The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

අසේෆාගෙන් ලෝක වාර්තාවක්: සවිගෙන් උපායශීලී ජයග්‍රහණයක්

T

The Leader Desk

April 28, 2025 • 3:16 PM

අසේෆාගෙන් ලෝක වාර්තාවක්: සවිගෙන් උපායශීලී ජයග්‍රහණයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊයේ ජය ගනිද්දී කෙන්යාවේ සෙබාස්ටියන් සවි (Sebastian Sawe) පිරිමි ජයග්‍රහණය කරා ගියේ විශාල ප්‍රමාණයකින් යුත් තරගකරුවන්ගේ පොකුර කඩාගෙන යාම සඳහා අතිදක්ෂ උපායශීලී තීරණයක් ගනිමින්.
  • පසුගිය වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මැරතන් ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගත් 28 හැවිරිදි අසේෆා ඉරිදා තරගයේදී කෙන්යාවේ ජොසලීන් ජෙප්කොස්ගේ (Joyciline Jepkosgei) සමග ආරම්භයේ පටන් වේගවත් ධාවනයක යෙදී සිටීමෙන් පසුව අවසාන කිලෝමීටර් දෙකේදී ඇගෙන් මිදී ඉදිරියට යාමට සමත් වුණා.
  • හැවිරිදි ජෙප්කොස්ගේ 2:18:44 කාලයක් සටහන් කරමින් දෙවැනි ස්ථානයට පත්වුණා.
  • තරගයේ අඩක් නිමවෙද්දී පෙරමුණ ගෙන සිටි තරගකාරියන්ගෙන් පිටුපසට වැටුනු ඔලිම්පික් මැරතන් ශූරිය හා 2024 ලන්ඩන් ජයග්‍රාහිකාව වන නෙදර්ලන්තයේ Sifan Hassan තෙවැනියට තරගය අවසන් කළේ 2:19:00 කාලයකින්.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊයේ ජය ගනිද්දී කෙන්යාවේ සෙබාස්ටියන් සවි (Sebastian Sawe) පිරිමි ජයග්‍රහණය කරා ගියේ විශාල ප්‍රමාණයකින් යුත් තරගකරුවන්ගේ පොකුර කඩාගෙන යාම සඳහා අතිදක්ෂ උපායශීලී තීරණයක් ගනිමින්.

derwr3
පසුගිය වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මැරතන් ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගත් 28 හැවිරිදි අසේෆා ඉරිදා තරගයේදී කෙන්යාවේ ජොසලීන් ජෙප්කොස්ගේ (Joyciline Jepkosgei) සමග ආරම්භයේ පටන් වේගවත් ධාවනයක යෙදී සිටීමෙන් පසුව අවසාන කිලෝමීටර් දෙකේදී ඇගෙන් මිදී ඉදිරියට යාමට සමත් වුණා.

අසේෆා පැය 2යි: මිනිත්තු 15යි: තත්පර 50කින් තරගයේ අවසන් රේඛාව පසුකළේ කෙන්යාවේ Peres Jepchirchir විසින් පසුගිය වසරේ ලන්ඩනයේ පිහිටුවා තිබූ 2:16:16ක කාන්තාවන්ගේ-පමණක් වාර්තාව මකා දමමින්. 

තරගය අවසන් වේලාවේ සෙල්සියස් අංශක 20 ට ළඟා වෙමින් තිබූ උෂ්ණත්වය සමග දීප්තිමත් ලන්ඩන් හිරු තමාට උපකාරී වූ බව අසේෆා ජයග්‍රහණයෙන් පසුව කියා සිටියා.

31 හැවිරිදි ජෙප්කොස්ගේ 2:18:44 කාලයක් සටහන් කරමින් දෙවැනි ස්ථානයට පත්වුණා.

තරගයේ අඩක් නිමවෙද්දී පෙරමුණ ගෙන සිටි තරගකාරියන්ගෙන් පිටුපසට වැටුනු ඔලිම්පික් මැරතන් ශූරිය හා 2024 ලන්ඩන් ජයග්‍රාහිකාව වන නෙදර්ලන්තයේ Sifan Hassan තෙවැනියට තරගය අවසන් කළේ 2:19:00 කාලයකින්.

පසුගිය දෙසැම්බරයේ වැලන්සියා හි දී ජයග්‍රහණය කරමින් විස්මිත මැරතන් තරග ආරම්භයක් සනිටුහන් කළ 29 හැවිරිදි සෙබාස්ටියන් සවි ඊයේ තරගයේ ඉදිරියෙන් සිටි පිරිමි පොකුරෙන් මිදුනේ තරග අවසානයට කිලෝමීටර් 10ක් පමණ තිබියදී අනෙක් තරගකරුවන් වතුර බෝතල නැවත සපයා ගනිමින් සිටි මොහොතේ. ඔහු 2:02:27 කාලයකින් තරගය ජය ගත්තා.

 

පෙබරවාරි මාසයේදී ලෝක අර්ධ මැරතන් වාර්තාව බිඳ දැමූ උගන්ඩාවේ Jacob Kiplimo ඊයේ සහභාගි වූ ඔහුගේ මංගල මැරතන් තරගයේ 2:03:37 කාලයක් සටහන් කරමින් දෙවැනි ස්ථානය හිමිකර ගත් අතර පසුගිය වසරේ ජයග්‍රාහක කෙන්යාවේ Alexander Mutiso Munyao තෙවැනි ස්ථානයට පත්වූයේ නෙදර්ලන්තයේ Abdi Nageeye සමග ඉතාමත් තියුණු සටනකින් පසුව. 

 
මේ දෙදෙනා ම තරගයේ අවසන් රේඛාව පසුකළේ 2:04:20 කාලයක් සටහන් කරමින් නිසා දෙදෙනාගෙන් ජයග්‍රාහකයා තෝරා ගැනීම පිණිස photo finish තාක්ෂණය යොදා ගැනීමට සිදුවුණා.

සිවු වතාවක් ශූරයා වූ Eliud Kipchoge ට මෙවර හිමිවූයේ 6 වැනි ස්ථානය.
 

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...