ඉන්දියාව හා පාකිස්තානය අතර පවතින යුදමය තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් මේ ලීගය බ්‍රහස්පතින්දා අත්හිටවනු ලැබුවා. තරගාවලියේ ඉතිරි කොටස ක්‍රීඩා කිරීමෙන් අරමුණින් යුතුව කණ්ඩායම් ඊයේ ගල්ෆ් දේශයට ගියද ඒ සැලසුම් දැන් අහෝසි කර තිබෙනවා.
සිකුරාදා ඉන්දියා ප්‍රිමිය ලීගය (IPL) ද සතියකට කල්දැමුනා.

ආරක්ෂක හේතුන් සහ ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) සමග තිබෙන සබඳතාව පළුදු වනවා දැකීමට තිබෙන අකමැත්ත නිසා එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලය (ECB) පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට සත්කාරකත්වය දැක්වීම ප්‍රතික්ෂේප කළ බවයි ඉන්දියාවෙන් ලැබෙන වාර්තාවලින් දැක්වුනේ.
ඉන්දියාව හා පාකිස්තානය අතර යුද්ධයක් හටගෙන තිබෙන අවස්ථාවක PSL ට සත්කාරකත්වය දක්වන ක්‍රියාවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පාකිස්තානයේ සමීප මිතුරෙකු බවට ඉන්දියාව විසින් වටහා ගැනීමට ඉඩ තිබීම මේ තරගාවලියට අනුමැතිය නොදීමට හේතුව බව එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලයේ ආරංචි මාර්ග පවසනවා.
2021 වසරේ ජගත් ක්‍රිකට් කවුන්සල (ICC) T20 ලෝක කුසලානයේ ‘ඉන්දියා’ අදියර, IPL අදියරයන් මෙන්ම ICC චැම්පියන්ස් කුසලාන තරගාවලියේදී ඉන්දියා කණ්ඩායමේ තරගවලට සත්කාරකත්වය දැක්වීමෙන් BCCI සමග මෑත කාලයේදී ශක්තිමත් සබඳතාවක් ECBය ගොඩනගා ගෙන තිබෙනවා.

ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු ලේකම් වන ජේ ෂා දැන් සභාපති ධූරය දරන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ මූලස්ථානය පිහිටා තිබෙන්නේ ද ඩුබායි දේශයේ.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් විනෝද වන විවිධාකාර දකුණු ආසියානු ජනගහණයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටිනවා. ඉන්දියාව හා පාකිස්තානය අතර මෙවැනි උණුසුම් වාතාවරණයක් තිබියදී පාකිස්තාන සුපර් ලීගය එම රාජ්‍යයේ පැවැත්වීමෙන් සාමය නැතිවී ආරක්ෂක අවදානමක් මතුවෙමින් ප්‍රජාවන් අතර අනවශ්‍ය ගැටුමක් ඇවිස්සීමට ඉඩ ඇතැයි යන බිය PSL ට සත්කාරකත්වය දැක්වීමට ගල්ෆ් දේශය පසුබට වීමට ප්‍රධාන හේතුව බව පැවසෙනවා.
කෙසේ වෙතත්, එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලය PSL තරගාවලියට සත්කාරකත්වය දැක්වීම ප්‍රතික්ෂේප නොකළ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ලැබෙන වාර්තාවලින් ප්‍රකාශ වනවා.
පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ (PCB) සභාපති Mohsin Naqvi පාකිස්තානයේ අගමැති Mian Muhammad Shehbaz Sharif ඊයේ මුණගැසුනු බවත් එහිදී තරගාවලිය කල්දැමීමේ තීරණයට එළඹුනේ වර්තමාන තත්ත්වය පිළිබඳව වඩාත් පුළුල් ලෙස අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව නිසා බවත් PCBයේ ඉහළ නිලධාරියෙක් ප්‍රකාශ කරනවා.
Mohsin Naqvi
පසුගිය බදාදා උදේ සිට පාකිස්තානය ට සහ පාකිස්තාන පාලනය යටතේ පවතින කාශ්මීරයට එල්ල වූ ඉන්දියා ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 31 දෙනෙකු මිය ගොස් 57 දෙනෙකු තුවාල ලබා සිටින බව පාකිස්තාන බලධාරීන් පවසනවා.
ඉන්දියාවේ පාලනය යටතේ තිබෙන කාශ්මීරයට පසුගිය මාසයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් 26 දෙනෙකු මිය ගිය අතර මේ කුරිරු ප්‍රහාරය සිදුකළ ත්‍රස්තවාදීන්ට පාකිස්තානය සහයෝගය ලබා දෙන බවට ඉන්දියාව චෝදනා කරනවා. අසල්වැසි පාකිස්තානය එම චෝදනාව ප්‍රතික්ෂේප කරනවා.
“පසුගිය පැය 24 තුළ තත්ත්වය වඩාත් නරක අතට හැරී තිබෙනවා” යනුවෙන් PCBය කියනවා.
මැයි 18 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ මෙවර PSL තරගාවලියේ තවත් තරග අටක් ඉතිරිව තිබෙනවා.
2021 වසර ඇතුළු මේ තරගාවලියේ පසුගිය අදියර කිහිපයකට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සත්කාරකත්වය දක්වා තිබෙනවා. 2009 වසරේ ලාහෝර් නුවර පැවති ටෙස්ට් තරගයක් අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැගත් බස්රථයට ත්‍රස්ත තුවක්කුකරුවන් එල්ල කළ ප්‍රහාරයෙන් පසුව දශකයකට වැඩි කාලයක් තිස්සේ පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ‘මව්බිම’ තරග පැවැත්වෙන ඉසව්ව වී තිබෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රීඩාංගණ.

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
සබැඳි පුවත් :
ඉන්දු පාකිස්තාන යුද්ධය හමුවේ IPL තරගාවලිය අත්හිටුවයි
ඉන්දියානු ක්‍රිකට් වර්ජනයකින් පාකිස්තානය හා බංග්ලාදේශයට විශාල පාඩුවක්
පාකිස්තානය සමග සියලු ක්‍රිකට් තරග නතර කළ යුතුයි - ඉන්දියා පුහුණුකරු ගම්භීර්
පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරය: ඉන්දු-පාකිස්තාන සබඳතා බිඳ වැටීම ආසියානු ක්‍රිකට් කුසලානයට බලපාවිද?



