The Leader News
BREAKING
Top Ad
පුවත්

'යෝ' මෙහෙයවන අගමැතිට ඉහළ හස්තයක්? -සේනානි SMS ගහලා!

T

The Leader Desk

March 16, 2021 • 3:15 AM

 'යෝ' මෙහෙයවන අගමැතිට ඉහළ හස්තයක්? -සේනානි SMS ගහලා!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නාගරික සංවර්ධන විෂය භාර අමාත්‍ය වන අගමැතිවරයාට ද නොදන්වා පර්චස් 109 ක භූමි ප්‍රදේශයක
  •          The Leader TV       ලංකාවේ මූලික අයිතිවාසිකම් කියලා දෙයක් නෑ - රෝහාන් සමරජීව   සැකයක් තියාගන්න එපා!
  •       සබැඳි පුවත :   කොල්ලුපිටිය සුපිරි වෙළඳ පොලත් චීන සමාගමකට?
අකුරු ප්‍රමාණය (Font Size):
පිහිටි කොල්ලුපිටිය සුපිරි වෙළෙඳ පොල චීන සමාගමකට ලබා දීමට නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහනගර සභාව අත්සන් කළ අවබෝධතා ගිවිසුම, මහ සභාවේ අනුමත කර ගැනීමට ඡන්දය පාවිච්චි කරන්නැයි කොළඹ මහ නගර සභාවේ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අවසාන මොහොතේ දී අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් යෝෂිත රාජපක්ෂ විසින් කොළඹ නාගරික මන්ත්‍රීනි නිත්‍යා සේනානි සමරනායක හරහා දුරකථන කෙටි පණිවිඩයක් ලබා දී තිබුණු කතාවක් ගැන ඊයේ (15) කොළඹ මහ නගර සභා මන්ත්‍රීවරුන්ගේ කතා බහට ලක්ව ඇතැයි 'ද ලීඩර්' වෙත වාර්තා වේ.
 
විෂය භාර අමාත්‍යවරයා ලෙස අගමැතිවරයාව මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට කලින් දැනුවත් කර නොතිබූ බවත්, ගිවිසුම අත්සන් කර සති තුනකට පසු දිනක මෙම අවබෝධතා ගිවිසුම ගැන තමන් අගමතිවරයාගෙන් විමසූ අවස්ථාවේ දී ඔහු ඒ ගැන දැන නොසිටිය බවත්, කොළඹ නාගරික මන්ත්‍රීනි ශාමිලා ගෝනවල මන්ත්‍රීවරිය පලාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් වෙත යවන ලද ලිපියක සඳහන් කරයි.
 
කොල්ලුපිටිය සුපිරි වෙළඳ පොල චීන සමාගමක් වෙත ලබාදීමට නාගරික සංවර්ධන අමාත්‍ය නාලක ගොඩහේවා ගේ සහ කොළඹ නගරාධිපති රෝසි සේනානායක ගේ මූලිකත්වයෙන් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම, විෂය භාර අමාත්‍ය අගමැතිටවත් නොදන්වා, පරිපාටියට පටහැනිව අත්සන් කර ඇති බැවින්, එය වහා අවලංගු කරන ලෙස කොළඹ නාගරික මන්ත්‍රී ශාමිලා ගෝනවල, පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ගෙන් ඉල්ලා ඇත.
 
කෙසේවෙතත්, අවසාන මොහොතේදී අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් යෝෂිත රාජපක්ෂගෙන් එකී අවබෝධතා ගිවිසුම අනුමත කිරීමට ඡන්දය දෙන ලෙස නාගරික මන්ත්‍රීවරියක් හරහා පොහොට්ටු පක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන්ට උපදෙස් ලැබුණේ නගර සභා ආඥා පනතේ නියමිත පරිපාටියට පිටින් අත්සන් කළ එකී අවබෝධතා ගිවිසුම සඳහා අගමැතිවරයාගේ අනුමැතිය ලැබුණු නිසාදැයි මන්ත්‍රීවරුන් එකිනෙකාගෙන් විමසා ඇතැයි ද පැවසේ.
 
 
 
සබැඳි පුවත :
 

 

 


 

 

 
 

 

ලංකාවේ මූලික අයිතිවාසිකම් කියලා දෙයක් නෑ - රෝහාන් සමරජීව

 

සැකයක් තියාගන්න එපා! පාස්කු වැරදිකරුවන්ට එරෙහිව මේ ආණ්ඩුව කිසිම පියවරක් ගන්නෙ නෑ.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'යෝ' මෙහෙයවන අගමැතිට ඉහළ හස්තයක්? -සේනානි SMS ගහලා! | The Leader