The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පොලිස් උපදෙස් නොතකා RCB පැවැත්වූ ජයග්‍රහණයේ උත්සවයෙන් 11ක් මරුට

T

The Leader Desk

June 5, 2025 • 3:04 PM

පොලිස් උපදෙස් නොතකා RCB පැවැත්වූ ජයග්‍රහණයේ උත්සවයෙන් 11ක් මරුට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • IPL ජයග්‍රහණය සැමරීමේ උත්සවය බදාදා පැවැත්වුනේ පොලිස් උපදෙස් නොතකමින් බවට වාර්තා වනවා.
  • ජයග්‍රහණය ලද විගස ක්‍රීඩා ලෝලීන්ගේ උද්වේගය වැඩිවී තිබෙන බැවින් කිසිම ආකාරයේ උත්සවයක් බදාදා නොපවත්වන ලෙසත් ජයග්‍රාහී පෙරහර ඉරිදා පවත්වන ලෙසත් පොලිසිය රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු (RCB) කළමනාකාරිත්වය සහ ප්‍රාන්ත රජයෙන් ඉල්ලා තිබෙනවා.
  • ජයග්‍රහණය සමරන උත්සව පෙරහර ඉරිදා ට සැලසුම් කරන ලෙසට RCB ට දැන්වූ අවස්ථාවේ ඒ වන විට තමන්ගේ විදෙස් ක්‍රීඩකයන් තමන් සමග නොසිටිනු ඇතැයි ඔවුන් තර්ක කර තිබෙනවා.
  • එය නුවණට හුරු දෙයක් නොවන බවත් ක්‍රීඩා ලෝලීන්ගේ උද්වේගය අඩුවීමෙන් පසුව එම උත්සවය ලබන ඉරිදා පවත්වන ලෙසත් අපි ඔවුන්ට කීවා” යනුවෙන් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කරනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

IPL ජයග්‍රහණය සැමරීමේ උත්සවය බදාදා පැවැත්වුනේ පොලිස් උපදෙස් නොතකමින් බවට වාර්තා වනවා.

ජයග්‍රහණය ලද විගස ක්‍රීඩා ලෝලීන්ගේ උද්වේගය වැඩිවී තිබෙන බැවින් කිසිම ආකාරයේ උත්සවයක් බදාදා නොපවත්වන ලෙසත් ජයග්‍රාහී පෙරහර ඉරිදා පවත්වන ලෙසත් පොලිසිය රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු (RCB) කළමනාකාරිත්වය සහ ප්‍රාන්ත රජයෙන් ඉල්ලා තිබෙනවා.

ජයග්‍රහණය සමරන උත්සව පෙරහර ඉරිදා ට සැලසුම් කරන ලෙසට RCB ට දැන්වූ අවස්ථාවේ ඒ වන විට තමන්ගේ විදෙස් ක්‍රීඩකයන් තමන් සමග නොසිටිනු ඇතැයි ඔවුන් තර්ක කර තිබෙනවා.

xvdsff

“බදාදා කිසිම උත්සවයක් පැවැත්වීමට එරෙහි වෙමින් ප්‍රාන්ත රජය හා RCB අධෛර්ය කිරීමට අපි අඟහරුවාදා රාත්‍රියේ සිට උත්සාහ කළා. එය නුවණට හුරු දෙයක් නොවන බවත් ක්‍රීඩා ලෝලීන්ගේ උද්වේගය අඩුවීමෙන් පසුව එම උත්සවය ලබන ඉරිදා පවත්වන ලෙසත් අපි ඔවුන්ට කීවා” යනුවෙන් පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කරනවා.

“වීදියේ කිසිම පෙරහරක් නොපවත්වන ලෙසත් උත්සවය හොඳ සංවිධානයකින් යුතුව එක තැනක පවත්වන ලෙසත් අපි ඔවුන්ට උපදෙස් දුන්නා. ක්‍රීඩකයන් ක්‍රීඩාංගණයට ගෙන්වා එම ස්ථානයේ උත්සවය පවත්වා අවසන් කරන්නැයි අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටියා.”

ඉන්දු - පාකිස්තාන ගැටුම් හේතුවෙන් IPL තරග වැඩසටහන ඒ වනවිටත් සතියකට වැඩි කාලයකින් ඉදිරියට ගෙනැවිත් තිබූ බැවින් RCB ට ඔවුන්ගේ විදෙස් ක්‍රීඩකයන් ජාත්‍යන්තර රාජකාරි වෙනුවෙන් නිදහස් කිරීමට සිදුව තිබුනා. මේ නිසා මේ උත්සවය බදාදා පැවැත්වීම හැරෙන්නට වෙනත් විකල්පයක් එම කණ්ඩායම භාර ආයතනයට තිබුනේ නැහැ.

“විදෙස් ක්‍රීඩකයන් අද හෝ හෙට රටෙන් පිටව යන බව ඔවුන්ගේ තර්කය වුනා” යනුවෙන් එම පොලිස් නිලධාරියා පැවසුවා.

“රජයට මෙයින් වාසියක් ගැනීමට අවශ්‍ය වීම ස්වභාවිකයි. රජය මෙය ප්‍රතික්ෂේප කළා නම් එයින් තවත් අවුලක් ඇතිවෙන්න ඉඩ තිබුනා.”

“අඟහරුවාදා උදේ 5.30 වනතුරු පොලිස් කොමසාරිස්ගේ සිට කොස්තාපල් දක්වා මුළු කාර්ය මණ්ඩලය ම පාරේ සිටියේ ඉතාමත් විඩාපත්ව. එය මුළුමනින්ම පිස්සුවක්. මෙවැනි උමතුවක් අපි කවදාවත් දැකලා නැහැ” යනුවෙන් එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියා.

‌මේ අනුව, සිය ක්‍රීඩා ලෝලීන් සමග ඉන්දියා ප්‍රිමිය ලීගයේ 2025 ජයග්‍රහණය සැමරීමේ RCB උත්සාහයේ ප්‍රතිඵලය වුනේ එම්.චින්නස්වාමි ක්‍රීඩාංගණය පිටත පෑගෙමින්, තැලී පොඩි වෙමින්, අවම වශයෙන් පුද්ගලයන්ට 11 දෙනෙකුට ඔවුන්ගේ ජීවිත අහිමි වීමයි. RCB කණ්ඩායම IPL ශූරතාව දිනා ගත් මොහොතේ සිට බැංගලූරු නගරයේ වීදි පුරා මහත් ව්‍යාකූලත්වයක් හටගෙන තිබුනා. කණ්ඩායමේ සාර්ථකත්වය සැමරීමේදී ක්‍රීඩා ලෝලීන් වියරු වැටුනා. බදාදා සන්ධ්‍යාවේ බැංගලූරු නුවර ජයග්‍රහණයේ පෙරහරක් පැවැත්වෙන බව ආරංචි වූ මොහොතේ පටන් ක්‍රීඩා ලෝලීන් උදේ සිට ක්‍රීඩාංගණය වටා රොක්වෙමින් සිටියා.

xsas
Vidhana Soudha සිට Chinnaswamy දක්වා විවෘත බස් රථයකින් ගමන් කරන පෙළපාළියක් පැවැත්වීමට අධෛර්ය කරන අතරතුර ක්‍රීඩා ලෝලීන්ට ක්‍රමවත්ව සන්සුන් ලීලාවෙන් සංවිධානය වන ලෙසට පොලිසිය හා රථවාහන හසුරුවන නිලධාරීන් සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩ යවා තිබුන ද එම අනතුරු ඇඟවීම් නොතැකීම නිසා මේ ඛේදජනක සිද්ධිය ඇතිවුනේ ජයග්‍රහණයේ සතුට මකා දමමින්.

dwqssxdfes
චින්නස්වාමි ක්‍රීඩාංගණයේ තිබෙන්නේ කුඩා ගේට්ටු. මේවායින් ජනතාව බුරුතු පිටින් ඇතුළු වීමේදී එම ගේට්ටු කඩා වැටුනා. ඉන්පසුව මිනිසුන් කුලප්පු වෙමින් මිරිකී පොඩිවූ අතර කිසිම කෙනෙක් මෙවැනි විශාල සෙනඟක් බලාපොරොත්තු වුනේ නැහැ. ක්‍රීඩාංගණයේ උපරිමය මිනිසුන් 35,000ක් පමණයි. නමුත් ලක්ෂ දෙක තුනක ජනතාවක් උත්සවයට සහභාගි වීමට පැමිණියා.

(සටහන | වර්නන් ගුණසේකර)

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com


සබැඳි පුවත් :

IPL බැංගලූරු ජය සැමරුමේ තෙරපීමකින් 11 දෙනෙකු මරුට

අංක 18 කමිසයෙන් 18 වැනි IPL කිරුළ දිනාගත් කෝලි ටෙස්ට් ක්‍රිකට් අගය කරයි

2025 IPL කිරුළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු පිලට

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පොලිස් උපදෙස් නොතකා RCB පැවැත්වූ ජයග්‍රහණයේ උත්සවයෙන් 11ක් මරුට | The Leader