leader s

ලෝක බලවතෙකුගේ යුධ ජයග්‍රහණ දේශපාලන ස්ථාවරත්වයක් බවට හැරවීමේදී මතුවන ඓතිහාසික හා වත්මන් උගුල්


න්‍යෂ්ටික සීමාවන් ඉක්මවා යාම ගෝලීය බල තුලනයට සහ කලාපීය ආරක්ෂාවට එල්ල කරන අභියෝග

ගෝලීය දේශපාලන හා උපායමාර්ගික ක්‍ෂේත්‍රය තුළ කතාබහට ලක්වන වඩාත් සංකීර්ණ මාතෘකාවක් වන්නේ අතිමහත් හමුදා බලය සාර්ථක දේශපාලන ප්‍රතිඵලයක් බවට පරිවර්තනය කරගැනීමේ අභියෝගයයි. ප්‍රකට උපායමාර්ගික විශ්ලේෂකයෙකු සහ ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරයෙකු වන මිලින්ද මොරගොඩ ‘හින්දුස්තාන් ටයිම්ස්’ (Hindustan Times) පුවත්පතේ විශේෂ ලිපියක් පළ කරමින් මෙම ඓතිහාසික හා වත්මන් තත්ත්වයන් මැනවින් විශ්ලේෂණය කර තිබේ.

ඓතිහාසික පසුබිම සහ වත්මන් යථාර්ථය අතර වෙනස

මීට දශක අටකට පමණ පෙර, දෙවන ලෝක යුද්ධයේ අවසාන අදියරේදී ඇමරිකානු ජනාධිපති හැරී එස්. ටෲමන්ට මුහුණ දීමට සිදු වූයේ යුද්ධයේ ස්වභාවය සදහටම වෙනස් කළ තීරණාත්මක මොහොතකටය. නාසි ජර්මනියේ යටත්වීමෙන් පසුවද ජපානය දිගින් දිගටම සටන් වැදුණු අතර, අමෙරිකාව සතුව ලෝක ඉතිහාසයේ පෙර නොවූ විරූ මහා විනාශකාරී ආයුධයක් (පරමාණු බෝම්බය) තිබිණි. එම අවස්ථාවේදී හමුදාමය බලය උපරිමයෙන් භාවිතා කර යුද්ධය අවසන් කිරීමේ බරපතළ වගකීම ටෲමන් වෙත පැවරී තිබුණි.  

කෙසේ වෙතත්, 1945 ජපානය මුහුණ දුන් තත්ත්වය සහ වත්මන් ඉරාන ගැටුම එකිනෙකට මුළුමනින්ම වෙනස් වන අතර, එදා භාවිත කළ පරමාණු බෝම්බය අද පවතින අතිනවීන න්‍යෂ්ටික අවි ආයුධ සමඟ සරලව සැසඳිය නොහැකි බව මිලින්ද මොරගොඩ පෙන්වා දෙයි. වත්මන් අමෙරිකානු පරිපාලනය හමුවේ ඇති ගැටළුව වන්නේ ඉරානයට දැඩි ලෙස හමුදාමය හා ද්‍රව්‍යමය හානි සිදු කළද, අපේක්ෂිත තීරණාත්මක දේශපාලන ප්‍රතිඵලය හෝ දණගැස්වීම තවමත් ළඟා කර ගැනීමට නොහැකි වී තිබීමයි.  

බලය ක්‍රියාත්මක කිරීමේ උපායමාර්ගික උගුල

ගැටුම දිග්ගැස්සීම නිසා ඇතිවන ආර්ථික හා දේශපාලන පීඩනය හේතුවෙන්, කලාපයේ ආධිපත්‍යය පෙන්වීමට වොෂින්ටන් බලධාරීන්ට යම් හෙයකින් බලපෑම් එල්ල වුවහොත්, මීට පෙර කිසිසේත් පිළිගත නොහැකි යැයි සැළකූ අන්තවාදී විකල්ප වෙත යොමුවීමේ පෙළඹවීමක් මතුවිය හැකිය. එහෙත්, 1945 දී හිරෝෂිමා සහ නාගසාකි වෙත පරමාණු බෝම්බ හෙළීමෙන් පසුවද ජපානය ක්ෂණිකව යටත් නොවූ බව ඉතිහාසය සාක්ෂි දරයි. සෝවියට් සංගමය යුද්ධයට පිවිසීම ඇතුළු විවිධ සාධක රැසක එකතුවක ප්‍රතිඵලයක් ලෙස පමණක් ජපානයේ යටත්වීම සිදුවිය. මෙයින් පැහැදිලි වන්නේ පෙර නොවූ විරූ මහා විනාශයක් සිදු කළ පමණින් ස්වයංක්‍රීයව දේශපාලන කැතුපිටවීමක් (Capitulation) ළඟා කරගත නොහැකි බවයි.

ගෝලීය ප්‍රතිවිපාක සහ කලාපීය ආරක්ෂාව

වත්මන් ලෝකය 1945 ට වඩා මුළුමනින්ම වෙනස්ය. අද වන විට තොරතුරු ක්ෂණිකව සංසරණය වන අතර, සෑම බලය යෙදවීමක්ම ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි සක්ෂ්ම නිරීක්ෂණයට ලක් වේ. න්‍යෂ්ටික අවිවල පැවැත්මේ ප්‍රධාන පරමාර්ථය වී ඇත්තේ ඒවා කිසි දිනක භාවිත නොකරන බවට වන පරස්පර විරෝධී තත්ත්වය තහවුරු කිරීමයි.

යම් හෙයකින් එම සීමාවන් බිඳ වැටුණහොත්, එහි ප්‍රතිවිපාක අදාළ ඉලක්කගත රටකට පමණක් සීමා නොවී සමස්ත ගෝලීය ආරක්ෂාවටම බලපානු ඇත. ඉන්දියාව වැනි තමන්ටම ආවේණික න්‍යෂ්ටික ප්‍රතිපත්ති සහ උපායමාර්ගික ඇස්තමේන්තු ඇති රටවල් හමුවේ, වෙනත් තැන්වලදී න්‍යෂ්ටික අවි භාවිතය පිළිබඳ සලකා බලන තත්ත්වයන් වෙනස් වුවහොත්, එය තමන්ගේ ජාතික ආරක්ෂාවට බලපාන ආකාරය පිළිබඳව දැඩි විමසිල්ලකින් යුතුව බැලීමට සිදුවේ.  

අවසාන වශයෙන්, මිලින්ද මොරගොඩපෙන්වා දෙන පරිදි හමුදාමය උත්තරීතරබව මඟින් ප්‍රතිවාදියෙකුගේ සටන් වැදීමේ හැකියාව විනාශ කර දැමිය හැකි වුවද, ඉන් පමණක් යුද්ධයෙන් පසු උදාවන දේශපාලන පිළිවෙළ හෝ ස්ථාවරත්වය තීරණය කළ නොහැක. එය කවර බලවතෙකුට වුවද මුහුණ දීමට සිදුවන සදාකාලික උපායමාර්ගික අභියෝගයකි.


වැඩිදුර කියවීම සඳහා:

හින්දුස්තාන් ටයිම්ස් මුල් ලිපිය (In the Iran war, a tale of old American dilemmas)


 

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්