The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉන්දියා ආරම්භක පිතිකාරිනියගෙන් නව ODI වාර්තාවක්

T

The Leader Desk

May 1, 2025 • 3:54 PM

ඉන්දියා ආරම්භක පිතිකාරිනියගෙන් නව ODI වාර්තාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (Pratika Rawal) කාන්තා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් නව වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.
  • දකුණු අප්‍රිකාව ට එරෙහි තරගයේදී ඉන්දියා ආරම්භක පිතිකාරිනී රවාල් මේ නව වාර්තාව බිහිකළේ වැඩිම වේගයෙන් ලකුණු 500 ට පිවිසෙමින්.
  • ඕවර 39ක් ඇතුළත ලකුණු 148ක් හඹා ගිය ඉන්දියාව ඕවර 29.4කින් එම ඉලක්කය සපුරා ගත්තේ එක් කඩුල්ලක් පමණක් අහිමි කරගෙන.
  • දැවී ගියේ ලකුණු 43ක් ලබා ගත් ස්ම්‍රිටි මන්ධනා.
අකුරු ප්‍රමාණය (Font Size):

(Pratika Rawal) කාන්තා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් නව වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.

දකුණු අප්‍රිකාව ට එරෙහි තරගයේදී ඉන්දියා ආරම්භක පිතිකාරිනී රවාල් මේ නව වාර්තාව බිහිකළේ වැඩිම වේගයෙන් ලකුණු 500 ට පිවිසෙමින්. ඇය මේ දක්ෂතාව වාර්තා කළේ ඉනිම අටකින් පමණක් වීම විශේෂත්වයක්.

මේ තුන්කොන් තරගාවලියේදී ඉන්දියාව පළමු තරගයේදී සත්කාරක ශ්‍රී ලංකාව පරාජය කළේ ඉතාමත් පහසුවෙන්. ඕවර 39ක් ඇතුළත ලකුණු 148ක් හඹා ගිය ඉන්දියාව ඕවර 29.4කින් එම ඉලක්කය සපුරා ගත්තේ එක් කඩුල්ලක් පමණක් අහිමි කරගෙන. දැවී ගියේ ලකුණු 43ක් ලබා ගත් ස්ම්‍රිටි මන්ධනා. රාවල් (නොදැවී 50) සහ හාලීන් ඩිඔල් (නොදැවී 48) ජයග්‍රාහී ඉලක්කය හඹා යාම සම්පූර්ණ කළා.

Fastest Woman
එම ඉනිමට පසුව රවාල්ගේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ලකුණු එකතුව 494ක් තිබූ අතර ඊට ශතකයක් හා අර්ධ ශතක හතරක් ඇතුළත්ව තිබුණා. ඇය ප්‍රථම වතාවට ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කළේ 2024 අගභාගයේ ෂෆාලි වර්මා කණ්ඩායමෙන් ඉවත් කළ අවස්ථාවේ.

බටහිර ඉන්දීය කොදෙව් පිල ට එරෙහිව ලකුණු 40, 76 හා 18 ට පසුව අයර්ලන්තය ට එරෙහිව ලකුණු 89, 67 හා 154ක් වාර්තා කිරීමෙන් ඇය සැණින් සුපිරි ක්‍රීඩිකාවක් බවට පත්වුණා. ශ්‍රී ලංකාවේදී නොදැවී ලබා ගත් අර්ධ ශතකය ඇයව ලකුණු 500 සීමාව ආසන්නයටම ගෙන ආවා.

දකුණු අප්‍රිකාව ට එරෙහිව කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කිරීමෙන් පසුව පළමු ඕවර තුන හරහා ලකුණු පහක් රැස් කළ රවාල් සිවු වැනි ඕවරයේදී තවත් ලකුණක් ලබා ගෙන ලකුණු 500 සම්පූර්ණ කළා.

ප්‍රාටිකා රවාල් කාන්තා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ලකුණු 500 රැස්කළ වේගවත්ම පිතිකාරිනිය බවට පත්වූයේ එංගලන්තයේ ශාලට් එඩ්වර්ඩ්ස් (Charlotte Edwards) ට වඩා එක් ඉනිමක් අඩුවෙන් එම සීමාවට පිවිසෙමින්.

මෙහිදී රවාල්, ඉනිම 13කින් ලකුණු 500 ට පිවිසෙමින් මිතාලි රාජ් (Mithali Raj) පිහිටුවා තිබූ ඉන්දියානු කළින් වාර්තාව ද මකා දැමුවේ ඇයට වඩා ඉනිම පහක් අඩුවෙන් එම ඉලක්කයට පිවිසෙමින්.

drt3456g

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...