The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

KFL Season 3: විවෘත බර පංති ශූරතාවලිය 27දා

T

The Leader Desk

July 24, 2024 • 4:02 PM

KFL Season 3: විවෘත බර පංති ශූරතාවලිය 27දා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අවස්ථාව The Taprobane හි ජූලි 27 වැනිදා පැවැත්වෙන KFL Season 3 සටන් රාත්‍රියේදී ක්‍රීඩා ලෝලීන්ට ලැබී තිබෙනවා.
  • Open Weight Championship මුල් වරට හඳුන්වා දුන්නේ KFL Season 2 සටන් රාත්‍රියේ.
  • අමරසිංහගේ සුළු වැරැද්දකින් උපරිම ප්‍රයෝජන ගනිමින් ඔහුව බිම හෙලූ Tazo සෑම මොහොතකම සිටින්නේ සෙසු ප්‍රතිවාදීන්ට වඩා පියවරක් ඉදිරියෙන් බැවින් ඔහුගෙන් විස්මිත හපන්කමක් 27 වැනිදා ප්‍රදර්ශනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
  • Muay Thai, Wushu, Jeet Kune Do වැනි සටන් ක්‍රම දන්නා ඔහුගේ නියම දක්ෂතාව මෙතෙක් ප්‍රදර්ශනය වී නැති බවයි බොහෝ දෙනා පවසන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

අවස්ථාව The Taprobane හි ජූලි 27 වැනිදා පැවැත්වෙන KFL Season 3 සටන් රාත්‍රියේදී ක්‍රීඩා ලෝලීන්ට ලැබී තිබෙනවා.

මේ තරග බලගන්වන්නේ Abans ආයතනය.

Open Weight Championship මුල් වරට හඳුන්වා දුන්නේ KFL Season 2 සටන් රාත්‍රියේ. මේ වසර මුල පැවති එම විවෘත බර පංති ශූරතාවලියේ සටන් වැදුනු තරගකරුවන් අට දෙනෙක් අතරින් සිවු දෙනෙක් දෙවැනි වටයට තේරී සිටිනවා. ලක්සිරි සිල්වා, සිල්වෙස්ටර් සිල්වා, ගිහාන් ‘sonic’ ප්‍රසන්න හා ජෝජියාවේ Tazo Shubitidze එම ක්‍රීඩකයන්.

xfg5e36456
පෙර පරිදි ම දෙවැනි වටයේදීත් තරගකරුවන් ඔවුන්ගේ ප්‍රතිවාදීන් කවුරුන්ද යන්න දැන ගන්නේ සටන් රාත්‍රිය දවසේ ම පවත්වන කුසපත් ඇදීමෙන්.

‘කර්මා ෆයිට් ලීගයේ’ දෙවැනි වටයට පිවිස සිටින ජෝජියානු සටන්කරුවා කෙරෙහි වැඩි අවධානයක් යොමුව තිබෙනවා. මීට හේතුව වන්නේ තවමත් විසි වැනි වියේ පසුවන ඔහු පළමු වටයේදී ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සටන්කරු වන මලින්ද අමරසිංහ පරාජය කිරීම.

අමරසිංහගේ සුළු වැරැද්දකින් උපරිම ප්‍රයෝජන ගනිමින් ඔහුව බිම හෙලූ Tazo සෑම මොහොතකම සිටින්නේ සෙසු ප්‍රතිවාදීන්ට වඩා පියවරක් ඉදිරියෙන් බැවින් ඔහුගෙන් විස්මිත හපන්කමක් 27 වැනිදා ප්‍රදර්ශනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

විසිහත් හැවිරිදි ගිහාන් ‘sonic’ ප්‍රසන්න නිහඬ උපායශීලී ප්‍රහාරකයෙක්. Muay Thai, Wushu, Jeet Kune Do වැනි සටන් ක්‍රම දන්නා ඔහුගේ නියම දක්ෂතාව මෙතෙක් ප්‍රදර්ශනය වී නැති බවයි බොහෝ දෙනා පවසන්නේ. ඔහුගේ Left Kicks සහ Upper Cuts ප්‍රහාර සෙනසුරාදා දැක ගන්නට ලැබේවි.

ddsfdf
කුරුණෑගල සටන් පරපුරේ ප්‍රබල තරගකරුවෙකි ලක්සිරි සිල්වා. තමාට තිබෙන දරා ගැනීමේ හැකියාවේ තරම ඔහු විවෘත බර පංති ශූරතාවලියේ පළමු වටයේදී පෙන්වා තිබෙනවා.

සිල්වෙස්ටර් සිල්වා යනු කුරුණෑගලින් බිහිවූ තවත් දක්ෂ සටන්කරුවෙක්. වයස අවුරුදු 39ක් වන සිල්වෙස්ටර් සහ ලක්සිරි එකට පුහුණුවේ යෙදෙන සටන් සගයන් දෙදෙනෙක්.

මේ දෙදෙනා එළඹෙන 27 වැනිදා එකට මුණගැසුනොත්, වෙනස් ම විදියේ සටනක් බලාපොරොත්තු වන්න පුළුවන්.

xfgwe4tr4
මේ විශිෂ්ට ක්‍රීඩකයන් සිවු දෙනාගේ අවසන් සටන් දැක ගන්න ජූලි 27 වැනිදා The Taprobane වෙත පැමිණෙන්නැයි සංවිධායකයන් මිශ්‍ර සටන් ක්‍රීඩා ලෝලීන්ට ආරාධනය කරනවා.

ප්‍රවේශ පත් වෙන් කරවා ගන්න 0760003232 අංකයට ඇමතුමක් දෙන්න. My Table app (tickets.karmafightleague.com) ඔස්සේත් ප්‍රවේශ පත් වෙන් කරවා ගන්න පුළුවන්.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

KFL Season 3: විවෘත බර පංති ශූරතාවලිය 27දා | The Leader