The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
ක්‍රීඩා

PHL 2025: ශ්‍රී ලංකා ප්‍රිමිය හොකී ලීගයේ දෙවැනි අදියර නොවැම්බරයේ

T

The Leader Desk

August 21, 2025 • 10:52 AM

PHL 2025: ශ්‍රී ලංකා ප්‍රිමිය හොකී ලීගයේ දෙවැනි අදියර නොවැම්බරයේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දිවයිනේ දක්ෂතම හොකී කණ්ඩායම් නවයක් සහභාගි වන ශ්‍රී ලංකාවේ වසරේ දැවැන්තම හොකී තරගාවලිය ලෙස සැලකෙන ශ්‍රී ලංකා ප්‍රිමිය හොකී ලීගයේ - Premier Hockey League (PHL) Sri Lanka - දෙවැනි අදියර නොවැම්බර් මස පළමු සතියේ ආරම්භ වනවා.
  • ශ්‍රී ලංකා හොකී සම්මේලනය හා ක්‍රීඩා අමාත්‍යංශයේ සහයෝගය ඇතිව මෙම PHL 2025 තරගාවලිය සංවිධානය කරන්නේ Nextgen Hockey Development Society ආයතනය.
  • PHL තරගමාලාවේ පළමු අදියර සඳහා ඉන්දියාව හා පාකිස්තානයේ ජාතික කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයන් ඇතුළු ප්‍රමුඛ ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගි වුනා.
  • මේ වසරේදී ද, ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා සහ අත්දැකීම් සහිත ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකා පොලිසිය, යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, බී.ආර්.සී., සී.එච් ඇන්ඩ් එෆ්.සී., සී.ආර්. ඇන්ඩ් එෆ්.සී., ආදි සේනානායක ක්‍රීඩා සමාජය හා රාජකීය විදුහල් හොකී සමාජය මේ තරගාවලියට සහභාගි වීමට නියමිතයි.

ශ්‍රී ලංකා හොකී සම්මේලනය හා ක්‍රීඩා අමාත්‍යංශයේ සහයෝගය ඇතිව මෙම PHL 2025 තරගාවලිය සංවිධානය කරන්නේ Nextgen Hockey Development Society ආයතනය.

 

මේ තරගාවලිය කොළඹ සහ මාතලේ යන නගර දෙකේම පැවැත්වෙන අතර ශ්‍රී ලාංකික හොකී ක්‍රීඩාවේ අනාගතය ශක්තිමත් කිරීමේ අරමුණින් ඉදිරියේදී අන්තර් ජාතික මට්ටමෙන් තරග කිරීමට හැකි ක්‍රීඩකයන් බිහිකිරීම හා පුහුණු කිරීම සඳහා ක්‍රීඩා කෞශල්‍යයන්ගෙන් පරිපූර්ණ නව කණ්ඩායමක් හඳුන්වා දීමට මෙවර සැලසුම් කර ඇතැයි සංවිධායකයින් පවසනවා.

PHL තරගමාලාවේ පළමු අදියර සඳහා ඉන්දියාව හා පාකිස්තානයේ ජාතික කණ්ඩායම් නියෝජනය කළ ක්‍රීඩකයන් ඇතුළු ප්‍රමුඛ ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් සහභාගි වුනා. මේ වසරේදී ද, ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා සහ අත්දැකීම් සහිත ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. පළමු අදියර වෙනුවෙන් ආයෝජකයන් සහ හිටපු ක්‍රීඩකයන්ගෙන් හා ක්‍රීඩා ලෝලීන්ගෙන් ලැබුනු දායකත්වයට සංවිධායකයන් ඔවුන්ගේ ගෞරව ප්‍රණාමය පුද කරනවා.

 

534724290 1264798862355226 7487478872370926596 n

මේ පිළිබඳ මාධ්‍ය හමුවක් Nextgen Hockey Development Society සභාපති කමල් පුෂ්පකුමාර සහ IOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඩිපක් ඩාස් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා.


(සටහන | වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...