The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
පුවත්

LPL : ගෝල් ටයිටන්ස් සහ 'කලම්බු ස්ට්‍රයිකර්ස්' ඊයේ ජයගනී

T

The Leader Desk

August 14, 2023 • 4:13 AM

 LPL : ගෝල් ටයිටන්ස් සහ 'කලම්බු ස්ට්‍රයිකර්ස්' ඊයේ ජයගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 18 වැනි තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (13) පැවති දෙවැනි තරගයේදී පැතුම් නිස්සංක (51) සහ නිපුන් ධනංජය (40) දෙදෙනාගේ සටන්කාමී
  • ලකුණු 170 ක ඉලක්කයක් කරා ඇදුණු බී-ලව් කැන්ඩි ක්‍රීඩකයන්ට ඕවර 20 ක් නිමාවේදී කඩුලු 8 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 160 කි.
  • වනිඳු හසරංග (40), අසීෆ් අලී (33) සහ අෂේන් බණ්ඩාර (22) කැන්ඩි පිල ජයග්‍රහණය කරා ගෙනයාමට බලවත් උත්සාහයක් ගත් නමුත් මතීෂ පතිරණ සහ ජෙෆ්රි වැන්ඩසේ හමුවේ එම උත්සාහය අසාර්ථක විය.
  • ඇන්ජලෝ මැතිව්ස් සිය මුල් ඕවර දෙකේදීම කඩුලු දෙකක් දවාගත් හෙයින් පස්වැනි ඕවරයේදී දෙවැනි කඩුල්ලත් බිඳ වැටෙන විට ලකුණු සංඛ්‍යාව වූයේ 28 කි.
අකුරු ප්‍රමාණය (Font Size):

පිතිහරඹය නිසා 'කලම්බු ස්ට්‍රයිකර්ස්' ක්‍රීඩකයෝ ලකුණු 9 කින් 'බී - ලව් කැන්ඩි' පිල පරාජය කරමින් තියුණු ජයක් ලැබූහ.

ලකුණු 170 ක ඉලක්කයක් කරා ඇදුණු බී-ලව් කැන්ඩි ක්‍රීඩකයන්ට ඕවර 20 ක් නිමාවේදී කඩුලු 8 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 160 කි.

වනිඳු හසරංග (40), අසීෆ් අලී (33) සහ අෂේන් බණ්ඩාර (22) කැන්ඩි පිල ජයග්‍රහණය කරා ගෙනයාමට බලවත් උත්සාහයක් ගත් නමුත් මතීෂ පතිරණ සහ ජෙෆ්රි වැන්ඩසේ හමුවේ එම උත්සාහය අසාර්ථක විය.

ඇන්ජලෝ මැතිව්ස් සිය මුල් ඕවර දෙකේදීම කඩුලු දෙකක් දවාගත් හෙයින් පස්වැනි ඕවරයේදී දෙවැනි කඩුල්ලත් බිඳ වැටෙන විට ලකුණු සංඛ්‍යාව වූයේ 28 කි. බාබර් අසාම් (9) සහ ළහිරු උදාර (1) දැවී ගොස් තිබිණ. එසේ වුවත්, නිපුන් ධනංජය සමගින් එක්වූ ආරම්භක පිතිකරුවා මුලු ලකුණු සංඛ්‍යාව 97 දක්වා ඉහළ දැමුවේය. දෙදෙනා අතර පැවැති ලකුණු 69 ක සම්බන්ධතාවට පන්දු 46 ක් වැය වී තිබිණ.

අවසන් ඕවර 5 ඇරඹෙන විටත් ලකුණු 127 ක් පුවරුවේ තිබුණ නමුත් පිතිකරුවන් එකා පසුපස එකා දැවීයාම හේතුවෙන් අවසන් ඕවර 5 න් එකතු වූයේ ලකුණු  40 කි.


කලම්බු ස්ට්‍රයිකර්ස් - ඕවර 20 කදී කඩුලු 9 ට 169
(පැතුම් නිස්සංක 51, නිපුන් ධනංජය 40, මොහොමඩ් නවාස් 21, චාමික කරුණාරත්න 17, නුවනිඳු ප්‍රනාන්දු 15, ඇන්ජලෝ මැතිව්ස් 23/2, ඉසුරු උදාන 40/2, වනිඳු හසරංග 21/2)

බී-ලව් කැන්ඩි - ඕවර 20 කදී කඩුලු 8 ට 160 යි
(ෆකර් සමාන් 11, සහන් ආරච්චිගේ 13, වනිඳු හසරංග 40, ඇන්ජලෝ මැතිව්ස් 11, චතුරංග ද සිල්වා 16, අසීෆ් අලී 33, අෂේන් බණ්ඩාර 22, මතීෂ පතිරණ 32/2, ජෙෆ්රි වැන්ඩසේ 39/2)


image 9c8a6840e4කලම්බු පිලේ තුන්වැනි ජයෙන් තරගාවලිය තවත් උණුසුම් වෙයි



කලම්බු පිල ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ මෙවර එල්.පී.එල්. තරගාවලිය තව දුරටත් තියුණු විය.

මෙම ජයත් සමගින් ප්‍රසාද ලකුණු පුවරුවේ පහළින්ම සිටි කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම තවත් ප්‍රසාද ලකුණු 2 ක් එකතුකර ගනිමින්, ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් සමගින් සමතැන් ගත්තේය. කලම්බු ඇතුළුව කණ්ඩායම් තුනක්ම මේ වන විට ප්‍රසාද ලකුණු 6 බැගින් ලබා සිටියි.



 පිලිමළුන් පිටුදැකීමේ වටයේ අවසන් කණ්ඩායම දෙක අතරට පැමිණීමට ජැෆ්නා කිංග්ස්, ගෝල් ග්ලැඩියේටර්ස් සහ කලම්බු ස්ට්‍රයිකර්ස් අතර ඇත්තේ තියුණු සටනකි.

 



ජැෆ්නා පරදා ගෝල් තුන්වැනි ජය ලබයි



කණ්ඩායමේ ඉදිරිපෙළ වේග පන්දු යවන්නා වන කසුන් රාජිතගේ (20/4) විශිෂ්ට පන්දු යැවීම නිසා ඊයේ  (13 වැනිදා) පැවැති එල්.පී.එල්. තරගයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කඩුලු හතකින් පරාජය කළ ගෝල් ටයිටන්ස් ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු 6 සීමාවට පැනගත්හ.

ලකුණු 90 ක පහසු ඉලක්කයක් කරා ගිය ගෝල් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් නවසීලන්ත ජාතික ටිම් සේෆර්ට් ලකුණු 55 ක් ලබාගත්තේය. සේෆර්ට්ගේ පන්දු 42 ඉනිම හතරේ පහර 5 කින් සහ හයේ පහරකින් සමන්විත විය. ඩිල්ෂාන් මධුශංක (28/1) සහ මහීෂ් තීක්‍ෂණ (12/1) හමුවේ ප්‍රවේසමෙන් පන්දුවට පහර දුන් සේෆර්ට් සහ චැඩ් බෝව්ස්, සෙසු පන්දු යවන්නන්ගෙන් රිසි සේ ලකුණු උදුරා ගත්හ.

කසුන් රාජිතගේ පන්දු යැවීම හමුවේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පිල ලකුණු 89 කට සීමා විය. ඕවර 5 ක් ඇතුළත, ලකුණු 21 කට ඉදිරිපෙළ කඩුලු පහම අහිමි කරගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එතැනින් හිස එසවීමට නොහැකි විය. නියමිත ඕවර 20 නිමාවේදී ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයෝ ලකුණු 89 කට දැවී ගියහ.

කාසියේ වාසිය දිනාගත්තේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමයි. එහෙත් අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කසුන් රාජිත පළමුවෙන්ම දැවී ගිය කඩුලු 5 න් 4 කට හිමිකම් කීවේය. කසුන්ට කදිම සහයෝගයක් දුන් ළහිරු කුමාර විසින් ක්‍රිස් ලින් දවාගන්නා ලද හෙයින්, ඉනිමේ පස්වැනි ඕවරය නිමාවීමටත් පෙරම ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයෝ අමාරුවේ වැටී සිටියහ.

මෙම තරගාවලියේදී ලකුණු 22 යනු, අඩු ලකුණු සංඛ්‍යාවක් ලබාගන්නා කණ්ඩායමක පිතිකරුවකුට පසුකිරීමට අපහසු කඩයිමක් වී ඇති සෙයකි. පසුගිය තරග වලදීත් එය විශේෂයෙන් කැපී පෙනුණු අතර ඊයේ තරගයේදීත් ජැෆ්නා කිංග්ස් පිලේ කිසිම පිතිකරුවකුට ලකුණු 22 පසුකර යා නොහැකි විය. ජැෆ්නා කිංග්ස් වෙනුවෙන් ලකුණ 22 ක් ලබාගත්තේ තවමත් 20 හැවිරිදි දුනිත් වෙල්ලාලගේය.

අංක 4 පිතිකරුවා ලෙසින් පැමිණි වෙල්ලාලගේ, පසුපෙළ සගයින් සමගින් එක්ව ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමේ උත්සාහයක නිරත වූවත්, උස මහතින් අඩු, කුඩා දේහයකින් යුත් වෙල්ලාලගේට විශාල පහර කරා යාමේ ඉඩක් ගෝල් ටයිටන්ස් පන්දු යවන්නෝ නොතැබූහ. ඔහුගේ පන්දු 31 ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහර 4 ක් පමණි.

තරගය ආරම්භ වීමටත් පෙර සිටම කඩුල්ල ඉදිරියෙන් කුඩා සලකුණු දෙකක් තබාගෙන ඊට පන්දු යවමින් තම රිද්මය ලබාගත් තබ්රේෂ් ශම්සි, ලකුණු 19 කට කඩුලු 2 ක් දවාගත්තේය.

ජැෆ්නා කිංග්ස් - ඕවර 20 කදී සියලු දෙනා දැවී 89 යි
(දුනිත් වෙල්ලාලගේ 22, තිසර පෙරේරා 13, මහීෂ් තීක්‍ෂණ 13, ඩිල්ෂාන් මධුශංක 12, කසුන් රාජිත 20/4, ළහිරු කුමාර 13/2, තබ්රේශ් ශම්සි 19/2)

ගෝල් ටයිටන්ස් - ඕවර 13.3 කදී කඩුලු 3 ක් දැවී 90 යි.
(භානුක රාජපක්‍ෂ 15, ටිම් සේෆර්ට් 55, චැඩ් බෝව්ස් නොදැවී 13)



 තරගාවලියේ කණ්ඩායම් 5 න් කණ්ඩායම් 4 ක් පිළිමළුන් පිටුදැකීමේ වටයට පිවිසෙන බැවින් ඊයේ  තරගයේදී ලබාගත් ජයග්‍රහණය ගෝල් ටයිටන්ස් කණ්ඩායමට ඉහළ වටිනාකමක් ඇති ජයකි. ඕවර 6.3 ක් ඉතිරිව තිබියදීම තරගය ජයගත් බැවින් ගෝල් ටයිටන්ස්ලාගේ ශුද්ධ ලකුණු වේගයද ඉහළ දමාගත හැකිවූ නමුත් එය තවමත් සෘණ අගයක (-0.269) පවතී.

 
367440644 674281534736199 4469663846501722890 n



තැඹිලි තොප්පිය වෙල්ලාලගේට


 

wellala 2023
එල්.පී.එල්. තරගාවලියේ මේ වනවිට වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටින ජැෆ්නා කිංග්ස් පිලේ දුනිත් වෙල්ලාලගේට තැඹිලි තොප්පිය හිමිවී තිබේ. 

 
මෙම හිස්වැස්ම ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ජයන්ත ධර්මදාස විසින් වෙල්ලාලගේට ඊයේ සවස පිරිනමන ලදි. වමතින් දඟ පන්දු යවන දුනිත් වෙල්ලාලගේ මේ දක්වා තරග 7 කදී කඩුලු 10 ක් දවාගෙන ඇත. ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 14.20 කි.




(උපුටා ගැනීම් -kelimandala.lk)
 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...