The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
ක්‍රීඩා

වැඩියෙන්ම සරාගී පාපන්දු ක්‍රීඩා ලෝලියා: කටාර් නරඹන්නන් මන්මත් කළ ඇය ජර්මනියටත් එනවා

T

The Leader Desk

May 27, 2024 • 2:31 PM

වැඩියෙන්ම සරාගී පාපන්දු ක්‍රීඩා ලෝලියා: කටාර් නරඹන්නන් මන්මත් කළ ඇය ජර්මනියටත් එනවා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2022 කටාර් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී මිලියන ගණන් ජනතාව ප්‍රමෝදයට පත් කළ පාපන්දුවේ වැඩියෙන්ම සරාගී
  • ක්‍රොඒෂියාව තේමාව කර ගත් ඇඳුමෙන් පාපන්දු ලෝකයේ අවධානය ග්‍රහණය කර ගත් මේ 31 හැවිරිදි නිරූපිකාවට ‘පාපන්දුවේ වඩාත්ම සරාගී ක්‍රීඩා ලෝලියා’ යනුවෙන් නම පටබැඳී තිබෙනවා.
  • ඊජිප්තුව ට එරෙහිව පසුගිය මාසයේ පැවති මිත්‍ර තරගයෙන් ක්‍රොඒෂියාව ගෝල් 4-2කින් ජය ගැනීමෙන් පසුව ක්නොල් නැවත වතාවක් ක්‍රීඩා ලෝලීන් පිනවීමේ අරමුණින් ‘යුරෝ කුසලාන’ තරගවලට සහභාගි වීමට සූදානමින් පසුවනවා.
  • මේ සුරූපී කාන්තාව ක්‍රොඒෂියා වර්ණවලින් යුත් ඇඳුමින් සැරසී තරගයක් නරඹන සංකේතාත්මක ඡායාරූපයක් තමාගේ මිලියන තුනක් වන සමාජ මාධ්‍ය අනුගාමිකයන් අතර බෙදා ගෙන තිබෙන්නේ පිංතූරයට යටින් මෙසේ සඳහන් කරමින්: “අපි යූරෝ 2024 බලන්න යමු” - Let’s go for Euro 2024.
අකුරු ප්‍රමාණය (Font Size):

ක්‍රීඩා ලෝලියා ජර්මනියේ ලබන මස ඇරඹෙන  Euro තරගාවලියේදීත් නරඹන්නන් පිනවනු ඇතැයි වාර්තා වනවා.

හිටපු ක්‍රොඒෂියා රූ රැජින වන ඉවානා ක්නොල් (Ivana Knoll) ඇගේ රටේ කණ්ඩායමට ‘චියර්’ කරන විට, අඟ පසඟ නිරාවරණය වන සේ ඇඳුම් පැළඳ ලිංගික හැඟීම් අවුස්සන අන්දමේ ඉරියව්වලින් සිටින ඇගේ ඡායාරූප සමාජ මාධ්‍යයේ බෙදා ගත්තේ පාපන්දු ක්‍රීඩා ලෝලීන් පිස්සු වට්ටමින්.

Ivana Knoll 1
ක්‍රොඒෂියාව තේමාව කර ගත් ඇඳුමෙන් පාපන්දු ලෝකයේ අවධානය ග්‍රහණය කර ගත් මේ 31 හැවිරිදි නිරූපිකාවට ‘පාපන්දුවේ වඩාත්ම සරාගී ක්‍රීඩා ලෝලියා’ යනුවෙන් නම පටබැඳී තිබෙනවා.

ඊජිප්තුව ට එරෙහිව පසුගිය මාසයේ පැවති මිත්‍ර තරගයෙන් ක්‍රොඒෂියාව ගෝල් 4-2කින් ජය ගැනීමෙන් පසුව ක්නොල් නැවත වතාවක් ක්‍රීඩා ලෝලීන් පිනවීමේ අරමුණින් ‘යුරෝ කුසලාන’ තරගවලට සහභාගි වීමට සූදානමින් පසුවනවා. ලෝක කුසලාන පාපන්දු තරගාවලියට පසුව ලොව වැඩියෙන්ම නරඹන තරගාවලිය වන්නේ Euro - යුරෝපීය පාපන්දු ශූරතාවලිය යි.

kjhfkgjd
මේ සුරූපී කාන්තාව ක්‍රොඒෂියා වර්ණවලින් යුත් ඇඳුමින් සැරසී තරගයක් නරඹන සංකේතාත්මක ඡායාරූපයක් තමාගේ මිලියන තුනක් වන සමාජ මාධ්‍ය අනුගාමිකයන් අතර බෙදා ගෙන තිබෙන්නේ පිංතූරයට යටින් මෙසේ සඳහන් කරමින්: “අපි යූරෝ 2024 බලන්න යමු” - Let’s go for Euro 2024.

ඊට පසුව, ඇය කළු පාට බිකිනියක් පැළඳ සිටින ඡායාරූපයක්, “මාස දෙකකින් යුරෝපයේදී හමුවෙමු” – Europe in 2 months - යන කැප්ෂනයත් සමග පළ කිරීමත් සමග ඇවිලෙන ගින්නට පිදුරු දැමුනා.

පාපන්දු ලෝලීන් පුල පුලා බලා සිටි ‘යුරෝ’ තරගාවලියේදී නරඹන්නන් සතුටු කිරීම පිණිස තමා යුරෝපයේ සංචාරය කරන බව ඇය දැන් ස්ථිර වශයෙන් ම කියා තිබෙනවා.

jkerjf
ඉන්ස්ටග්‍රෑම් හි සටහනක් තබමින් මේ නිරූපිකාව මෙසේ ලියා තිබෙනවා: “මම යුරෝවලට යනවා. තරගවලදී හමුවෙමු” – I am going to the Euros. See you all at the matches.

සියළුම ප්‍රවේශ පත් තමා මිලදී ගෙන ඇති බවත් ක්‍රොඒෂියාවේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරන බවත් ඇය ප්‍රකාශ කර තිබෙනවා.

“මගේ ක්‍රොඒෂියාවේ මූලික වට තරග තුනටම ටිකට් මා ළඟ තියෙනවා. ඔවුන් ඉන් ඉදිරියට ගියොත්, එතනත් මම නොවරදවාම ඉන්නවා!”

මේ සරාගී නිරූපිකාව යාන්තමට හෝ මොහොතකට දැක ගැනීමේ ආශාවෙන් ක්‍රීඩා ලෝලීන් නොඉවසිල්ලෙන් බලා සිටින්නේ, ස්පාඤ්ඤය ට එරෙහිව ක්‍රොඒෂියාව ඔවුන්ගේ Euro 2024 මෙහෙයුම ජූනි 15 වැනිදා දියත් කරන තෙක්.

ඉවානා ක්නොල් අලුතින් සොයා ගත් කීර්තියෙන් ඇය සමාජ මාධ්‍ය හරහා ඉතාමත් ජනප්‍රියව සිටින්නේ ලෝක ප්‍රසිද්ධ නළු Leonardo DiCapricoගෙන් උත්සව ආරාධනා ලබමින් සහ විවිධ විලාසිතා රූපගත කිරීම්වලට ඇරයුම් ලබමින්.

පසුගිය වසරේ ලාස් වේගාස් හි පැවති Formula One ග්‍රොන් ප්‍රී තරගයට ද මේ සුරූපී කාන්තාව ප්‍රථම වරට සහභාගි වෙමින් නරඹන්නන් අමන්දානන්දයට පත් කළා.

dfgsr456
කටාර්‌ දේශයේදී 2022 වසරේ පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලිය යනු ප්‍රධාන ජාත්‍යන්තර තරගාවලියක ක්නොල් පෙනී සිටි පළමු අවස්ථාව නෙවෙයි. මේ නිරූපිකාව ප්‍රථම වතාවට ක්‍රීඩාංගණයක නරඹන්නන් අතර සිටිනු දක්නට ලැබුනේ මීට වසර දහයකට පෙර බ්‍රසීලයේ පැවති 2014 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී.

එහිදී ඇගේ බෝල්කන් දේශය මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවතට විසිවනු බලා සිටින විටත් ඇය පැළඳ සිටියේ ක්‍රොඒෂියාව තේමාව කර ගත් උද්යෝගිමත් ඇඳුමක්.

නමුත් ඇය ආන්දෝලනාත්මක අයුරින් කැපී පෙනුනේ කටාර් නමැති ආගමික නීති රීතිවලින් බලසම්පන්න අරාබි රටේ කිසිම බියක් සැකක් නැතිව, ඇගේ සිරුරේ හැඩයන් නිරාවරණය වන සේ ඇඳුම් පැළඳ ඩෝහා නගරයේ සැරිසරන අයුරු කැමරාවන්ට හසුවීමෙන් පසුව.

ජනවාරියේ පැවති අමෙරිකාවේ ‘ෆ්ලොරිඩා තරග දිනය’ට රෝස පැහැති කොට ඇඳුමක් පැළඳ පෙනී සිටීම නිසා ඉවානා ක්නොල් ‘තුරඟ තරගවල වඩාත්ම සරාගී ක්‍රීඩා ලෝලියා’ බවට ද පත්වුනා.

තමාගේ සජීවී සෞන්දර්යාත්මක රූපගත කිරීමක් වෙනුවෙන් පසුගිය වසර අවසානයේ ඇය ‘තනපට-රහිත සමාජය’ (no-bra club) ට බැඳුනේ ක්‍රීඩා ලෝලින් අන්දමන්ද කරමින්.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...