The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

LA 2028: එංගලන්තය හා ස්කොට්ලන්තයෙන් ඒකාබද්ධ ක්‍රිකට් කණ්ඩායමක්

T

The Leader Desk

April 19, 2025 • 3:54 PM

LA 2028: එංගලන්තය හා ස්කොට්ලන්තයෙන් ඒකාබද්ධ ක්‍රිකට් කණ්ඩායමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රිකට් මණ්ඩල සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
  • ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අලුතින් එක්වන ක්‍රීඩා පහෙන් එකක් වන ක්‍රිකට් ඔලිම්පික් තරග බිමට නැවත පැමිණෙන්නේ වසර 128කට පසුව.
  • විස්සයි20 ක්‍රමවේදයෙන් පැවැත්වෙන මේ ක්‍රිකට් තරගාවලියට පිරිමි හා කාන්තා කණ්ඩායම් හය බැගින් සහභාගි වීමට නියමිතව තිබෙනවා.
  • විස්සයි20 ක්‍රිකට් ලෝක ශ්‍රේණිගත කිරීම්වල එංගලන්තයේ කාන්තා කණ්ඩායම දෙවැනි ස්ථානයේත්, පිරිමි කණ්ඩායම තෙවැනි ස්ථානයේත් පසුවනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ක්‍රිකට් මණ්ඩල සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට අලුතින් එක්වන ක්‍රීඩා පහෙන් එකක් වන ක්‍රිකට් ඔලිම්පික් තරග බිමට නැවත පැමිණෙන්නේ වසර 128කට පසුව. විස්සයි20 ක්‍රමවේදයෙන් පැවැත්වෙන මේ ක්‍රිකට් තරගාවලියට පිරිමි හා කාන්තා කණ්ඩායම් හය බැගින් සහභාගි වීමට නියමිතව තිබෙනවා.

විස්සයි20 ක්‍රිකට් ලෝක ශ්‍රේණිගත කිරීම්වල එංගලන්තයේ කාන්තා කණ්ඩායම දෙවැනි ස්ථානයේත්, පිරිමි කණ්ඩායම තෙවැනි ස්ථානයේත් පසුවනවා. ස්කොට්ලන්තය මේ එකම අංශයක හෝ ඉහළම කණ්ඩායම් 10 අතර නැහැ.

එංගලන්ත හා වේල්ස ක්‍රිකට් මණ්ඩලය (ECB) සමග සාර්ථක කාර්ය සබඳතාවක් තමන්ට තිබෙන බවත් එබැවින් ‘මහා බ්‍රිතාන්‍ය ක්‍රිකට් කණ්ඩායමක්’ (Team GB Cricket) ස්ථාපනය කිරීම පිණිස ඔවුන් සමග සාකච්ඡා කරමින් සිටින බවත් ස්කොට්ලන්ත ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධාන විධායක ටෲඩි ලින්ඩ්බ්ලේඩ් (Trudy Lindblade) ඊයේ ප්‍රකාශ කළා.

“බ්‍රිතාන්‍ය කණ්ඩායමකට ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග කිරීම සඳහා බ්‍රිතාන්‍ය ඔලිම්පික් සංගමයේ (BOA) අවශ්‍යතාව වී තිබෙන්නේ එයයි. ඒ නිසා GB සංකල්පය හරහා අපටත් කණ්ඩායම් හයට ඇතුළත් වීමේ අවස්ථාවක් ලැබෙනවා. ඒ අනුව දැන් උදාවී තිබෙන්නේ සිත්ගන්නා කාලයක්. අපි ECBය සමගත්, LA 2028 සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ (ICC) සිටින අපේ සහකරුවන් සමගත් දිගටම සම්බන්ධීකරණය පවත්වා ගෙන යනවා” ලින්ඩ්බ්ලේඩ් පවසනවා.

එක්සත් රාජධානියෙන් එන ක්‍රීඩකයන් සාමාන්‍යයෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග කරන්නේ ඒකාබද්ධ බ්‍රිතාන්‍ය කණ්ඩායමක කොටසක් වශයෙන්.

මීට එරෙහිව යන විශේෂ අවස්ථාවන් අතර පිරිමි පාපන්දුව තිබෙන අතර එහි දක්නට ලැබෙන තනි රටවල් අතර එකඟතාවන්ගේ අඩුව නිසා 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙල හැර මෑත දශකයන්හිදී බ්‍රිතාන්‍යයෙන් කණ්ඩායමක් ඔලිම්පික් තරග බිමට ඉදිරිපත් කෙරුනේ නැහැ.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...