The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
ක්‍රීඩා

IPL 2024: ප්‍රහාරාත්මකම ආරම්භ පිතිකරු යුගල කවුද?

T

The Leader Desk

May 10, 2024 • 4:26 AM

IPL 2024: ප්‍රහාරාත්මකම ආරම්භ පිතිකරු යුගල කවුද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියානු ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වාර්තා පොත් අලුත් කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම (මැයි මස 08 වෙනිදා) සමත් විය.
  • ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ( මැයි මස 8 වැනිදා) සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග පැවති තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේදී කඩුලු 04ක් දැවී ලකුණු 165ක් රැස් කිරීමට සමත් විය.
  • එහිදී ආයුෂ් බදෝනී පන්දු 30 කදී ලකුණු 55ක් ද, නිකලස් පුරාන් පන්දු 26 කින් ලකුණු 48ක් රැස් කිරීමට සමත් විය.
  • දක්ෂ පන්දු යැවීමක නිරත වූ බුවනේෂ්වර් කුමාර් ලකුණු 12 කට කඩුලු දෙකක් දවා ගනු ලැබීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමග පැවති තරගයේදී ය.

මේ අතර මෙතෙක් ශ්‍රී ලංකාවේ ජාතික වරම් නොලැබූ දඟ පන්දු ක්‍රීඩක විජෙයකාන්ත් වියෙස්කාන්ත් මෙම තරගයේද IPL වරම් ලැබීමට සමත් වීම විශේෂත්වයකි.


තරගයේදී මොකද වුනේ ?


ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ( මැයි මස 8 වැනිදා) සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග පැවති තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේදී කඩුලු 04ක් දැවී ලකුණු 165ක් රැස් කිරීමට සමත් විය.

එහිදී ආයුෂ් බදෝනී පන්දු 30 කදී ලකුණු 55ක් ද, නිකලස් පුරාන් පන්දු 26 කින් ලකුණු 48ක් රැස් කිරීමට සමත් විය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ බුවනේෂ්වර් කුමාර් ලකුණු 12 කට කඩුලු දෙකක් දවා ගනු ලැබීය.


වියෙස්කාන්ත් ගේ දක්ෂතාවය


මේ අතර විජෙයකාන්ත් වියෙස්කාන්ත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කරමින් සිය මංගල IPL තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාකර ගන්නා ලදී.

වනිදු හසරංග ආබාධයකට ලක්වීම නිසා මෙවර IPL තරගාවලියෙන් ඉවත්වීම හේතුවෙන් වියෙස්කාන්ත්ව සන්රයිසස් කණ්ඩායමට කැඳවීමට කණ්ඩායමේ කළමනාකාරීත්වය තීරණය කරන ලදී.

සිය මංගල IPL තරගය ක්‍රීඩා කිරීමට වරම් ලැබූ වියෙස්කාන්ත් තමන් ක්‍රීඩා කළ පළමු තරගයේදී දක්ෂ පන්දු යැවීමක නිරත විය.


වියෙස්කාන්ත් විසින් තමන් යැවු පන්දුවාර 04 දී ලබා දුන්නේ ලකුණු 27ක් පමණි.

ඔහුගේ පන්දු යැවීමේ සාමාන්‍යය දැක්වුණේ පන්දු වාරයකට ලකුණු 6.75ක් ලෙස ය.

වියෙස්කාන්ත් විසින් යවන ලද පළමු පන්දු වාර තුනේදී ප්‍රතිවාදී ලක්නව් පිතිකරුවන්ට රැස් කර ගැනීමට හැකියාව ලැබුනේ ලකුණු 15ක් පමණි.



ට්‍රැවිස් හෙඩ් සහ අභිෂේක් ෂර්මා විසින් මෙම ලකුණු හඹා යාමේ දී හයේ පහරවල් 16ක් සහ හතරේ පහරවල් 14ක් එල්ල කරන ලදී

වාර්තා බිඳ වැටුණු හඹා යාම


ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ලබා දුන් ලකුණු 166ක ඉලක්කයක් හඹා යාමට පැමිණි සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වන ට්‍රැවිස් හෙඩ් සහ අභිෂේක් ෂර්මා සිය ඉලක්කය කෙටි කාලයක් තුළදී සම්පුර්ණ කිරීමට සමත් වුයේ IPL සහ විස්සයි 20 ඉතිහාසයේ වාර්තා පොත් අලුත් කරමිනි.


ට්‍රැවිස් හෙඩ් සහ අභිෂේක් ෂර්මා විසින් පන්දු වාර 9.4 ක් තුළදී ලකුණු 167ක් රැස් කරමින් IPL ඉතිහාසයේ වේගවත්ම ලකුණු හඹා යාමේ වාර්තාවට හිමිකම් කියමින් එම ඉලක්කය පසුකර ගියේ තවත් පන්දු 62ක් යැවීමට ඉතිරිව තිබියදී විම විශේෂත්වයකි.

එමෙන්ම ඕනෑම විස්සයි 20 තරගයකදී පළමු පන්දු වාර 10ක් තුළදී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස ද මෙම ඉනිම වාර්තා පොත් අතරට එක්විය.

ට්‍රැවිස් හෙඩ් සහ අභිෂේක් ෂර්මා විසින් මෙම ලකුණු හඹා යාමේ දී හයේ පහරවල් 16ක් සහ හතරේ පහරවල් 14ක් එල්ල කරන ලදී.

එමෙන්ම IPL තරගාවලියකදී කණ්ඩායමක් විසින් වාර්තා කළ වැඩිම හයේ පහරවල් සංඛ්‍යාව වාර්තා කළ කණ්ඩායම බවට පත්වීමට ද සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය.

මෙවර තරගයේදී මේ දක්වා ඔවුන් ක්‍රීඩා කළ තරග 12 තුලදී හයේ පහරවල් 146ක් එල්ල කිරීමට සමත්ව ඇත.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම 2018 වසරේ පැවති IPL තරගාවලියේදී තරග 16 කට ක්‍රීඩා කරමින් හයේ පහරවල් 145ක් එල්ල කිරීමට සමත් විය.


‘මට විස්තර කරන්න වචන නැහැ කියන්න’

 

rahulකේ.එල්. රාහුල්

සන්රයිසස් කණ්ඩායමේ ප්‍රබල පිති ප්‍රහාරය ගැන තරගයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ නායක කේ.එල්. රාහුල් පැවසුවේ තමන්ට ඒ ගැන විස්තර කිරීමට වචන නොමැති බවය.

"අපි රූපවාහිනියෙන් එවැනි පිතිහරඹයක් නැරඹුවා, නමුත් මෙය යථාර්ථවාදී නොවන පිතිකරණයක් . ඔවුන් පන්දුවට පහර දුන් ආකාරය විස්තර කිරීමට මට වචන නැහැ. ඔවුන් ගේ දක්ෂතාවය ගැන සතුටු වනවා" ඔහු පැවසුවේය.

 


කලින්ම IPL තරගාවලියෙන් නික්මුණු කණ්ඩායම

 

bb7346c15395387ab638882d5f612804IPL තරගාවලියේ දී පළමුවෙන් ඉවත්වන කණ්ඩායම බවට පත්වූයේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම ය.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ( මැයි මස 08 වෙනිදා) ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව වාර්තා කළ කඩුලු 10ක ජයග්‍රහණයත් සමග මෙවර තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ඉරණම තීරණය විය.

ඒ අනුව මෙවර IPL තරගාවලියේ දී පළමුවෙන් ඉවත්වන කණ්ඩායම බවට පත්වූයේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම ය.



මෙවර IPL තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේ පිළිවලින් ලකුණු 16 බැගින් ලබා ගෙන සිටින කොල්කටා නයිට් රයිඩර්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් වේ.

එමෙන්ම ලකුණු 14ක් ලබා ගෙන සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම තෙවන ස්ථානයෙත්, ලකුණු 12ක් ලබා ගෙන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සිව්වන ස්ථානයේත් පසුවේ.

තරග 12 කට ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 08ක් පමණක් ලබා ගනිමින් මෙවර IPL ප්‍රසාද ලකුණු සටහනේ 09 වන ස්ථානයේ පසුවෙයි.

(BBC සිංහල සේවය)
 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...