කොල්ලුපිටිය සුපිරි වෙළඳ පොල චීන සමාගමක් වෙත ලබාදීමට නාගරික සංවර්ධන අමාත්‍ය
නාලක ගොඩහේවා ගේ සහ කොළඹ නගරාධිපති රෝසි සේනානායක ගේ මූලිකත්වයෙන් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම, විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍යවරයාටවත් නොදන්වා, පරිපාටියට පටහැනිව අත්සන් කර ඇති බැවින්, එය වහා අවලංගු කරන ලෙස කොළඹ නාගරික මන්ත්‍රී ශාමිලා ගෝනවල, පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ගෙන් ඉල්ලා සිටියි.
 
නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව අතර මේ වසරේ ජනවාරි 21 වන දින අත්සන් කර ඇති එකී අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට පළමුව වෙළද සැල ස්ථාවර කමිටුව සමග සාකච්ඡා කළ යුතුව තිබූ නමුත්, එය සිදු නොවූ බව ශාමිලා ගෝනවල පෙන්වා දෙයි. 
 
එකී අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට කලින් වෙළෙඳ සැල කමිටුව, මුදල් කමිටුව, සහ මහ සභාවෙන් අනුමැතිය ගත යුතු වුවද, එවැනි අනුමැතියක් නොමැතිව මෙම ගිවිසුම අත්සන් කර ඇති බවට නාගරික මන්ත්‍රීවරිය චෝදනා කරයි.
 
එසේම, විෂය භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයාවවත් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට කලින් දැනුවත් කර නොතිබූ බවත්, ගිවිසුම අත්සන් කර සති තුනකට පසු දිනක මෙම අවබෝධතා ගිවිසුම ගැන තම අග්‍රාමාත්‍යවරයාගෙන් විමසූ අවස්ථාවේ දී ඔහු ඒ ගැන දැන නොසිටිය බවත්, ශාමිලා ගෝනවල මන්ත්‍රීවරිය එම ලිපියෙහි සඳහන් කරයි.
 
කොල්ලුපිටියට පොදු වෙළඳපොළට පර්චස් 109 ක භූමි ප්‍රදේශයක් අයත් වෙයි. දැනට එහි කඩ කාමර 94 ක් ඇත. කොළඹ මහ නගර සභාවට අයත් ඕනෑම ස්ථාවර දේපලක් පැවරීමේදී හෝ බැහැර කිරීමේදී නගර සභා ආඥා පනතට අනුකූලව සිදු කළ යුතු බව ගෝනවල මන්ත්‍රීවරිය අවධාරණය කරයි.
 
තමාට දැන ගැනීමට ඇති තොරතුරු අනුව මෙම අවබෝධතා ගිවිසුම සකස් කර ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියේ නීතීඥවරියන් දෙදෙනෙකුගේ මූලිකත්වයෙන් මිස, මහ නගර සභාවේ අදහස් අනුව නොවන බවද මන්ත්‍රීවරිය කියයි.
 

Sharmila Letter 2

Sharmila Letter 1

 

 


 

 

 
 

 

සැකයක් තියාගන්න එපා! පාස්කු වැරදිකරුවන්ට එරෙහිව මේ ආණ්ඩුව කිසිම පියවරක් ගන්නෙ නෑ.

 

සියලුම ආගමික නීති රටේ නීතියට යටත් - වෛද්‍ය අජිත් අමරසිංහ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්