The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉන්දියානු අභියෝගය සමග එන KFL සටන් රාත්‍රිය 27දා

T

The Leader Desk

July 21, 2024 • 10:16 AM

ඉන්දියානු අභියෝගය සමග එන KFL සටන් රාත්‍රිය 27දා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙවර තරගාවලිය සඳහා ඉන්දියානු සටන් ශිල්පීන් හය දෙනෙක් සහභාගි වන බවට වාර්තා වනවා.
  • තරුණ නිර්මාණශීලී කණ්ඩායමක අදහසකින් උපන් මේ තරගාවලිය පසුගිය වසරේ අගෝස්තු මස 26 වැනිදා කොළඹදී පැවැත්වුනේ දැවැන්ත ප්‍රේක්ෂක ආකර්ෂණයක් සමග.
  • ඒ අනුව ශ්‍රී ලංකා අපරාජිත KFL ශූරිය වන නිමේෂා කුමාරි ට වෘත්තීය සටන් ක්‍රීඩිකාවක ලෙස සටන් කලාවේ නියැලීම සඳහා Asian Security Group ආයතනයේ පූර්ණ අනුග්‍රහය ලබා දීමට තීරණය කර තිබෙනවා.
  • නිමේෂා කුමාරි මේ දැවැන්ත අනුග්‍රහය යටතේ නිමේෂා කුමාරි ට වෘත්තීමය දීමනාවක්, පුහුණුවීම් හා පුහුණුකරුවන් සඳහා දීමනාවක් මෙන්ම ඇගේ වෛද්‍ය කටයුතු සඳහා දීමනාවක් ඇතුළුව වෘත්තීය සටන්කරුවකු ලෙස සෑම අංශයකින්ම ආවරණය වන අන්දමේ දීමනා ලබා දෙමින් සන්නාම තානාපති තත්ත්වයක් ද ලබා දී තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙවර තරගාවලිය සඳහා ඉන්දියානු සටන් ශිල්පීන් හය දෙනෙක් සහභාගි වන බවට වාර්තා වනවා. එදා මෙදා තුර සටන් බිමක සිටින වැඩිම විදේශීය සටන් ක්‍රීඩක සංඛ්‍යාවක් දිවයිනට පැමිණෙන ප්‍රථම අවස්ථාවයි මේ. පසුගිය වසරේ පැවති තරගාවලියට සහභාගි වූයේ එක් ඉන්දියානු තරගකරුවෙක් පමණයි.

 

මෙවර තරගාවලිය සඳහා ඉන්දියානු සටන් ශිල්පීන් හය දෙනෙක් සහභාගි වන බවට වාර්තා වනවා.
තාරුණ්‍යයේ ජනප්‍රිය මිශ්‍ර සටන් කලාව වන KFL උන්මාදය දැන් දකුණු ආසියාව පුරා පැතිර යමින් තිබෙනවා.

KFL යනු ශ්‍රී ලංකා සටන් ක්‍රීඩා ඉතිහාසයේ ‌ෙඑතිහාසික හැරවුමක්. තරුණ නිර්මාණශීලී කණ්ඩායමක අදහසකින් උපන් මේ තරගාවලිය පසුගිය වසරේ අගෝස්තු මස 26 වැනිදා කොළඹදී පැවැත්වුනේ දැවැන්ත ප්‍රේක්ෂක ආකර්ෂණයක් සමග.

මීට පෙර අත්විඳ නැති ආකාරයේ අත්දැකීමක් මෙරට සටන් ක්‍රීඩා කලාවට එක් කිරීමේ අරමුණින් ආරම්භ වූ මේ ‘කර්මා ෆයිට් ලීග්’ තරගාවලියෙන් වෘත්තීය සටන්කරුවෙක් නිර්මාණය කිරීමටත් මෙතෙක් නොලැබුනු මූල්‍යමය වටිනාකමක් ඒ සටන් ශිල්පියාට ලබා දීමටත් මේ කණ්ඩායම කටයුතු කර තිබෙනවා.

 

ඒ අනුව ශ්‍රී ලංකා අපරාජිත KFL ශූරිය වන නිමේෂා කුමාරි ට වෘත්තීය සටන් ක්‍රීඩිකාවක ලෙස සටන් කලාවේ නියැලීම සඳහා Asian Security Group ආයතනයේ පූර්ණ අනුග්‍රහය ලබා දීමට තීරණය කර තිබෙනවා.

 

Karma Fight League: ලංකාවේ කුමාරි ඉන්දියාවේ ගයාරි පරාජය කරයිනිමේෂා කුමාරි


මේ දැවැන්ත අනුග්‍රහය යටතේ නිමේෂා කුමාරි ට වෘත්තීමය දීමනාවක්, පුහුණුවීම් හා පුහුණුකරුවන් සඳහා දීමනාවක් මෙන්ම ඇගේ වෛද්‍ය කටයුතු සඳහා දීමනාවක් ඇතුළුව වෘත්තීය සටන්කරුවකු ලෙස සෑම අංශයකින්ම ආවරණය වන අන්දමේ දීමනා ලබා දෙමින් සන්නාම තානාපති තත්ත්වයක් ද ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ අනෙකුත් ක්‍රීඩාවන්හි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සන්නාම තානාපතිවරුන් ලෙස කටයුතු කිරීමට අවස්ථාව හිමි වූවත් සටන් ශිල්පීන්ට එය ඉතා විරල අත්දැකීමක්. බොක්සිං නොවන සටන් ක්‍රීඩාවක නියැලී සිටින ක්‍රීඩිකාවකට සන්නාම තානාපතිත්වය ලබා දුන් පළමු අවස්ථාවයි මේ. මේ අකාරයෙන්, දිවයින පුරා විසිරී සිටින දක්ෂ සටන්කරුවන් ජාත්‍යන්තරයට රැගෙන යාම Asian Security Group හි ඒකායන අරමුණ වී තිබෙනවා.

KFL සටන් තරගාවලිය සාර්ථකව නිමාවේ - දෙවන අදියර ළඟදීමKFL Season 1 සටන්කරුවන් වෙනුවෙන් වෙන් කෙරුණු ත්‍යාග මුදල රුපියල් ලක්ෂ හතරකට වැඩියි

 

KFL Season 1 සටන්කරුවන් වෙනුවෙන් වෙන් කෙරුණු ත්‍යාග මුදල රුපියල් ලක්ෂ හතරකට වැඩියි. මෙවර එය රුපියල් මිලියන 1.2 ඉක්මවා යනවා. 

KFL වෙනුවෙන් K-1 සටන් ක්‍රමවේදය එක්කර ගැනීම නවමු වෙනසකට මං විවර කිරීමක්. K-1 ජපානයේ ආරම්භ වී උන්මාදයක් මෙන් ඉතා සීඝ්‍රයෙන් පැතිර ගිය ද, 2008 වසරේදී එය බිඳ වැටුනා.

එහෙත් වර්තමානයේ මේ සටන් ක්‍රීඩාව ලොව පුරා වේගයෙන් ජනප්‍රිය වෙමින් තිබෙනවා. K-1 සටන් ශිල්පයේ ප්‍රධාන අරමුණ කුංෆූ, කරාටේ, මුවාතායි හා බොක්සිං යනාදී විවිධ සටන් ක්‍රම එක ම වේදිකාවකට ගෙන ඒම. ශ්‍රී ලංකාව තුළ විසිරී සිටින විවිධ සටන් ශිල්පීන් මිශ්‍ර සටන් කලා වේදිකාවක රංගනයේ යෙදෙන දුර්ලභ අවස්ථාව ක්‍රීඩා ලෝලී නරඹන්නන්ට ලබා දීමට KFL කණ්ඩායම සමත් වුනා.

KFL සටන් රාත්‍රීන් දෙකක් මේ වන විට සාර්ථකව පවත්වා තිබෙනවා. එළඹෙන ජූලි 27 වැනිදා පැවැත්වෙන්නේ එහි තෙවැන්නයි. මෙහි විනිශ්චය මණ්ඩලයේ කටයුතු කරන්නේ KFL සම-නිර්මාතෘ හා නිෂ්පාදක ඉල්හාම් හොසන්, සටන් ක්‍රීඩා අධ්‍යක්ෂ දයාන් සමරසේකර, මහජන සම්බන්ධතා හා සන්නිවේදන අධ්‍යක්ෂ ශාම් ඉම්පෙට්, ඒශියන් සෙකියුරිටි ආයතනය නියෝජනය කරමින් දිමන්ත ජයවර්ධන, නිමේෂා කුමාරිගේ පුහුණුකරු ජමිත ගයාන් හා නිමේෂා කුමාරි.

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...