(BCCI) සැලසුම් කරමින් සිටිනවා.
මැයි 16 වැනිදා සිට චෙන්නායි, බෙංගලුරු හා හයිදරාබාද් ක්‍රීඩාංගණවල තරගාවලියේ ඉතිරි තරග පැවැත්වීමට BCCI අදහස් කරනවා.
තරගාවලියේ සමහර කණ්ඩායම් කිහිපයක හිමිකරුවන් ඔවුන්ගේ සියලුම විදෙස් ක්‍රීඩකයන් ආපසු ඔවුන්ගේ රටවලට ගොස් ඇති බව සහ ඔවුන් නැවත ඉක්මනින් ගෙන්වා ගැනීමේ අපහසුතාව පිළිබඳව දන්වා තිබුන ද BCCI විසින් තරගාවලියේ නව තරග වැඩසටහන IPL කණ්ඩායම් හිමිකරුවන් වෙත ඊයේ රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතව තිබූ බව වාර්තා වනවා.
අයි.පී.එල්. තරගාවලිය අත්හිටුවූයේ සතියක කාලයකට බැවින් එහි ඉතිරි තරග සීමිත ක්‍රීඩාංගණවල ක්‍රීඩා කරමින් අවසාන තරගය කලින් නියමිත දිනය වූ මැයි 25 වෙනුවට මැයි 30 වැනිදා පැවැත්වීමේ හැකියාවක් තිබෙන බව BCCI ප්‍රකාශ කර තිබෙනවා.

‘පන්ජාබ් කිංග්ස්’ කණ්ඩායම හැරුනුවිට අනෙක් සියලුම කණ්ඩායම් ඔවුන්ගේ ක්‍රීඩාංගණවලට හෙට (අඟහරුවාදා) වන විට වාර්තා කරන ලෙසට BCCI දැනටමත් ඉල්ලා තිබෙන්නේ එවිට අයි.පී.එල්. තරගාවලිය සිකුරාදා වන විට නැවත ආරම්භ කිරීමට ඔවුන්ට හැකිවන බැවින්.
‘පන්ජාබ් කිංග්ස්’ කණ්ඩායම පසුව වාර්තා කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන්නේ මේ තරගාවලිය අත්හිටුවීමට හේතුවූ ධර්මසාලා තරගය අත්හැර දැමුනු සිද්ධියට එම ක්‍රීඩකයන් මුහුණ දුන් නිසා. විදෙස් ක්‍රීඩකයන් නැවත ඉන්දියාව ට ගෙන්වා ගැනීමේ ගමන් සැලසුම් පිළිබඳව ඔවුන්ව දැනුවත් කරන ලෙසට ද ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය කණ්ඩායම් හිමිකරුවන්ට දන්වා ඇතැයි වාර්තා වනවා.
| අත්හැර දැමුණ්‍ර ධර්මසාලා තරගය @ BCCIඅයි.පී.එල්. තරගාවලිය BCCI විසින් සිකුරාදා නිල වශයෙන් අත්හිටුවීමෙන් පසුව විදෙස් ක්‍රීඩකයන්ගෙන් බොහෝ දෙනෙක් හා සහාය කාර්ය මණ්ඩල ඔවුන්ගේ රටවල් බලා පිටත්ව ගියා. දැන්, ඔවුන් නැවත ගෙන්වා ගැනීමටයි එම කණ්ඩායම්වල හිමිකරුවන් වෙහෙසෙමින් සිටින්නේ.
තරගාවලියේ තවත් තරග 12ක් ඉතිරිව තිබියදී, එම තරග සම්පූර්ණ කිරීමට BCCI ට අවම වශයෙන් සති දෙකක් අවශ්‍ය වන්නේ පිළිමළුන් පිටු දැකීමේ තරග හා අවසාන තරගයට අවම වශයෙන් දින හයක් ගතවන නිසා. ඊටත් තරගාවලිය සම්පූර්ණ කිරීම පිණිස ඔවුන්ට දැන් සති දෙකක කාලයක් පමණක් ඉතිරිව තිබෙන තත්ත්වය මත, එකම දිනයේ පිට පිට තරග දෙකක් පැවැත්වීමේ ක්‍රියාවලිය වැඩි කිරීමට සැලසුම් කරමින් සිටින බව ද වාර්තා වනවා.
(සටහන | වර්නන් ගුණසේකර)ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
සබැඳි පුවත් :
කල්දැමුනු IPL තරගාවලිය එංගලන්තයේ පැවැත්වීමට යෝජනාවක්
ගල්ෆ් දේශයේ සැලසුම අසාර්ථක වීමෙන් PSL දින නියමයක් නැති කල්යයි
ඉන්දු පාකිස්තාන යුද්ධය හමුවේ IPL තරගාවලිය අත්හිටුවයි
ඉන්දියානු ක්‍රිකට් වර්ජනයකින් පාකිස්තානය හා බංග්ලාදේශයට විශාල පාඩුවක්
පාකිස්තානය සමග සියලු ක්‍රිකට් තරග නතර කළ යුතුයි - ඉන්දියා පුහුණුකරු ගම්භීර්
පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරය: ඉන්දු-පාකිස්තාන සබඳතා බිඳ වැටීම ආසියානු ක්‍රිකට් කුසලානයට බලපාවිද?