සම්ප්‍රදායානුකූල මිනුමෙන් ලොව ශ්‍රේෂ්ඨතම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා සොයන කෙනෙකුට විශේෂයෙන් ඔහුගේ ආක්‍රමණ වේගය හැරෙන්නට, මැක්ස්වල්ගේ නම එම ලැයිස්තුවේ ඉහළින් සිටින ක්‍රීඩකයන් අසලකින්වත් පෙනෙන්නේ නැහැ.
මේ ජනප්‍රිය ආක්‍රමණශීලී පිතිකරුවා සීමිත ඕවර 50 ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගියේ වසර 13ක කාලයක් ඇතුළත තරග 149කදී 33.81ක සාමාන්‍යයකින් යුතුව ලකුණු 3,990ක් පිත්තෙන් රැස් කිරීමට අමතරව පන්දුවෙන් ද කඩුලු 77ක් ලබා ගැනීමෙන් පසුව.
මැක්ස්වල්ගේ එක්දින ක්‍රිකට් දිවිය තුළ ඔහු 2015 හා 2023 වසරවල ලෝක කුසලාන ශුරතා දෙකක් ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් ලබා ගත්තා. ඔහුගේ අවසාන ODI තරගය වූයේ මේ වසර මුල පැවති චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ඉන්දියාව ට එරෙහි තරගය.
ODI ආකෘතියේ තවදුරටත් තමන්ගේ හොඳම දක්ෂතාව ලබා දීමට නොහැකි බව තේරුම් ගත් මැක්ස්වල් එම තරග බිමෙන් සමුගැනීමේ තීරණයට එළඹ තිබෙන්නේ ලබන වසරේ ඉන්දියාව හා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය, දේශීය බිග් බෑෂ් ලීගය සහ ඔහුගේ අනෙකුත් ගෝලීය වගකීම් සඳහා සූදානම් වීමට ප්‍රමුඛතාව ලබා දීම පිණිසයි.

ග්ලෙන් මැක්ස්වල්ගේ වඩාත්ම සංකේතාත්මක ODI ක්‍රීඩාව ප්‍රදර්ශනය වූයේ ඇෆ්ගනිස්තානය ට එරෙහිව මුම්බායි හි පැවති 2023 ලෝක කුසලාන තරගයේ. එහිදී ඔහු පන්දු 128කින් නොදැවී ලකුණු 201ක් වාර්තා කළේ බොහෝ වේදනා ගෙන දුන් කෙණ්ඩ පෙරළීම් සමග සටන් කරමින්. එම තරගයේදී මැක්ස්වල් ලකුණු 293ක ඉලක්කයක් හඹා යමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 7කට ලකුණු 91 තත්ත්වයේ සිට ජයග්‍රහණය දක්වා ඔසවා තැබුවේ ඔහුගේ කණ්ඩායමට අමතක නොවන ජයග්‍රහණයක් අත්කර දෙමින්.
ODI ශතක හතරක් සහ අර්ධ ශතක 23ක් වාර්තා කළ මැක්ස්වල් 126.70ක ආක්‍රමණික වේගයකින් පිතිකරණයේ යෙදුනු අතර එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ අවම වශයෙන් ලකුණු 1000ක් රැස්කර ගත් පිතිකරුවන් අතර එය දෙවැනියට හොඳම දක්ෂතාවයි.
කෙසේ වෙතත්, මැක්ස්වල්ගේ මුම්බායි වික්‍රමය ඔහුගේ එක්දින ක්‍රිකට් දිවියේ තිබෙන එකම ඉහළම දක්ෂතාව ලෙස සිතීම අසාධාරණයි. මැක්ස්වල් වඩාත්ම දීප්තිමත් වුනේ ඔස්ට්‍රේලියාව වැඩියෙන්ම අසරණව සිටි අවස්ථාවලදී බවට ඔහුගේ වාර්තාව සාක්ෂි දරනවා. මුම්බායි විශිෂ්ටතම උදාහරණයයි. මැන්චෙස්ට තවත් උදාහරණයක්.
බොහෝ කලක් තිස්සේ අමතකව ගොස් තිබෙන කොවිඩ් වසංගත සමයේ ක්‍රීඩා ලෝලීන්ගෙන් හිස්ව තිබූ ක්‍රීඩාංගණයක ක්‍රීඩා කෙරුනු ODI තරගමාලාවකදී, එක්දින ලෝක ශූරයින් වන එංගලන්තය ට එරෙහිව තරගමාලා ජයග්‍රහණයක් සොයා ඔස්ට්‍රේලියාව ලකුණු 303ක් හඹා යද්දී මැක්ස්වල් හා ඇලෙක්ස් කේරි ශතක ලබා ගත්තේ තම කණ්ඩායම කඩුලු 5 ට ලකුණු 73 සිට ජයග්‍රහණය දක්වා ගෙන යමින්. එහිදී මැක්ස්වල් පන්දූ 90කින් ලකුණු 108ක් ලබා ගත් අතර ඇලෙක්ස් කේරි (පන්දු 114කින් ලකුණු 106) සමග ලකුණු 212ක සබඳතාවක් ද ගොඩනැගුවා.

ඉලක්ක හඹා යාමේ ග්ලෙන් මැක්ස්වල්ගේ සාර්ථක පුරුදු ආරම්භ වුනේ ඔහුගේ ක්‍රීඩා දිවිය මුලදීම. ඔහුගේ සිවුවැනි එක්දින තරගයේ ම මැක්ස්වල් පන්දු 38කින් නොදැවී ලකුණු 56ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පාකිස්තානය ට එරෙහිව දුෂ්කර ජයග්‍රහණයක් කරා ගෙන ගියා.
2016 වසරේදී මැක්ස්වල් ඉන්දියාව ට එරෙහිව පන්දු 83කින් ලකුණු 96ක් රැස්කළේ ඔස්ට්‍රේලියාව ලකුණු 296ක් කඩුලු 3ක් ඉතිරි කරගෙන හඹා ගිය අවස්ථාවේ. මුම්බායි හි ප්‍රවේගකාරී ඉනිමට මාස 17කට පෙර ඔහු පල්ලෙකැලේදී ශ්‍රී ලංකාව ට එරෙහිව ඉතා චමත්කාර හඹා යාමකදී පන්දු 51කින් නොදැවී ලකුණු 80ක් ලබා ගත්තේ ක්‍රීඩා ලෝලී නරඹන්නන් අන්දමන්ද කරමින්. එහිදී ඔහු අංක 9 හා අංක 10 පිතිකරුවන් (මේ දෙදෙනා දායක වුනේ ලකුණු 4කින් පමණයි) සමග ලකුණු 54ක් එක් කළ අතර කැන්ගරුවන් කඩුලු දෙකක් හා පන්දු නවයක් ඉතිරි කරගෙන තරගය ජය ගත්තා.
ග්ලෙන් මැක්ස්වල්ගේ අතිවිශිෂ්ට හඹා යාම්වලින් ඔහුගේ සීමිත ඕවර ක්‍රිකට් දිවිය පිරී තිබෙනවා. පීඩනයක් එල්ල වී තිබෙන අවස්ථාවලදී ඔහුගේ දක්ෂතා වැඩියෙන්ම මතුවුනේ පිත්තෙන් පමණක් නෙවෙයි. 2023 ලෝක කුසලාන අවසාන තරගයේ ඔහු ලබා ගත් කඩුල්ල නරඹන්නන් 100,000ක් නිහඬ කරමින් බිලියන 1.6ක ඉන්දියානු හදවත් බිඳ දැමුවා.
ග්ලෙන් මැක්ස්වල්ගේ හොඳම ක්‍රීඩාව ආපසු ඇති කළ නොහැකියි. ඒ පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. ඔහුගේ පිස්සු වට්ටන හා උත්කෘෂ්ට පිතිහරඹවල සෑම මොහොතක්ම දැකගැනීම ක්‍රීඩා ලෝලීන්ට ලැබුනු මහත් වරප්‍රසාදයක්.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
ග්ලෙන් මැක්ස්වල්ගේ හොඳම ක්‍රීඩාව ආපසු ඇති කළ නොහැකියි. ඒ පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. ඔහුගේ පිස්සු වට්ටන හා උත්කෘෂ්ට පිතිහරඹවල සෑම මොහොතක්ම දැකගැනීම ක්‍රීඩා ලෝලීන්ට ලැබුනු මහත් වරප්‍රසාදයක්.
(සටහන | වර්නන් ගුණසේකර)ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com