The Leader News
BREAKING
Top Ad
පුවත්

පාස්කු ප්‍රහාර වගකීම ISIS මත පැටවීමට 'ආණ්ඩුව උනන්දු ඇයි'?

T

The Leader Desk

August 14, 2021 • 8:03 AM

පාස්කු ප්‍රහාර වගකීම ISIS මත පැටවීමට 'ආණ්ඩුව උනන්දු ඇයි'?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාස්කු ඉරුදින ප්‍රහාරය අයි.එස්.අයි.එස්. සංවිධානයේ උරමත බලහත්කාරයෙන් පැටවීමට
  • ආමි මොහිදීන් හරහා තිබුණු ගනු දෙනු මොනවා ද කියල පාස්කු කොමිසන් සභාවේත් සඳහන් වෙලා තියෙනවා.
  • එත් ඒවා විමර්ෂණය කළා ද?'' යැයි ප්‍රශ්න කරමින් මාධ්‍යවේදීන් වෙත වැඩි දුරටත් කරුණු දක්වමින් අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් ආණ්ඩුවට චෝදනා කර සිටියේ, ''වවුනතිව් පොලිස් නිලධාරින් දෙදෙනෙක් ඝාතනය කිරීම පිටුපස කතාව විමර්ශණය කළා ද ?
  •   ''පොඩි මාළුන් දැලට අහුකරගෙන තෝරු මෝරුන්ට නිදහසේ යන්න දීලා'' යනුවෙන් මේ නඩු පැවරීම ගැන සිය අදහස් දැක්වූ අගරදගුරු මැල්කම් රංජිත්  කියා සිටියේ, මේ විමර්ශන ගැන කතෝලික සභාවට ප්‍රශ්නයක් ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
ආණ්ඩුව උත්සාහ ගන්නේ ඇයි දැයි කතෝලික සභාව ප්‍රශ්න කරයි.
 
කොළඹ අගරදගුරු නිවසේ 13 වැනි සිකුරාදා මාධ්‍යවේදීන් ඇමතූ අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් කියා සිටියේ  ''සොනික්'' නම් රාජ්‍ය බුද්ධි අංශ නිලධාරියෙක් මාතලේ සහරාන් ලවා ඉන්දුනීසියාවේ කිසිවෙකුට දුරකතනයෙන් අමතා පාස්කු ප්‍රහාරයේ වගකීම බාරගන්නා ලෙස බල කර සිටි බවයි.
 
''මෙම ප්‍රහාරය  අයි.එස්.අයි.එස්  එකෙන් කළාය කියල, ඒක අයි.එස්. අයි.එස්. උර  මත තබන්න එච්චර ලොකු උනන්දුවක් ගත්තේ ඇයි?  ප්‍රශ්න කර සිටින අගරදගුරු  මැල්කම් රංජිත්, ''ඒ කියන්නේ මෙහෙ කවුරු හරි කරපු කෙනෙක් ඒක හංගන්න උත්සහයක් දැරුවයි කියන එක'' යැයි කියා සිටී.
 
''යුද හමුදා බුද්ධි  අධ්‍යක්‍ෂක මේ සහාරාන් හෂීම් ගේ කණ්ඩායමත් එක්ක යම් යම් ගනු දෙනු තිබිලා තියෙනවා ඒ  මොනවද කියල අපිට ප්‍රශ්නයක් මතු වෙනවා. ආමි මොහිදීන් හරහා තිබුණු ගනු දෙනු මොනවා ද කියල පාස්කු කොමිසන් සභාවේත් සඳහන් වෙලා තියෙනවා. එත් ඒවා විමර්ෂණය කළා ද?'' යැයි ප්‍රශ්න කරමින් මාධ්‍යවේදීන් වෙත වැඩි දුරටත් කරුණු දක්වමින් අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් ආණ්ඩුවට චෝදනා කර සිටියේ, ''වවුනතිව් පොලිස් නිලධාරින් දෙදෙනෙක් ඝාතනය කිරීම පිටුපස කතාව විමර්ශණය කළා ද ? ටාජ් සමුද්‍ර හෝටලයේ දී බෝම්බ පුපුරවා ගැනීමට පැමිණි ජමිල් සමඟ ගනුදෙනු කළ හමුදා බුද්ධි නිලධාරියා කවුද ?'' යැයි ප්‍රශ්න කරමින්.
 
නව්ෆර් මව්ලවි,සාජිඩ් මව්ලවි, මොහොමඩ් මිල්හාන්, සදීක් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ නොහොත් ගපුර් මාමා,මොහොමඩ් සනස්දීන් සහ මොහොමඩ් රිස්වාන් ඇතුළු පුද්ගලයන් 25 කට එරෙහිව පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ බවට ආණ්ඩුව විසින්  ඉකුත් 10 වැනිදා මහාධිකරණයේ චෝදනා ගොනු කෙළේය.
 
''පොඩි මාළුන් දැලට අහුකරගෙන තෝරු මෝරුන්ට නිදහසේ යන්න දීලා'' යනුවෙන් මේ නඩු පැවරීම ගැන සිය අදහස් දැක්වූ අගරදගුරු මැල්කම් රංජිත්  කියා සිටියේ, මේ විමර්ශන ගැන කතෝලික සභාවට ප්‍රශ්නයක් ඇති බවයි.
 
 ඒ  අනුව පාස්කු ප්‍රහාරය පිළිබඳව නිසි පරික්ෂණයක් නොකිරීම ගැන ආණ්ඩුවට විරෝධය දක්වා කතෝලික සභාව විසින් අගෝස්තු 21 වැනිදා කළු කොඩි දිනයක් ප්‍රකාශයට පත් කොට තිබේ.  
 

සබැඳි පුවත් :
 

 


 

THE LEADER TV 
 
 
 

නාමල්කරණයට යටකළ එන්නත්කරණය!

 

හමුදාපතිත් නොදන්නා කොරෝනා දත්ත විකෘති කළ අය මෙන්න!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...