එහි නිලවරණය 2025 මැයි මස 27 වෙනි දින පැවැත්වීමට නියමිතව තිබුණ ද විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ගාමිණි වල්ගම විසින් එම නිලවරණයේ ඇති දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව ක්‍රීඩා ඇමතිතුමාට විරෝධතා ලිපියක් ඉදිරිපත් කරන ලද අතර ඒ මත පදනම්ව ඇමාත්‍යවරයාගේ උපදෙස් මත ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පරීක්ෂණ මණ්ඩලයක් පත්කර එම පරීක්ෂණය අවසන් වනතුරු එම නිලවරණය කල් දමා ඇත.
පවතින දූෂිත වාතාවරණය මැද එම නිලවරණය කල් දැමීම හොඳය. පරීක්ෂණයක් පැවැත්වෙන එකත් හොඳය. එහෙත් සම්මේලනය පැත්තෙන් අසන්නට ලැබෙන පුවත් නම් හොඳ නැත.
ක්‍රීඩා අධ්‍යක්ෂකවරයා විසින් මෙම නිලවරණය ගැන පරීක්ෂා කිරීමට පත්කර ඇති නිලධාරීන් පවා මෙම නිලවරණයට ඉදිරිපත් වන දූෂිත වලල්ල විසින් මිල දී ගැනීමේ සූදානමක් ඇති බව වාර්තා වේ.
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වෙන තත්වයක් මේ වන විට උද්ගතව ඇත.
තම දේශපාලන සබඳතා සහ මුදල් බලය උපයෝගී කරගනිමින්, වරදාන වරප්‍රසාද ලබා දෙමින් නිලවරණයෙ දූෂණ සෙවීමට පත් කර ඇති කමිටුවටද බලපෑම් කිරීමට සූදානමක් ඇති බවට ආරංචි ලැබෙමින් තිබේ.
යකඩ මල්ලටත් ගුල්ලො ගැසුවා නම් හාල් මල්ල ගැන කුමන කතාද...?
වෙඩි තැබීමේ සම්මේලනයට ඉදිරිපත් වී ඇති දූෂිත කවය මේ වන විටත් පවසමින් යන්නෙ කොක්කෙන් බැරිනම් කෙක්කෙන් හෝ 27 වෙනිදා නිලවරණය පවත්වන බවයි. ඒ තරමටම ඔවුන්ගෙ ධන බලය සහ දේශපාලන බලය ප්‍රබලය.
පසුගිය වසර හතර පුරාවටම කවුන්සල රැස්වීම් පවත්වා අවසානයේදී මෙගා ෆාමා ආයතනයේ ඉහල මාලයේදී සෑම දෙනාටම විස්කි සහ බාබකියු සංග්‍රහයක් ලබා දුන් බවටත් ආරංචි ලැබෙන අතර තම බඩජාරි කමට මුල්තැන දෙන සමහර ක්‍රීඩා සමාජ සාමාජිකයන්ට ක්‍රීඩාව වළපල්ලට ගියත් කම් නැති බව පෙනේ.
කිසිදා ක්‍රීඩකයෙකු ලෙස තරග වලට සහභාගී වී ජයග්‍රහණ ලබා නොමැති සහ වෙනත් මාර්ගවලින් තනතුරු ලබාගැනීමට අවශ්‍ය සුදුසුකම් අටවාගෙන මුදල් සහ වෙනත් වරදාන වලට ඇති කෑදරකමින් ඉහලම තනතුරු සඳහා පොරකන මෙවන් පුද්ගලයන් හට තම අවශ්‍යතාවයන් ඉටුකරගැනීමට ඕනෑම අනීතික වැඩක් කලහැකි බව අපගේ අත්දැකීමයි.
දූෂණය සහ වංචාව මුලිනුපුටා දැමීමට යැයි පැමිණි නව ආණ්ඩුවෙ ක්‍රීඩා ඇමතිවරයා සහ නියෝජ්‍ය ක්‍රීඩා ඇමතිවරයා මෙම දූෂණ සොයාබැලීම සම්බන්ධයෙන් කෘතවේදීත්වය දැක්විය යුතු යම් සාධනීය වැඩ කොටසක් මේ සම්බන්ධයෙන් කර ඇතත් ඔවුන්ගෙ කනෙන් පවා රිංගමින් වැඩ කිරීමට තරම් මෙම දූෂිත කවය සූක්ෂම වී ඇත.
එය එසේනම් ශ්‍රී ලංකාවේ වෙඩි තැබීමේ ක්‍රීඩාවට අබ සරණය...
(සටහන | නිලන්ත සත්සර ගමගේ)
උපුටා ගැනීම - Nilantha Sathsara Gamage ගේ ෆේස්බුක් පිටුවෙන්..
සබැඳි සටහනක් :
ජාතික වෙඩි තැබීමේ ක්‍රීඩාවත් ඈවරයි...! දෑවරයි...!! තුන් ඈවරයි..!!
ජාතික වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනයේ නිලවරණය කල් තැබුවේ නමට පමණක්ද ..? | Nilantha Sathsara Gamage
T
The Leader Desk
May 20, 2025 • 4:57 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- පවතින දූෂිත වාතාවරණය මැද එම නිලවරණය කල් දැමීම හොඳය.
- ක්‍රීඩා අධ්‍යක්ෂකවරයා විසින් මෙම නිලවරණය ගැන පරීක්ෂා කිරීමට පත්කර ඇති නිලධාරීන් පවා මෙම නිලවරණයට ඉදිරිපත් වන දූෂිත වලල්ල විසින් මිල දී ගැනීමේ සූදානමක් ඇති බව වාර්තා වේ.
- නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වෙන තත්වයක් මේ වන විට උද්ගතව ඇත.
- තම දේශපාලන සබඳතා සහ මුදල් බලය උපයෝගී කරගනිමින්, වරදාන වරප්‍රසාද ලබා දෙමින් නිලවරණයෙ දූෂණ සෙවීමට පත් කර ඇති කමිටුවටද බලපෑම් කිරීමට සූදානමක් ඇති බවට ආරංචි ලැබෙමින් තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


