The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා අවුරුදු 23න් පහළ පාපන්දු කණ්ඩායම ජාත්‍යන්තර තරග බිමට

T

The Leader Desk

August 23, 2025 • 2:05 PM

ශ්‍රී ලංකා අවුරුදු 23න් පහළ පාපන්දු කණ්ඩායම ජාත්‍යන්තර තරග බිමට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කසකස්තානයේ පැවැත්වීමට නියමිත ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) වයස අවුරුදු 23න් පහළ ආසියානු කුසලාන තරගාවලියට
  • ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරග සඳහා සූදානම් වූයේ අවුරුදු 23න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු කටාර් දේශයේ අහමඩ් අල්මන්නායිගේ අධීක්ෂණය යටතේ.
  • කණ්ඩායම අද (23) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබුනා.
  • ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) ඔවුන්ගේ දීර්ඝ කාලීන පාපන්දු සංවර්ධන සැලසුම්වල තවත් වැදගත් පියවරක් තබමින් ශ්‍රී ලංකා අවුරුදු 23න් පහළ යොවුන් ජාතික පාපන්දු කණ්ඩායමට ප්‍රධාන ජාත්‍යන්තර තරගාවලියන් දෙකකට සහභාගි වීමට වේදිකාව සකස් කර  තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

සුදුසුකම් ලැබීමේ තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි කරවීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු යෙදා තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරග සඳහා සූදානම් වූයේ අවුරුදු 23න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු කටාර් දේශයේ අහමඩ් අල්මන්නායිගේ අධීක්ෂණය යටතේ. කණ්ඩායම අද (23) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබුනා.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) ඔවුන්ගේ දීර්ඝ කාලීන පාපන්දු සංවර්ධන සැලසුම්වල තවත් වැදගත් පියවරක් තබමින් ශ්‍රී ලංකා අවුරුදු 23න් පහළ යොවුන් ජාතික පාපන්දු කණ්ඩායමට ප්‍රධාන ජාත්‍යන්තර තරගාවලියන් දෙකකට සහභාගි වීමට වේදිකාව සකස් කර  තිබෙනවා.

ඒ අනුව, සැප්තැම්බර් 1 සිට 11 දක්වා කසකස්තානයේ පැවැත්වෙන ආසියානු සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම කටාර් හා සිරියාවේ අවුරුදු 23න් පහළ ජාතික කණ්ඩායම් සමග ද ජාත්‍යන්තර මිත්‍ර තරග දෙකක් ක්‍රීඩා කරනු ඇත්තේ ක්‍රීඩකයන්ගේ විදෙස් තරගවලට නිරාවරණය වීම තවත් ශක්තිමත් කරමින්.

මේ වැඩපිළිවෙල FFSL සභාපති ජස්වර් උමාර් මහතාගේ සංකල්පයේ කොටසක්. රටේ කණිෂ්ඨ ජාතික කණ්ඩායම්වලට ජාත්‍යන්තර තරග අවස්ථාවන් ලබා දීමේ වැදගත්කම ඒ මහතා දිගටම අවධාරණය කර තිබෙනවා. ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලාංකේය පාපන්දුව දියුණුවේ නව යුගයක් දකිමින් සිටින්නේ ජ්‍යෙෂ්ඨ ජාතික කණ්ඩායම පසුගිය වසර දෙකේදී අත්කර ගත් සාර්ථකත්වය මත.

 
 පාපන්දු ක්‍රීඩා‌වේ සියලු අංශ ඉහළට ඔසවා තබමින් ඒවා වෘත්තිමය තත්ත්වයට ගෙන ඒමේ සැලසුම් දැන් ක්‍රියාවට නංවා තිබෙන බව සම්මේලනය සඳහන් කරනවා.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...