The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
ක්‍රීඩා

අබුඩාබි T10 තරග පාවාදුන් හිටපු ශ්‍රී ලංකා පළමු පෙල ක්‍රීඩකයාට පස් වසරක තහනමක්

T

The Leader Desk

August 16, 2025 • 7:18 AM

අබුඩාබි T10 තරග පාවාදුන් හිටපු ශ්‍රී ලංකා පළමු පෙල ක්‍රීඩකයාට පස් වසරක තහනමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු ශ්‍රී ලංකා පළමු පෙල ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන් ට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් වසර පහකට තහනම් කර තිබෙනවා.
  • තරග පාවාදීමට උත්සාහ කිරීම හා දූෂිත ක්‍රීඩාවක් වෙනුවෙන් මුදල් යෝජනා කිරීම ඇතුළු චෝදනා තුනකට සමන් වරදකරු බවට තහවුරු වී තිබෙනවා.
  • සාලිය සමන් මේ චෝදනාවලට ඔහු වරදකරු බවට ජගත් ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී අධිකරණ මණ්ඩලය ස්ථිර කර තිබෙන්නේ ඔහු එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලයේ දූෂණ විරෝධී ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව තහවුරු කර ගැනීමෙන් පසුව.
  • මේ ව්‍යවස්ථාව කඩ කළ බවට 2023 වසරේ සැප්තැම්බරයේදී චෝදනා ලැබූ පුද්ගලයන් අට දෙනාගෙන් සමන් ද කෙනෙක්.
අකුරු ප්‍රමාණය (Font Size):

2021 වසරේ පැවති අබුඩාබි T10 ක්‍රිකට් ලීගයේ තරග දූෂිත කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙනුයි ඔහුට චෝදනා එල්ල වී තිබෙන්නේ. තරග පාවාදීමට උත්සාහ කිරීම හා දූෂිත ක්‍රීඩාවක් වෙනුවෙන් මුදල් යෝජනා කිරීම ඇතුළු චෝදනා තුනකට සමන් වරදකරු බවට තහවුරු වී තිබෙනවා.

saliya saman 153921731 1x1සාලිය සමන්
මේ චෝදනාවලට ඔහු වරදකරු බවට ජගත් ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී අධිකරණ මණ්ඩලය ස්ථිර කර තිබෙන්නේ ඔහු එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලයේ දූෂණ විරෝධී ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව තහවුරු කර ගැනීමෙන් පසුව.

මේ ව්‍යවස්ථාව කඩ කළ බවට 2023 වසරේ සැප්තැම්බරයේදී චෝදනා ලැබූ පුද්ගලයන් අට දෙනාගෙන් සමන් ද කෙනෙක්. ඔහුගේ පස් වසරක තහනම 2023 සැප්තැම්බර් 13 දක්වා පෙර දාතමක් යොදා තිබෙන්නේ ඔහුට තාවකාලික තහනමක් පැනවූයේ එදින බැවින්. මේ අනුව සමන් ඔහුගේ දඬුවමෙන් වසර දෙකක් දැනටමත් ගෙවා අවසන්.

39 හැවිරිදි සාලිය සමන් දේශීය ක්‍රිකට් පිටියේ පළමු-පෙල තරග 101ක් සහ ‘ඒ’ ලැයිස්තුවේ තරග 77ක් ක්‍රීඩා කර තිබෙනවා.

warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...