The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉන්දු පාකිස්තාන සටන් විරාමයෙන් පසුව IPL තරගාවලිය මැයි මාසයේ යළි ආරම්භ කිරීමේ උත්සාහයක්

T

The Leader Desk

May 11, 2025 • 11:07 AM

ඉන්දු පාකිස්තාන සටන් විරාමයෙන් පසුව IPL තරගාවලිය මැයි මාසයේ යළි ආරම්භ කිරීමේ උත්සාහයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තරගාවලිය හැකි තරම් ඉක්මනින් නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බැවින් තම විදෙස් ක්‍රීඩකයන් හා පුහුණු කාර්ය මණ්ඩල නැවත ඉන්දියාව ට ගෙන්වා ගැනීමට IPL කණ්ඩායම් දහය ම උත්සාහ කරමින් සිටින බව පැවසෙනවා.
  • ඉන්දියා රජයේ අවසරය ලැබුනහොත් තරගාවලිය මැයි 15 පමණ වන විට නැවත ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි සංවිධායකයන් බලාපොරොත්තු වනවා.
  • ආයතන කිහිපයක්ම ඔවුන්ගේ ක්‍රීඩකයන් හා කාර්ය මණ්ඩලවලට නැවත ඉන්දියාව ට පැමිණීමට සූදානමින් සිටින ලෙසට දන්වා තිබෙනවා.
  • සිය රටවල් බලා ආපසු යාමේදී ගුවන් යානා මාරුව පිණිස ගුවන් තොටුපළවල රැඳී සිටින ක්‍රීඩකයන්ට ඔවුන්ගේ ගමනේ තවදුරටත් නියැලීම දැනට නතර කරන ලෙසට දන්වා ඇතැයි ද වාර්තා වනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

තරගාවලිය හැකි තරම් ඉක්මනින් නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බැවින් තම විදෙස් ක්‍රීඩකයන් හා පුහුණු කාර්ය මණ්ඩල නැවත ඉන්දියාව ට ගෙන්වා ගැනීමට IPL කණ්ඩායම් දහය ම උත්සාහ කරමින් සිටින බව පැවසෙනවා. ඉන්දියා රජයේ අවසරය ලැබුනහොත් තරගාවලිය මැයි 15 පමණ වන විට නැවත ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි සංවිධායකයන් බලාපොරොත්තු වනවා.

ipl chiefදේවාජිත් සයිකියා, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI)

 

IPL කණ්ඩායම් භාර ආයතනවලට මුහුණ දීමට සිදුව තිබෙන ලොකුම අභියෝගය වී තිබෙන්නේ ඔවුන්ගේ විදෙස් ක්‍රීඩක පිරිස යළි ඉන්දියාවට ගෙන්වා ගැනීමයි. මේ පිරිසෙන් බොහෝ දෙනෙක් සිකුරාදා හා සෙනසුරාදා අතර කාලය තුළ ඉන්දියාවෙන් පිටව ගොස් තිබෙනවා. ආයතන කිහිපයක්ම ඔවුන්ගේ ක්‍රීඩකයන් හා කාර්ය මණ්ඩලවලට නැවත ඉන්දියාව ට පැමිණීමට සූදානමින් සිටින ලෙසට දන්වා තිබෙනවා.

සිය රටවල් බලා ආපසු යාමේදී ගුවන් යානා මාරුව පිණිස ගුවන් තොටුපළවල රැඳී සිටින ක්‍රීඩකයන්ට ඔවුන්ගේ ගමනේ තවදුරටත් නියැලීම දැනට නතර කරන ලෙසට දන්වා ඇතැයි ද වාර්තා වනවා. එක් ආයතනයක් අද ඉන්දියාවෙන් පිටත්ව යාමට සූදානම් වෙමින් සිටි ඔවුන්ගේ පුහුණු කාර්ය මණ්ඩලයට එම ගමන කල්දමන ලෙසට පවා දන්වා තිබෙනවා.

 

1746945620.1746942308.ipl
මේ සම්බන්ධයෙන් සමහර කණ්ඩායම් අනෙක් අයට වඩා වාසනාවන්ත වී සිටිනවා. ‘ගුජරාට් ටයිටන්ස්’ කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයන් අතරින් Jos Buttler සහ Gerald  Coetzee යන ක්‍රීඩකයන් දෙදෙනා පමණයි මේ වන විට ඉන්දියාවෙන් පිටව ගොස් තිබෙන්නේ. මේ දෙදෙනා නැවත ගෙන්වා ගැනීමට එම කණ්ඩායමේ අයිතිකරුවන් දැන් වෙහෙසෙමින් සිටිනවා.

යුද උණුසුම මධ්‍යයේ ඉන්දියාවෙන් පිටත්ව ගිය විදෙස් ක්‍රීඩකයන් නැවත ගෙන්වා ගැනීමේ මේ තත්ත්වය මත තරගාවලිය එහි අවසාන තරගය පැවැත්වීමට නියමිතව තිබූ මැයි 25 දිනයට වඩා වැඩි කාලයකට දීර්ඝ වනු ඇති අතර ඒ අනුව මේ තරගාවලිය දිගටම පවත්වා ගෙන යාම ගැන සහතිකයක් දීමට නොහැකි වාතාවරණයක් ද උද්ගතව තිබෙනවා.

AA1EwjYd

 

ඒ, ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට ඔවුන්ගේ රටවල් වෙනුවෙන් ද්විපාර්ශ්වික තරග රාජකාරි යෙදී තිබෙන නිසා මෙන්ම ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ අවසාන මහා තරගයේ ආරම්භය ද ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ජූනි 11 වැනිදාට යෙදී ඇති බැවින්.

IPL 2025 තරගාවලියේ තරග 57ක් මේ වන විට සම්පූර්ණ කර තිබෙන අතර ලීග් තරග 12ක් සහ පිළිමළුන් පිටු දැකීමේ තරග 4ක් තවමත් ඉතිරිව තිබෙනවා.

පියාඹන ෆිජියන්ස්ලා - Flying Fijians(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

සබැඳි පුවත් :

කල්දැමුනු IPL තරගාවලිය එංගලන්තයේ පැවැත්වීමට යෝජනාවක්

ගල්ෆ් දේශයේ සැලසුම අසාර්ථක වීමෙන් PSL දින නියමයක් නැති කල්යයි

ඉන්දු පාකිස්තාන යුද්ධය හමුවේ IPL තරගාවලිය අත්හිටුවයි

ඉන්දියානු ක්‍රිකට් වර්ජනයකින් පාකිස්තානය හා බංග්ලාදේශයට විශාල පාඩුවක්

පාකිස්තානය සමග සියලු ක්‍රිකට් තරග නතර කළ යුතුයි - ඉන්දියා පුහුණුකරු ගම්භීර්

පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරය: ඉන්දු-පාකිස්තාන සබඳතා බිඳ වැටීම ආසියානු ක්‍රිකට් කුසලානයට බලපාවිද?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...