ගෘහස්ත ක්‍රීඩාංගණයේදී හෙට (16) ආරම්භ වනවා. හෙට සිට දින තුනක් තිස්සේ පැවැත්වෙන මේ ලීග් තරගාවලියේ අනෙක් තරග පැවැත්වෙන ඉසව්ව වන්නේ කොළඹ සාන්ත ජෝසප් විදුහල් ගෘහස්ථ පිටිය යි.
ශ්‍රී ලංකාවේ නෙට්බෝල් පරිපාලනය අක්‍රියව තිබියදී එම ක්‍රීඩාවට ආදරය කරමින් සාර්ථක දෙවැනි වසරටත් මේ ජාත්‍යන්තර නෙට්බෝල් ලීගය ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය හා ඇකඩමිය විසින් තනිකරම සංවිධානය කර පැවැත්වීම අගය කළ යුතු මෙහෙවරක්. මේ තරගාවලියෙන් පිළිබිඹු කරන්නේ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන්ට දේශීය හා විදේශීය වෘත්තීය ක්‍රීඩා ගමන් මඟ විවර කිරීමට ශ්‍රී ලයන්ස් සංවිධානයේ තිබෙන නිරන්තර කැපවීම.
මෙවර තරගාවලියට ද පසුගිය වසරේ මෙන්ම ජාත්‍යන්තර මුහුණුවරක් ගෙන එමින් බෲනායි, මැලේසියාව හා එක්සත් අරබි එමීර් රාජ්‍යය යන රටවල ක්‍රීඩිකාවන් සහභාගි වනවා. Royal Bees යන හුරතල් නාමයෙන් හැඳින්වෙන බෲනායි ජාතික නෙට්බෝල් කණ්ඩායම තරගාවලියට සහභාගි වන අතර ශ්‍රී ලයන්ස් ජාත්‍යන්තර නෙට්බෝල් කණ්ඩායම සමන්විත වන්නේ මැලේසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකා නෙට්බෝල් ක්‍රීඩිකාවන්ගෙන්.

තරගාවලියට සහභාගි වන අනෙකුත් කණ්ඩායම් වන්නේ මෙරට ජාතික මට්ටමේ සංවිධාන වන පසුගිය වසරේ ශූරියන් වූ රාජ්‍ය සේවා නෙට්බෝල් සංගමය, වෙළඳ සේවා නෙට්බෝල් සංගමය, ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් සංගමය හා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය.
මේ කණ්ඩායම් හය කොටස් දෙකකට බෙදා තරග පැවැත්වෙන අතර ‘ඒ’ කොටසට රාජ්‍ය සේවා, වෙළඳ සේවා හා බෲනායි කණ්ඩායම් ද, ‘බී’ කොටසට ශ්‍රී ලංකා පාසල්, කොතලාවල ආරක්ෂක සරසවිය හා ශ්‍රී ලයන්ස් ජාත්‍යන්තර යන කණ්ඩායම් ද ඇතුළත්ව තිබෙනවා.
කණිෂ්ඨ නෙට්බෝල් ක්‍රීඩිකාවන්ගේ ප්‍රදර්ශන තරගයක් ද ඇතුළුව Sri Lions International Netball League 2025 තරගාවලියේ ක්‍රීඩා කෙරෙන සම්පූර්ණ තරග ප්‍රමාණය 11ක්. තුම්මුල්ල ගුවන් හමුදා ගෘහස්ථ පිටියේ මැයි 16 වැනිදා මධ්‍යාහන 12.00 ට ආරම්භ වන තරගාවලිය යටතේ එදින තරග දෙකක් පැවැත්වීමට නියමිත අතර මැයි 17 වැනිදා ද එම පිටියේ ම තවත් තරග හතරක් පෙරවරු 8.00 සිට පැවැත්වෙනවා.
මැයි 18 වැනිදා අවසාන තරගය ඇතුළුව තරග හතරක් සහ ප්‍රදර්ශනය තරගය පැවැත්වෙන්නේ සාන්ත ජෝසප් විදුහලේ. අවසාන මහා තරගය පස්වරු 7.00 ට ආරම්භ වන අතර තිළිණ ප්‍රදානෝත්සවය පස්වරු 8.30 ට ආරම්භ වීමටයි නියමිතව තිබෙන්නේ.
තරගාවලිය සඳහා අනුග්‍රහය දක්වන්නේ Jat Holdings, Lakbima Cargo සහ PRESTIGE Solutions යන ආයතන.

‘ශ්‍රී ලයන්ස් ජාත්‍යන්තර නෙට්බෝල් ලීගය 2025’ තරගාවලියේදී ප්‍රධාන කුසලාන අටක් ප්‍රදානය කිරීමට සැලසුම් කර තිබෙන අතර එම ශූරතා මෙසේයි.
*Champion Team
*Runners-Up
*Best Player
*Player of the Final
*Best Shooter
*Best Goal Defense
*Best Centre Court
*තරගාවලියේ උපරිම දස්කම් දක්වන ක්‍රීඩිකාවන් තිදෙනෙකු ‘ශ්‍රී ලයන්ස්’ ධජය යටතේ ඩුබායි සෙවන්ස් නෙට්බෝල් ලීගයේ ක්‍රීඩා කිරීමට තෝරා ගැනෙනවා.
මේ තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ‘ජැට් හෝල්ඩිංස්’ ආයතන ශ්‍රවනාගාරයේදී ඊයේ පැවැත්වුනේ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයේ නිර්මාතෘ හා සභාපති ආචාර්ය කැළුම් සුජිත් පෙරේරා ගේ ප්‍රධානත්වයෙන්. මේ අවස්ථාවට එම සමාජයේ ප්‍රධාන විධායක නිලධාරී සුජිත් පුංචිහේවා, මානව සම්පත් ප්‍රධානී අප්සරා ගුණරත්න, තරගාවලියේ ලේකම් ශ්‍යාමා කුරේ, ශ්‍රී ලයන්ස් නෙට්බෝල් කණ්ඩායමේ කළමනාකාරිනී කෙම්ඩි පෙරේරා, ප්‍රධාන පුහුණුකාරිනී ජයන්ති සෝමසේකරම් සහ ශ්‍රී ලයන්ස් රග්බි ක්‍රීඩක මොහමඩ් නිස්රාන් සහභාගි වුනා.
එහිදී කතා කළ ආචාර්ය කැළුම් සුජිත් පෙරේරා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්ථාපිත කෙරුනු ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය හා ප්‍රජා සංවිධානය ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් පහකට ව්‍යාප්ත කිරීමේ කටයුතු දැන් සිදුවෙමින් පවතින බව කියා සිටියා.
“අපි ඇවිත් ඉන්නේ රටට සේවය කරන්න. ඒ නිසා අපෙන් ප්‍රයෝජනයක් ගන්න. ලංකාවේ නෙට්බෝල් ක්‍රීඩාවේ තිබෙන ප්‍රශ්න ඉක්මනින් තුරන් වේවි කියා මම අවංකව ප්‍රාර්ථනා කරනවා. ඒක එහෙම නොවුනොත් විදෙස් තරගාවලියන් සඳහා අපට දොරටු විවර වන විට අපේ ක්‍රීඩිකාවන්ට ඒ සඳහා සූදානමක් නොතිබෙන්න ඉඩ තිබෙනවා” යනුවෙන් ආචාර්යවරයා ප්‍රකාශ කළා.
“ශ්‍රී ලංකාවේ නෙට්බෝල් ක්‍රීඩාව ආසියාවේ ඉහළම තලයට ගෙන යන්න ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. මේ දස්කම් ඉදිරියටත් මේ විදියටම පවත්වා ගෙන යන්න පුළුවන් වුනොත් ඩුබායි සෙවන්ස් නෙට්බෝල් තරගාවලියට Sri Lions නමින් කණ්ඩායමක් සහභාගි කරවන්න පුළුවනි” කැළුම් සුජිත් පෙන්වා දුන්නා.
ක්‍රීඩා සහ ප්‍රජා සංවිධානයක් ලෙස ‘ශ්‍රී ලයන්ස්’ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්ථාපිත කෙරුනේ 2019 වසරේ. ඩුබායි හි සිටින ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා සහ උතුරු එමිරේට්ස් විසින් පිළිගෙන තිබෙන මේ ආයතනයට ශ්‍රී ලංකාව සහ කැනඩාවේ ක්‍රීඩා අමාත්‍යංශවල ද ආශිර්වාදය හා පිළිගැනීම ලැබී තිබෙනවා. ළමයින් සහ වැඩිහිටියන් ට ද බලපෑමක් ඇති කරන ක්‍රීඩා, සමාජයීය සහ ප්‍රායෝගික ඉසව් හරහා ශ්‍රී ලංකා ප්‍රජාව බලගැන්වීමයි ශ්‍රී ලයන්ස් සංවිධානයේ මෙහෙවර වී තිබෙන්නේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පමණක් මේ සංවිධානය ලියාපදිංචි සාමාජිකයන් 2,500ක් සහ වාර්ෂිකව සහභාගිවන්නන් 10,000ක් සමග තව තවත් ව්‍යාප්ත වෙමින් පවතින ප්‍රජාවක් ගොඩනගා තිබෙනවා.
‘ඩුබායි රග්බි සෙවන්ස්’, ‘බුඛාතීර් ක්‍රිකට් ලීගය’ සහ ‘ඩුබායි නෙට්බෝල් ලීගය’ වැනි ශ්‍රී ලයන්ස් සංවිධානයේ ඉසව් මගින් 70,000ක සහභාගිවන්නන් පිරිසක් ආකර්ෂණය කරගෙන තිබෙන්නේ ශ්‍රී ලාංකීය පා සලකුණ ජාත්‍යන්තර වේදිකාවේ ආඩම්බරයෙන් ස්ථාපිත කරමින්.
රාජ්‍ය මට්ටමේ ක්‍රිකට් හා ප්‍රජා සංවර්ධනය කේන්ද්‍ර කර ගනිමින් ශ්‍රී ලයන්ස් සංවිධානය සාර්ථක මෙහෙයුම් කැනඩාවේ දියත් කර තිබෙනවා. නුදුරු අනාගතයේදී එංගලන්තය, ඔස්ට්‍රේලියාව හා ප්‍රංශයේ ද ශ්‍රී ලයන්ස් ශාඛා පිහිටුවීමට ඔවුන් අපේක්ෂා කරමින් සිටින්නේ ශ්‍රී ලාංකේය ක්‍රීඩා ප්‍රජාවන්ගේ ගෝලීය ජාලයක් ගොඩනැගීමේ අරමුණින්.
ශ්‍රී ලයන්ස් සංවිධානය ක්‍රීඩා බොහොමයකට සම්බන්ධව සිටිනවා. එම ක්‍රීඩාවන් වනුයේ රග්බි (ජාතික හා ජාත්‍යන්තර), නෙට්බෝල් (ජාතික හා ජාත්‍යන්තර), ක්‍රිකට්, හොකී, වොලිබොල්, ගොල්ෆ්, පිහිනුම්, බැඩ්මින්ටන්, පාපන්දු සහ මලල ක්‍රීඩා.
ශ්‍රී ලයන්ස් සංවිධානයේ කැලැන්ඩරය පහත සඳහන් පරිදි පිරී තිබෙන්නේ දේශසීමා හරහා ප්‍රජාවන් එකට එක් කරමින්.
*Sri Lions Back to School Sports Championship – UAE
*Sri Lankan Inter-School Tag Rugby & Netball Tournament – UAE
*Sri Lions Open Indoor Sports Carnival – UAE
*Under 25 Sri Lions Asian Cup Cricket Championship – UAE
*WPRFU Under 18 Schools Rugby Tournament – Sri Lanka
*Sri Lions International Netball League – Sri Lanka
*Sri Lions RNV Coastal Clash – Sri Lanka
*Sri Lions Youth Rugby Carnival – Sri Lanka
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




