The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මෙසීගේ Navy SEAL බොඩිගාඩ්ට අමෙරිකානු පාපන්දු පිටිය තුළ සැරිසැරීම තහනම්

T

The Leader Desk

April 5, 2025 • 10:48 AM

මෙසීගේ Navy SEAL බොඩිගාඩ්ට අමෙරිකානු පාපන්දු පිටිය තුළ සැරිසැරීම තහනම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු ‘නේවි සීල්’ (Navy SEAL - අමෙරිකානු නාවික හමුදාවේ ප්‍රධානතම විශේෂ මෙහෙයුම් බලකාය) භටයෙකු වන මේ පෞද්ගලික ආරක්ෂකයා වසර හතකට වැඩි කාලයක් තිස්සේ ආජන්ටිනා සුපිරි තරුවගේ තරගවලදී ඔහු ආරක්ෂා කරමින් සිටිනවා.
  • හැවිරිදි මෙසී MLS කණ්ඩායමක් වන ‘ඉන්ට මයාමි’ (Inter Miami) පාපන්දු ක්‍රීඩා සමාජයට බැඳුනේ 2023 වසරේ ගිම්හානයේ.
  • මෙසී අමෙරිකානු පාපන්දු ක්‍රීඩා සමාජයීය කණ්ඩායමට එක්වීමෙන් පසුව 16 දෙනෙක් පිටිය ආක්‍රමණය කරමින් මෙසී වෙත පැමිණ තිබෙන අතර ක්‍රීඩකයින් ආරක්ෂා කිරීම පිණිස MLS මීට වඩා ශක්තිමත්ව කටයුතු කිරීම අවශ්‍ය බව චූකෝ පවසනවා.
  • “මම Ligue 1 සහ Champions League තරගවල කටයුතු කරමින් අවුරුදු හතක් යුරෝපයේ සිටියා.
අකුරු ප්‍රමාණය (Font Size):

හිටපු ‘නේවි සීල්’ (Navy SEAL - අමෙරිකානු නාවික හමුදාවේ ප්‍රධානතම විශේෂ මෙහෙයුම් බලකාය) භටයෙකු වන මේ පෞද්ගලික ආරක්ෂකයා වසර හතකට වැඩි කාලයක් තිස්සේ ආජන්ටිනා සුපිරි තරුවගේ තරගවලදී ඔහු ආරක්ෂා කරමින් සිටිනවා.

37 හැවිරිදි මෙසී MLS කණ්ඩායමක් වන ‘ඉන්ට මයාමි’ (Inter Miami) පාපන්දු ක්‍රීඩා සමාජයට බැඳුනේ 2023 වසරේ ගිම්හානයේ.

අතිශය උද්යෝගී ක්‍රීඩා ලෝලීන් තරග පිටියට කඩා පැන මෙසී වෙත දිව ඒම අඛණ්ඩව සිදුවන අතර මේ බොහෝ දෙනෙකුට අවශ්‍යව තිබෙන්නේ ඔවුන්ගේ වීරයා සමග සෙල්ෆියක් ගැනීම පමණයි.

 

lionelmessibodyguard 1200g

මෙසී බාසිලෝනා හා පැරිස් සැන්-ජමෑන් කණ්ඩායම්වලට ක්‍රීඩා කරන අවධියේ සිටම ඔහුගේ ආරක්ෂාව භාරව කටයුතු කරන්නේ චූකෝ.

එහෙත් නව ලීග් නීතිවලට අනුව තරග බිමේ පැති රේඛා අසල රැඳී සිටීම MLS විසින් චූකෝ ට තහනම් කර තිබෙනවා.

“ඔවුන් මට තවදුරටත් පිටියේ ඉන්න ඉඩ දෙන්නේ නැහැ” යනුවෙන් ඔහු කියනවා.

 

10 inter miami cf bodyguard 982810185

මෙසී අමෙරිකානු පාපන්දු ක්‍රීඩා සමාජයීය කණ්ඩායමට එක්වීමෙන් පසුව 16 දෙනෙක් පිටිය ආක්‍රමණය කරමින් මෙසී වෙත පැමිණ තිබෙන අතර ක්‍රීඩකයින් ආරක්ෂා කිරීම පිණිස MLS මීට වඩා ශක්තිමත්ව කටයුතු කිරීම අවශ්‍ය බව චූකෝ පවසනවා.

“මම Ligue 1 සහ Champions League තරගවල කටයුතු කරමින් අවුරුදු හතක් යුරෝපයේ සිටියා. ඒ කාලය තුළ පිටිය මැදට කඩාපැන්නේ පුද්ගලයන් හය දෙනෙක් පමණයි” චූකෝ මතක් කර දෙනවා.

w640xh480 GettyImages 2153690397

“මම අමෙරිකාවට ඇවිත් වැඩ කළ මාස 20 කාලය ඇතුළත පුද්ගලයන් 16 දෙනෙක් දැනටමත් පිටිය ආක්‍රමණය කර තිබෙනවා.”

“මෙහෙ දැවැන්ත ප්‍රශ්නයක් තිබෙනවා. ප්‍රශ්නය මම නෙවෙයි. මට මෙසී ට උදව් කරන්න ඉඩ දෙන්න.”

“ මම MLS හා CONCACAF (උතුර, මධ්‍යම, අමෙරිකා සහ කැරිබියන් සංගම් පාපන්දු සම්මේලනය) ට ආදරෙයි. නමුත් අපි එකට වැඩ කළ යුතුයි. මම උදව් කරන්න ආසයි.”

“මම අනෙක් අයට වඩා හොඳ නැහැ. නමුත් මා ළඟ යුරෝපයෙන් ලැබුනු වටිනා අත්දැකීම් තියෙනවා.”

“කමක් නැහැ. මට එයාලගේ තීරණය තේරුම් ගන්න පුළුවන්. නමුත් අපට මීට වඩා හොඳින් කටයුතු කරන්න පුළුවන් කියා මම හිතනවා.”

තමා මෙසීගේ පවුලේ කොටසක් ලෙසින් හැඟෙන බව චූකෝ මීට පෙර පවසා තිබෙනවා.

ක්‍රීඩා ලෝලියෙක් පිටිය ආක්‍රමණය කරද්දී කොතැනකින් හෝ මතුවෙමින් ඔහුව මෙල්ල කිරීමේ ප්‍රසිද්ධියක් මේ ‘බොඩිගාඩ්’ අත්කර ගෙන සිටිනවා.

“මම මෙසීගේ පවුලේ කෙනෙක් විදියට මට දැනෙනවා. ඔහු ආරක්ෂා කිරීමට මම ඉතාමත් වෙහෙසව වැඩ කරනවා” යනුවෙන් චූකෝ සඳහන් කරනවා.

9bb73885a2a07dd306d4fd25d11ca710

“ශාරීරිකව පමණක් නෙවෙයි මානසිකවත් මම එයාව ආරක්ෂා කරනවා. මොකද, ඔහු මාව විශ්වාස කරන නිසා. බොහෝ දේ රැඳී තිබෙන්නේ මගේ රැකියාව මතයි. ඒ නිසා මම ම‌ගේ සම්පූර්ණ අවධානය එයා වෙනුවෙන් යොමු කරනවා.”

“මෙසී ඉතා නිහතමානීයි.”

චූකෝ මේ මස මුලදී, බොක්සිං ක්‍රීඩකයෙකු බවට හැරුණු යූටියුබර් කෙනෙකු වන ලෝගන් පෝල් (Logan Paul) සමග සටන් කිරීම සඳහා බොක්සිං වළල්ලට පිවිසීමට ඉදිරිපත් වුණා. ඒ, කර්තෘ හිමිකම බලහත්කාරකමින් අල්ලා ගැනීමක් සම්බන්ධයෙන් තිබෙන නීති කටයුත්තක් මධ්‍යයේ පෝල් විසින් මෙසීව බොක්සිං සටනකට කැඳවා තිබූ බැවින්.



මෙසී වෙනුවට පෝල් සමග සටනට ඉදිරිපත් වූ 34 හැවිරිදි යසින් චූකෝ ‘මූයි තායි’ සටන්කරුවෙක්.

“‌පෝල් කවුද කියලවත් මෙසී දන්නේ නැහැ” චූකෝ කියනවා.

“ලෝගන් පෝල් ට ඇත්තටම ගහගන්න අවශ්‍ය නම්, එයාට මාත් එක්ක සටන් කරන්න පුළුවන්. එහෙම නැතුව පාපන්දු ක්‍රීඩකයෙක් එක්ක නෙවෙයි!”

warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...