The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
ක්‍රීඩා

ඔස්ටපෙන්කෝ බැණවැදුනේ කළු ජාතික ක්‍රීඩිකාවකට කියන්න පුළුවන් නරකතම වචනවලින් - නෙඔමි ඔසාකා

T

The Leader Desk

August 30, 2025 • 4:01 PM

ඔස්ටපෙන්කෝ බැණවැදුනේ කළු ජාතික ක්‍රීඩිකාවකට කියන්න පුළුවන් නරකතම වචනවලින් - නෙඔමි ඔසාකා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමෙරිකානු විවෘත ටෙනිස් තරගයකදී ටේලර් ටවුන්සෙන්ඩ් වෙතින් ලැබූ පරාජයෙන් පසුව ඇය කිසිම වැදගත්කමක් සහ අධ්‍යාපනයක්
  • “ඒ උණසුම් වාදය හැම මිනිත්තු 15කටම වරක් රූපවාහිනියේ පෙන්නුවා” යනුවෙන් ඔසාකා පැවසුවා.
  • “ඒක ඇත්තටම කියන්න අමාරුයි.
  • ඒ නිසා, ඇය නූගත් කෙනෙක් ලෙස කොහෙත්ම හඳුන්වන්න බැහැ” ඔසාකා කියා සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

නැති අමෙරිකානුවෙකු බව කියමින් යෙලනා ඔස්ටපෙන්කෝ කළු ජාතික ටෙනිස් ක්‍රීඩිකාවක් ඇමතිය හැකි නරකතම වචන පිටකළ බව හිටපු ලෝක අංක 1 ටෙනිස් ක්‍රීඩිකාවක වන ජපානයේ නෙඔමි ඔසාකා (Naomi Osaka) ප්‍රකාශ කරනවා.

“ඒ උණසුම් වාදය හැම මිනිත්තු 15කටම වරක් රූපවාහිනියේ පෙන්නුවා” යනුවෙන් ඔසාකා පැවසුවා.

“ඒක ඇත්තටම කියන්න අමාරුයි. එය, බහුතරය සුදු ජාතිකයන් වන ක්‍රීඩාවක කළු ජාතික ටෙනිස් ක්‍රීඩිකාවක් අමතන්න පුළුවන් නරක ම විදිය කියලයි මම හිතන්නේ. ටේලර් ගැන මම හොඳට දන්නවා. එයා මෙතැනට එන්න කොච්චර මහන්සි වුනාද කියල මම දන්නවා. ඇය කොපමණ දක්ෂ ද කියලත් මම දන්නවා. ඒ නිසා, ඇය නූගත් කෙනෙක් ලෙස කොහෙත්ම හඳුන්වන්න බැහැ” ඔසාකා කියා සිටිනවා.

“නමුත් ඔබ අවංකව ඔස්ටපෙන්කෝගේ ඉතිහාසය ගැන මගෙන් ඇහුවොත්, ඇය කියා තිබෙන වඩාත්ම මෝඩ දෙය මෙය නෙවෙයි. මම මේ කියන්නේ ඇත්ත.”

“මම හිතන්නේ ඒක වැරදි වෙලාවක වැරදිම පුද්ගලයාට ඔබට කියන්න පුළුවන් නරක ම දෙයයි. අමෙරිකාවේ තියෙන ඒ වචනවල ඉතිහාසය ගැන ඔස්ටපෙන්කෝ දන්නවා ද කියලා මම දන්නේ නැහැ.”

“නමුත් එයා එයාගෙ ජීවිතේ ආයෙ කවදාවත් එහෙම කියන්නේ නැති බව මම දන්නවා. නමුත් ඒ කියපු දේ හරිම දරුණුයි. හරිම නරකයි.”

ඔස්ටපෙන්කෝගේ බැණවැදීමේ ප්‍රකාශ යටින් ජාතිවාදී හැඟීම් තිබුනාදැයි මාධ්‍යවේදියෙක් කළු ජාතික ටවුන්සෙන්ඩ්ගෙන් විමසා සිටියා.

xdfyterter
“මම ඒක ඒ විදියට බාරගත්තේ නැහැ. නමුත් ‘අධ්‍යාපනයක් නැහැ’ කියන එකයි අනෙක් කියපු දේවලුයි අපේ ප්‍රජාවට කැලලක් වී තිබෙනවා. ඒකෙ කොහෙත්ම සත්‍යතාවක් නැහැ” යනුවෙන් ටවුන්සෙන්ඩ් පිළිතුරු වශයෙන් කියා සිටියා.

“ඒ නිසා ඒ වචනවලට යටින් වර්ගවාදී හැඟීම් දහරක් තිබුනා ද නැද්ද කියලා කියන්න පුළුවන් එයාටයි. මේ වෙලාවේ මම කරදර වෙන්නේ මේ තරගාවලියේ මම ඉදිරියට යන එක ගැන පමණයි.”

තමාව ජාතිවාදියෙකු ලෙසට හඳුන්වමින් ලැබුනු පණිවුඩ ප්‍රමාණය පිළිබඳව ඔස්ටපෙන්කෝ පසුව සමාජ මාධ්‍යයේ සටහනක් තැබුවා.

“මම මගේ ජීවිතයේ කවදාවත් ජාතිවාදියෙකුව ඉඳලා නැහැ. මම ලෝකයේ ඉන්න හැම මිනිහෙකුටම, ජාතිකයකටම ගරු කරනවා. කෙනෙක් ආවේ කොහෙන්ද කියන එක මට වැදගත් නැහැ” යනුවෙන් ඇය පෝස්ට් කර තිබුනා.

දෙදෙනා අතර පැවති උණුසුම් වාදයේදී ටවුන්සෙන්ඩ් ඉදිරියේ ඔස්ටපෙන්කෝ වේගයෙන් ඇඟිල්ල වනනු දර්ශනය වුනා.

“මේක තරගයක්” ටවුන්සෙන්ඩ් කීවා. “සමහරු පැරදුනාම වියරු වැටෙනවා.”

ඇය සහ ඔස්ටපෙන්කෝ මීට පෙරත් තනි හා යුගල අංශ දෙකේ ම එකිනෙකාට එරෙහිව තරග කර තිබෙනවා.

“අපි දෙන්නා අතර නරක ඉතිහාසයක් කවදාවත් තිබිලා නැහැ. එයා මා ගැන හිතන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ. නමුත් මගේ පැත්තෙන් නම් කිසිම තරහක් නැහැ” ටවුන්සෙන්ඩ් සඳහන් කළා. “මට අධ්‍යාපනයක්, උසස් තත්ත්වයක් නැහැ කියලා එයා මට කීවා. අමෙරිකාවෙන් පිට අපි තරග කළොත් මොකද වෙන්නේ කියලා බලමු කියා එයා මට කිවුවා. එවිට මම කීවා ‘ඒකට මම ආසයි. එහෙම තරගයක් ගේන්න’ කියලා. ඒ වගේ අභියෝගයකින් මම කවදාවත් පස්සට ගිහින් නැහැ.”

2021 වසරේ විම්බල්ඩන් හිදී Alja Tomljanovic හමුවේ පරාජය ලැබූ මොහොත ඇතුළුව අවස්ථා ගණනාවකදීම ඔස්ටපෙන්කෝ ප්‍රතිවාදීන් සමග කලබල ඇතිකර ගෙන තිබෙනවා.

කාන්තා තනි ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල ටවුන්සෙන්ඩ් සිටින්නේ අංක 139 වැනි ස්ථානයේ. ඇය, ක්‍රිස්ටි ආන්ගෙන් (Kristie Ahn) පසුව ප්‍රධාන තරගාවලියකදී ග්‍රෑන්ඩ් ස්ලෑම් හිටපු ශූරියක් (ඔස්ටපෙන්කෝ) පරාජය කිරීමට සමත් වූ අඩුවෙන්ම ශ්‍රේණිගත අමෙරිකානු කාන්තාව බවට පත්වනවා.

එදා, 2019 අමෙරිකානු විවෘත තරගාවලියේදී ක්‍රිස්ටි වෙතින් පරාජය ලැබුවේ අන්කිසිවෙකු නොව ඔස්ටපෙන්කෝ ම යි.


warnan Gunasekara(වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...