The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මහා­චාර්ය අර්ජුන SLADA සභා­පති තන­තුර අත්හ­රියි

T

The Leader Desk

September 20, 2024 • 3:54 PM

 මහා­චාර්ය අර්ජුන SLADA සභා­පති තන­තුර අත්හ­රියි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙයට සති ගණ­නා­ව­කට පෙර ගත් එම තීර­ණය පෙරේදා (18) පැවති මාධ්‍ය හමු­ව­කදී ඔහු නිල වශ­යෙන් ප්‍රකාශ කළේය.
  • මහාචාර්ය අර්ජුන ද සිල්වා කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය අංශයේ ප්‍රධානියා ලෙසත් උතුරු කොළඹ ශීක්ෂණ රෝහලේ උපදේශක වෛද්‍යවරයකු ලෙසත් දැනට කටයුතු කරයි.
  • වසර 2010 දී ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩක මංජු වන්නිආරච්චි දිනාගත් පොදු රාජ්‍ය මණ්ඩලයීය රන් පදක්කම ඔහු තහනම් උත්තේජක පාවිච්චි කර තරග වැදුණු බවට තහවුරුවීමෙන් අවලංගු කෙරුණි.
  • එයින් පසුව මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් තහනම් උත්තේජක පිටු දැකීම හා පාලනය කිරීම සදහා 2011 දී ස්ථාපිත කළ ක්‍රීඩා වෛද්‍ය හා තහනම් උත්තේජක මර්දන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පළමු පත්වීම ලබමින් සිල්වා මෙම ක්ෂේත්‍රයට අවතීර්ණ විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉල්ලා අස්වෙයි.

මෙයට සති ගණ­නා­ව­කට පෙර ගත් එම තීර­ණය පෙරේදා (18) පැවති මාධ්‍ය හමු­ව­කදී ඔහු නිල වශ­යෙන් ප්‍රකාශ කළේය.

මහාචාර්ය අර්ජුන ද සිල්වා  කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය අංශයේ ප්‍රධානියා ලෙසත් උතුරු කොළඹ ශීක්ෂණ රෝහලේ උපදේශක වෛද්‍යවරයකු ලෙසත් දැනට කටයුතු කරයි.

තවත් ක්‍ෂ්ත්‍රයේ පළපුරුදු අයෙකුට කටයුතු කිරීමේ අවස්ථාව සලසාදීමට තමන් ඉල්ලා අස්වූ බව ඔහු මෙම මාධ්‍ය හමුවේදී පැවසීය. 

 

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය අර්ජුන ද සිල්වා, වසර 2011 සිට එම ආයතනයට සේවය ලබාදීමේදී ජනාධිපතිවරුන් තිදෙනකු හා ක්‍රීඩා ඇමැතිවරුන් අට දෙනකු යටතේ තමන් කටයුතු කළ බවත් එයින් තමා ඉවත්ව යන්නේ ආසියානු රටවල ක්‍රියාකාරී තහනම් උත්තේජක (ජාතික) මර්දන ආයතන අතර ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව හය වැනි ස්ථානයට පත් කරමින් බවත් පැවැසීය.


වසර 2010 දී ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩක මංජු වන්නිආරච්චි දිනාගත් පොදු රාජ්‍ය මණ්ඩලයීය රන් පදක්කම ඔහු තහනම් උත්තේජක පාවිච්චි කර තරග වැදුණු බවට තහවුරුවීමෙන් අවලංගු කෙරුණි.

එයින් පසුව මෙරට ක්‍රීඩා  ක්ෂේත්‍රයෙන් තහනම් උත්තේජක පිටු දැකීම හා පාලනය කිරීම සදහා 2011 දී ස්ථාපිත කළ ක්‍රීඩා වෛද්‍ය හා තහනම් උත්තේජක මර්දන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පළමු පත්වීම ලබමින් සිල්වා මෙම ක්ෂේත්‍රයට අවතීර්ණ විය.

වසර 2013දී තහ­නම් උත්තේ­ජක මර්දන පනත පාර්ලි­මේ­න්තුවේ සම්මත වූ අතර, එය ජාත්‍ය­න්තර ප්‍රජා­වගේ පැස­සු­මට ලක්විය.

2016 සිට 2019 දක්වා අර්ජුන ද සිල්වා දකුණු ආසියා තහ­නම් උත්තේ­ජක මර්දන සභා­ප­ති­ව­රයා ලෙස ද කට­යුතු කළේය.

තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යාතනයට අංග සම්පූර්ණ නව ආයතන පරිශ්‍රයක් ඉදි කිරීම, නිතිවිරෝධි තහනම් උත්තේජක ද්‍රව්‍ය විකිණීමේ ජාවාරම මැඩ පැවැත්වීම, එම අනතුර හමුවේ ආහාර පාන හා ඖෂධ පිළිබඳව මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුළුල් දැනුමක් පළමු වතාවට දැනුවත් කිරීම, ආසියානු හා ශාන්තිකර අමාත්‍ය මණ්ඩල 15 වැනි හා 18 වැනි රැස්වීම් සදහා ශ්‍රී ලංකාවේ සත්කාරය ලබාදීම, අති නවීනතම විද්‍යාගාරයක් ආයතන පරිශ්‍රයේ ස්ථාපිත කිරීම සිය සේවා කාලය තුළදී ඉටුවූ ප්‍රධාන සේවාවන් බව මහාචාර්ය අර්ජුන මාධ්‍ය හමුවේදී පැවැසීය.


උත්තේ­ජක මර්දන නියෝ­ජ්‍යා­ය­ත­නය ලෙස ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රග­තිය හේතු­වෙන් ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය (අයි­සීසී) යටතේ පව­තින තර­ගා­ව­ලි­වල තහ­නම් උත්තේ­ජන පරීක්ෂා ලබා­දී­මට එක­ඟවී ඇතැයි ද ඔහු එම මාධ්‍ය හමුවේදී පැව­සීය. එයින් ඉදි­රි­යේදී ශ්‍රී ලංකා­වට විශාල ඩොලර් ආදා­ය­මක් ලබා­ගත හැකි බව මහාචාර්ය­ව­රයා පෙන්වා දුන්නේය.

 

“ගෙවී ගිය කාලය තුළ අප ලැබූ ප්‍රග­තිය විශා­ලයි. ඒ නිසාම කිසිදු ජාත්‍ය­න්තර තර­ග­ය­කදී අපේ ක්‍රීඩ­ක­ය­කුට තහ­නම් උත්තේ­ජක චෝදනා එල්ල වෙලා නෑ. දෙක තුනක් ශ්‍රී ලංකාවේ පැවති තර­ග­ව­ලදී වාර්තා වුණා. අපි කඩා පැනලා පරී­ක්ෂණ කර­න­වාට වඩා තහ­නම් උත්තේ­ජක භාවි­ත­යෙන් සිදු වන විපාක සම්බ­න්ධ­යෙන් අධ්‍යා­පන වැඩ­ස­ට­හන් කර­නවා. හරි වේලා­වට තන­තුරු අත්හල යුතුයි. තවත් කෙනෙ­කුට අව­ස්ථාව දීලා තන­තු­රෙන් ඉව­ත්වී­මට තීර­ණය කළා” මහා­චාර්ය අර්ජුන ද සිල්වා වැඩිදුරටත් කියා සිටියේය.

මේ මාධ්‍ය හමු­වට ශ්‍රී ලංකා උත්තේ­ජක මර්දන නියෝ­ජ්‍යා­ය­ත­නයේ අධ්‍යක්ෂ ජන­රාල් වෛද්‍ය ශිරෝමි පිල­පි­ටිය හා වෛද්‍ය ධම්මික සේනා­නා­යක ඇතුළු විශාල පිරි­සක් එක්ව සිටි­යහ.

හිස්වූ ධූරයට වෛද්‍ය ශිරෝමි පිලපිටිය නිර්දේශ වනු ඇතැයිද වාර්තාවේ.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...