සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
එම වාර්තාවල දැක්වෙන්නේ, බෙංගලූරුහි චින්නස්වාමි ක්‍රීඩාංගණයේ පැවති එම උත්සවයට රසිකයන් විශාල පිරිසක් සහභාගි වී සිටි බව ය.

ජීවිතක්ෂයට පත්වූවන් අතර කාන්තාවක ද වන බව මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ තවත් පුද්ගලයින් 50කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි.
RCB රසිකයින්ට ක්‍රීඩාංගණයට ඇතුළු වීම සඳහා ගේට්ටු විවෘත කළ අවස්ථාවේ විශාල පිරිසක් එකවර ඇතුළු වීමට උත්සහ කිරීමේදී එකිනෙකා තෙරපීමක් සිදුව තිබේ.
පොලිස් නිලධාරීන්ට ද තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වී තිබිණි.

අද දහවල් රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම ගාර්ඩ්න් සිටි වෙත ළඟා වූයේ වීදි දිගේ පෙළ ගැසී සිටි රසිකයින්ගේ ජය ඝෝෂා මධ්‍යයේ ය.
ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය ආරම්භයේ සිට අපේක්ෂාවෙන් සිටි ජයග්‍රහණය හිමි කර ගැනීමට ඊයේ (ජූනි 03) සමත් විය.

ඒ, අවසන් තරගයේදී පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 6ක ජයක් හිමි කර ගනිමිනි.
රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ, වසර 11කට පසුව ය.

(මුලාශ්‍ර : aruna.lk +BBC)
අවසන් තරඟයට අදාල විස්තර :
අංක 18 කමිසයෙන් 18 වැනි IPL කිරුළ දිනාගත් කෝලි ටෙස්ට් ක්‍රිකට් අගය කරයි



