෙස දී තිබෙන ප්‍රතිඥාව කඩකර ඇතැයි ද එම ලිපියේ සඳහන් වනවා.
  • ආසියානු ඔලිම්පික් කවුන්සලයේ නිලවරණයට මැදිහත් වීම සම්බන්ධයෙන් ඔහුට 2023 වසරේදී තෙවසරක තහනමක් පනවනු ලැබුවා.
අකුරු ප්‍රමාණය (Font Size):

බලකණුවක් බවට පත්ව සිටි කුවේට් රාජ්‍යයේ Ahmad Al-Fahad Al-Sabah ෂෙඉක්වරයාට ඔහු දැරූ සියළුම ඔලිම්පික් තනතුරුවල වසර 15ක තහනමක් පනවා තිබෙනවා.

ඔලිම්පික් පාලකයන් විසින් ෂෙඉක්වරයාට මේ තහනම පනවා තිබෙන්නේ ආචාරධර්ම උල්ලංඝනය කිරීම හේතුවෙන්.


Christophe De Kepperස්විට්සලන්තයේ පැවති නඩු විභාගයක් සම්බන්ධයෙන් ෂෙඉක් අහමඩ් ට මේ තහනම පැනවීමේ තීරණය පිළිබඳව IOC අධ්‍යක්ෂ ජෙනරාල් Christophe De Kepper විසින් ජගත් ඔලිම්පික් කමිටුවේ විධායක මණ්ඩලයේ සියළුම සාමාජිකයන්ව ලිපියකින් දැනුවත් කර තිබෙනවා.


“ෂෙඉක් අහමඩ් ඔහුගේ IOC සාමාජික ප්‍රතිඥාව කඩ කිරීම මෙන්ම ජගත් ඔලිම්පික් කමිටුවේ කටයුතු අනතුරෙහි හෙළමින් කමිටුවේ කීර්තියට සිදු කළ හානියේ බරපතළකම ඇතුළුව සදාචාරමය ප්‍රතිපත්ති උල්ලංඝනය කර ඇති බවට ස්ථිර කිරීමට IOC විධායක මණ්ඩලය තීරණය කළා” යැයි De Kepper එම ලිපියෙන් කියනවා.

“ඒ අනුව ෂෙඉක් අහමඩ් අල්-සබා ඔහුගේ IOC සාමාජිකත්වයෙන් හිමිකර ගත් සියළුම අයිතීන්, වරප්‍රසාද සහ කටයුතු ඔහුට තහනම් කිරීමටත් එම තහනම IOC විධායක මණ්ඩලය විසින් 2023 ජූලි 27 වැනි දින ගත් සම්බාධක පැනවීමේ තීරණ දිනයේ සිට බලපැවැත්වෙන පරිදි වසර 15ක් යනතුරු ක්‍රියාත්මක කිරීමටත් තීරණය කර තිබෙනවා.”  


shdfe
ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානයේ (OPEC) හිටපු මහ ලේකම්වරයෙකු ද වන ෂෙඉක් අහමඩ් ව්‍යාජ ලේඛණ සෑදීම සහ ප්‍රයෝගකාරී විනිශ්චය ක්‍රියාපටිපාටියකට වරදකරු ලෙස 2021 වසරේදී ස්විට්සලන්ත උසාවියක් මගින් තීරණය කළා. එම තීරණය ජිනීවා නුවර ඇපැල් අධිකරණය විසින් ද පසුව අනුමත කර තිබුනා.

“එහි ප්‍රතිඵලයක් ලෙස, IOC ප්‍රතිපත්ති කොමිසම සලකන්නේ, ෂෙඉක් අහමඩ් අල්-සබාගේ පෞද්ගලික වාසියට සිදු කළ ප්‍රයෝගකාරී ක්‍රියාව IOC සාමාජිකයෙකුට ආචාර සම්පන්න නොවන බවටයි” එම කොමිසම ඔවුන්ගේ ලිපියෙන් කියා සිටිනවා.

පසුගිය වසරේදී IOC විධායක මණ්ඩලය විසින් ඔහුට පැනවූ තෙවසරක තහනමේ තීරණයට එරෙහිව තරග කිරීමෙන් ඔහු සාමාජිකයෙකු ලෙස දී තිබෙන ප්‍රතිඥාව කඩකර ඇතැයි ද එම ලිපියේ සඳහන් වනවා.

ආසියානු ඔලිම්පික් කවුන්සලයේ නිලවරණයට මැදිහත් වීම සම්බන්ධයෙන් ඔහුට 2023 වසරේදී තෙවසරක තහනමක් පනවනු ලැබුවා.

ව්‍යාජ ලිපි ලේඛණ සෑදීම සම්බන්ධයෙන් ස්විට්සලන්ත අපරාධ අධිකරණයක් විසින් 2021දී වරදකරු කිරීමෙන් පසුව ඔහුගේ IOC සාමාජිකත්වය අත්හිටුවනු ලැබූ අතර ඉන්පසුව ඔහු ආසියානු ඔලිම්පික් කවුන්සලයේ සභාපති ධූරයෙන් ඉවත් වුනා.

Kuwait DMක්‍රීඩා දේශපාලනයේ කලක් බලසම්පන්න පුද්ගලයෙකු බවට ෂෙඉක් අහමඩ් පත්ව සිටියේ ජගත් ඔලිම්පික් කමිටුවේ මෙන්ම ජගත් පාපන්දු සම්මේලනයේ ද ප්‍රබල තනතුරු හොබවමින්. ඔහු කුවේට් රාජ්‍යයේ ආරක්ෂක ඇමතිවරයා ලෙසින් ද පසුගිය වසරේ නම් කරනු ලැබුවා.



වර්තමාන IOC සභාපති Thomas Bach 2013 වසරේදී සභාපති තනතුරට තරග කළ අවස්ථාවේදී ඔහුගේ සමීපතම මිතුරෙකු ලෙස කටයුතු කළ ෂෙඉක් අහමඩ් ජාතික ඔලිම්පික් කමිටුවල සම්මේලනයේ ද මූලිකත්වය දැරුවා.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ජාතික ඔලිම්පික් කමිටුවලට මූල්‍ය ආධාර ලබා දෙන ඔලිම්පික් සහයෝගිතාවේ IOC මුදල් පසුම්බිය භාරව සිටියේත් මේ කුවේට් ෂෙඉක්වරයා ම යි.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...