The Leader News
BREAKING
වසර 12ක කම්කරු පාලනය බිඳ දමමින් ජෙස් විල්සන් අගමැති පුටුවට●ජර්මානු ගෝල් රකින්නාගේ බිරිඳගෙන් සැමියාට දැඩි ප්‍රහාරයක්●පැරණි ටයර් 1,300කින් තැනූ විදුලි බිලක් නැති සුපිරි නිවස●වසර පහකට පසුව කඩුලු නැහැ: ජස්ප්‍රිට් බුම්රා ට මොකද වෙන්නේ..?●සරසවි අනධ්‍යයන වර්ජනය: ආර්ථික ස්ථාවරත්වය ජනතාවට දැනෙන්නේ කවදාද?●පන්දුව පළුදු කිරීම ගැන කවාජාගෙන් ඉන්දියාවට, පාකිස්තානයට සහ දකුණු අප්‍රිකාවට චෝදනා●සාගර ආර්ථිකය සහ ස්වාධීනත්වය රැකගැනීමට ශ්‍රී ලංකා - නවසීලන්ත එකමුතුවක්●2027 අයවැයෙන් මෙරට කෘෂිකර්මාන්තයට මඟහැරුණු සැබෑ අවස්ථා මොනවාද?●ඕස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලාංකිකයන් 12ක් වහාම හරවා එවයි●ඕස්ට්‍රේලියාවේ සිට වීසා අයදුම් කරන විදේශිකයන්ට හදිසි මූල්‍ය බරක්●
Top Ad
ක්‍රීඩා

වසර පහකට පසුව කඩුලු නැහැ: ජස්ප්‍රිට් බුම්රා ට මොකද වෙන්නේ..?

Pasan

Pasan

November 28, 2026 • 7:19 PM

වසර පහකට පසුව කඩුලු නැහැ: ජස්ප්‍රිට් බුම්රා ට මොකද වෙන්නේ..?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්තමාන ක්‍රිකට් ලෝකයේ සිටින වඩාත්ම බියජනක ආරම්භක වේග පන්දු යවන්නෙකු වන ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්රා ට කුමක්දෝ අසාමාන්‍ය දෙයක් සිදුවෙමින් තිබෙනවා.
  • ඉන්දියාවේ ප්‍රමුඛතම වේග පන්දු යවන්නා වන බුම්රා දැන් මේ සංචාරයේදී එකම කඩුල්ලක් හෝ ලබා නොගෙන ඕවර 45.4ක් යවා තිබෙනවා.
  • එතැන් සිට බුම්රා කිසිම සාර්ථකත්වයක් නැතිව පළමු ටෙස්ට් තරගයේ ඕවර 19.4ක් යැවීමෙන් පසුව ක්‍රයිස්ට්චර්ච් හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තවත් ඕවර 26ක් යවා තිබෙනවා.
  • බුම්රා 26-6-49-0කින් ඔහුගේ පන්දු යැවීම අවසන් කළේ ඕවරයකට ලකුණු 1.88ක් පමණක් ලබා දෙමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

වර්තමාන ක්‍රිකට් ලෝකයේ සිටින වඩාත්ම බියජනක ආරම්භක වේග පන්දු යවන්නෙකු වන ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්රා ට කුමක්දෝ අසාමාන්‍ය දෙයක් සිදුවෙමින් තිබෙනවා.

ඉන්දියා කණ්ඩායම මේ දිනවල නවසිලන්තයේ සංචාරයක යෙදී සිටින අතර එහිදී බුම්රා වසර පහකට පසුව ප්‍රථම වතාවට විදෙස් ටෙස්ට් තරගයක පළමු ඉනිමේදී කඩුල්ලක් ලබා ගැනීමට අසමත් වුණා. ඒ, ක්‍රයිස්ට්චර්ච් හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී.

ඉන්දියාවේ ප්‍රමුඛතම වේග පන්දු යවන්නා වන බුම්රා දැන් මේ සංචාරයේදී එකම කඩුල්ලක් හෝ ලබා නොගෙන ඕවර 45.4ක් යවා තිබෙනවා. ඔහු වෙලිංටන් හි පැවති පළමු ටෙස්ට් තරගයේ නවසිලන්ත දෙවැනි ඉනිමේ දෙවැනි පන්දුවෙන් ටොම් ලේදම් දවාලුවා. එතැන් සිට බුම්රා කිසිම සාර්ථකත්වයක් නැතිව පළමු ටෙස්ට් තරගයේ ඕවර 19.4ක් යැවීමෙන් පසුව ක්‍රයිස්ට්චර්ච් හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තවත් ඕවර 26ක් යවා තිබෙනවා. බුම්රා ඊයේ (සිකුරාදා) ඔහුගේ පළමු ඕවරයේදී ලේදම් දවාලීමේ ආසන්නයට පැමිණියද එහි නැවත පිරික්සුමකින් පසුව දැවී යාමෙන් බේරී සිටීමට නවසිලන්ත නායකයාට හැකිවුණා.

බුම්රා 26-6-49-0කින් ඔහුගේ පන්දු යැවීම අවසන් කළේ ඕවරයකට ලකුණු 1.88ක් පමණක් ලබා දෙමින්. දැන් පැවැත්වෙන ටෙස්ට් තරගය ද ඇතුළුව තරග 54ක් හරහා ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් පන්දු යැවීමේ සාමාන්‍යය ද දැන් 19.93 සිට 20.09 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පන්දු යවන ඉරියව්වේ වෙනසක්

පළමු දින තරගයේ දිවා ආහාරයෙන් පසුව බුම්රා පන්දු යවද්දී ඔහුගෙන් දිස්වූ වෙනසක් පිළිබඳව ක්‍රිකට් ලෝකයේ අවධානය යොමුව තිබෙනවා. ඔහු ඔහුගේ අත් දෙක ම එකට තබා නොගෙන දිව යන අයුරු දර්ශනය වූ අතර මෙය ඔහුගේ සුපුරුදු පන්දු යැවීමේ ඉරියව්වෙන් අසාමාන්‍ය ලෙස බැහැර වීමක් වුණා.

බුම්රා පන්දු යැවීමට දිව එන ආකාරය, ක්‍රියාව හා පන්දුව මුදා හැරීම කැපී පෙනෙන ලක්ෂණයක් වන අතර ඔහු එම ඉරියව්වෙන් වෙනස් වන්නේ ම නැහැ. ඒ පන්දු යැවීමේ වාරයේදී ඔහුගේ වේගයේ මඳ අඩුවීමක් ද දිස්වූයේ ඔහු කඩුලු ලබා ගැනීම පිණිස වෙනස් යමක් සිදු කිරීමට උත්සාහ කරන්නේ ද යන ප්‍රශ්නාර්ථයක් මතු කරමින්.

මෙය බුම්රා විදෙස් හෝ මධ්‍යස්ථ තණතීරුවක ක්‍රීඩා කළ ටෙස්ට් තරගවල පළමු ඉනිම 38කදී කඩුලු ලබා නොගත් සිවු වැනි අවස්ථාව වනවා. මේ සෑම ඉනිමකදී ම ඔහු ඔ්වර 20කට වැඩියෙන් පන්දු යවා තිබෙනවා.

*සෙන්චූරියන් හිදී දකුණු අප්‍රිකාව ට එරෙහිව (ජනවාරි 2018): ඕවර 22 - ලකුණු ලබා නොදුන් ඕවර 6 - ලකුණු 60 - කඩුලු 0. පිරිමැස්ම 2.72 යි.

*සවුත්ඇම්ප්ටන් හිදී නවසිලන්තය ට එරෙහිව (ජූනි 2021, ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසාන තරගය): 26-9-57-0. පිරිමැස්ම 2.19 යි.

*ලෝඩ්ස් හිදී එංගලන්තය ට එරෙහිව (අගෝස්තු 2021): 26-6-79-0. පිරිමැස්ම 3.03 යි.

*ක්‍රයිස්ට්චර්ච් හිදී නවසිලන්තය ට එරෙහිව (නොවැම්බර් 2026): 26-6-49-0. පිරිමැස්ම 1.88 යි.

ක්‍රයිස්ට්චර්ච් පන්දු යැවීම 2021 වසරේ අගෝස්තුවේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති ටෙස්ට් තරගයෙන් පසුව විදේශීය ටෙස්ට් තරගයක බුම්රාගේ ප්‍රථම කඩුලු රහිත පළමු ඉනිම වනවා. කඩුලු ලබා නොගත්ත ද ඔහුට එරෙහිව සෑම ලකුණක් ම ලබා ගැනීම සඳහා නවසිලන්තය ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවන තැනට වගබලා ගැනීමට බුම්රා සමත් වුණා.

- වර්නන් ගුණසේකර
ක්‍රීඩා සංස්කාරක

වර්නන් ගුණසේකර

ක්‍රීඩා සංස්කාරක

ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැකීම් සහිත, ක්‍රීඩා විශ්ලේෂණය සහ වාර්තාකරණය තුළ සිය අනන්‍යතාවක් ගොඩනගාගත් ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන අතර, ‘ද ලීඩර්’ පුවත් වෙබ් අඩවියේ ක්‍රීඩා සංස්කාරක ලෙස කටයුතු කරයි.

View all stories by වර්නන් ගුණසේකර
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...