The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

කල්දැමුනු IPL තරගාවලිය එංගලන්තයේ පැවැත්වීමට යෝජනාවක්

T

The Leader Desk

May 10, 2025 • 4:05 PM

කල්දැමුනු IPL තරගාවලිය එංගලන්තයේ පැවැත්වීමට යෝජනාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සත්කාරකත්වය දැක්වීමට එංගලන්ත හා වේල්ස ක්‍රිකට් මණ්ඩලය (ECB) කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වනවා.
  • පිළිමළුන් පිටුදැකීමේ තරග ද ඇතුළුව තවත් තරග 16ක් තරගාවලියේ ඉතිරිව තිබෙනවා.
  • IPL 2025 අනාගතය අවිනිශ්චිතව තිබියදී ECBයේ සභාපති Richard Gould ඔහුට සමාන තනතුරුවල සිටින ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) පුද්ගලයන් සමග දැනටමත් සම්බන්ධ වෙමින් මෙම තරගාවලියේ ඉතිරි කොටසට ECBයේ සත්කාරකත්වය ලබා දීමේ යෝජනාව පිළිබඳව කතා කර තිබෙන බව ‘ද ගාඩියන්’ වාර්තා කරනවා.
  • “සතියක කාලයකින් පසුව IPL තරගාවලිය නැවත ආරම්භ කිරීමට ඉන්දියාව ට නොහැකි වුනොත්, මේ වසරේ පසු කාලයේදී එහි ඉතිරි තරගවලට එංගලන්තය සත්කාරකත්වය ලබා දීම එක යෝජනාවක් වී තිබෙනවා” යනුවෙන් එම පුවත්පත් වාර්තාවේ සඳහන්ව තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
සත්කාරකත්වය දැක්වීමට එංගලන්ත හා වේල්ස ක්‍රිකට් මණ්ඩලය (ECB) කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වනවා.

පිළිමළුන් පිටුදැකීමේ තරග ද ඇතුළුව තවත් තරග 16ක් තරගාවලියේ ඉතිරිව තිබෙනවා.

IPL 2025 අනාගතය අවිනිශ්චිතව තිබියදී ECBයේ සභාපති Richard Gould ඔහුට සමාන තනතුරුවල සිටින ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) පුද්ගලයන් සමග දැනටමත් සම්බන්ධ වෙමින් මෙම තරගාවලියේ ඉතිරි කොටසට ECBයේ සත්කාරකත්වය ලබා දීමේ යෝජනාව පිළිබඳව කතා කර තිබෙන බව ‘ද ගාඩියන්’ වාර්තා කරනවා.

“සතියක කාලයකින් පසුව IPL තරගාවලිය නැවත ආරම්භ කිරීමට ඉන්දියාව ට නොහැකි වුනොත්, මේ වසරේ පසු කාලයේදී එහි ඉතිරි තරගවලට එංගලන්තය සත්කාරකත්වය ලබා දීම එක යෝජනාවක් වී තිබෙනවා” යනුවෙන් එම පුවත්පත් වාර්තාවේ සඳහන්ව තිබෙනවා.

මෙය සැප්තැම්බර් මාසයේදී සිදුකළ හැකි බවත් එහෙත් මේ සම්බන්ධයෙන් ක්‍රියාශීලී සාකච්ඡා තවමත් නොපැවැත්වෙන බවත් ECBයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියනවා.

කොවිඩ් වසංගත තර්ජනය හේතුවෙන් 2021 IPL තරගාවලිය කල්දැමීමට සිදුවූ අවස්ථාවේදී ECBය මෙවැනිම යෝජනාවක් ඉදිරිපත් කළ බව එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරනවා. ඒ අවස්ථාවේදී තරගාවලිය අත්හිටුවනු ලැබුවේ ජෛව බුබුළු අසාර්ථක වීම හා ඉන්දියාවේ සිටින ක්‍රීඩකයන් හා කාර්ය මණ්ඩලය තුළ කොවිඩ් රෝගීන් වැඩිවෙමින් තිබූ නිසා. කෙසේ වෙතත්, එම තරගාවලිය මාස හතරකට පමණ පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී නැවත ආරම්භ කර සම්පූර්ණ කෙරුනා.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


සබැඳි පුවත් :
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කල්දැමුනු IPL තරගාවලිය එංගලන්තයේ පැවැත්වීමට යෝජනාවක් | The Leader