The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
ක්‍රීඩා

වෙළඳ සේවා ක්‍රිකට් T10 ශූරතාව CDB Finance කණ්ඩායමට

T

The Leader Desk

May 9, 2024 • 4:42 PM

වෙළඳ සේවා ක්‍රිකට් T10 ශූරතාව CDB Finance කණ්ඩායමට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ මංගල T10 තරගාවලියේ ශූරයන් වීමට Citizens Development Business Finance (CDB)
  • පිළිතුරු වශයෙන් සෙලාන් බැංකුව කණ්ඩායමට ඔවුන්ගේ‌ ඔ්වර 10 අවසානයේ රැස්කර ගත හැකිවූයේ කඩුලු 9ක් දැවී ලකුණු 53ක් පමණ යි.
  • මෙහිදී මුදිත ලක්ෂාන් ට අමතරව තවත් විශේෂ පන්දු යැවීමක නිරත වූ තරිඳු රත්නායක ලකුණු 13කට කඩුලු 3ක් බිඳ හෙලුවා.
  • CDB කණ්ඩායම අවසාන තරගයට පිවිසියේ අවසන් පූර්ව තරගයේදී LOLC කණ්ඩායම කඩුලු 9කින් පරදවමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

කණ්ඩායම සමත් වුනා.

වෙළඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී සෙලාන් බැංකුව කණ්ඩායමට එරෙහිව පැවති අවසාන මහා තරගයේදී ෂෙවොන් ඩැනියල් පන්දු 27කට මුහුණ දෙමින් හයේ පහර 6ක් සහ හතරේ පහර 4ක් සමග ලකුණු 65ක් ද, මුදිත ලක්ෂාන් පිට පිට කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරමින් ලකුණු 3කට කඩුලු 4ක් ද ලබා ගනිමින් CDB කණ්ඩායම ලකුණු 74ක පහසු ජයග්‍රහණයක් කරා ගෙන ගියා.

පළමුව පන්දුවට පහර දීම සඳහා කැඳවනු ලැබූ CDB Finance කණ්ඩායම ෂෙවොන් ඩැනියල් හා ඩිලාන් ජයලත් (ලකුණු 25) වාර්තා කළ පන්දු 38කින් ලකුණු 85ක ආරම්භක කඩුලු සබඳතාව මත ඔවුන්ගේ ඔ්වර 10 ඉනිම අවසන් කළේ කඩුලු 4කට මුළු ලකුණු 127කින්.

පිළිතුරු වශයෙන් සෙලාන් බැංකුව කණ්ඩායමට ඔවුන්ගේ‌ ඔ්වර 10 අවසානයේ රැස්කර ගත හැකිවූයේ කඩුලු 9ක් දැවී ලකුණු 53ක් පමණ යි. මෙහිදී මුදිත ලක්ෂාන් ට අමතරව තවත් විශේෂ පන්දු යැවීමක නිරත වූ තරිඳු රත්නායක ලකුණු 13කට කඩුලු 3ක් බිඳ හෙලුවා.

CDB කණ්ඩායම අවසාන තරගයට පිවිසියේ අවසන් පූර්ව තරගයේදී LOLC කණ්ඩායම කඩුලු 9කින් පරදවමින්. සෙලාන් බැංකුව කඩුලු 4කින් HNB පිල පරාජය කරමින් අවසාන තරගයට සුදුසුකම් ලැබුවා.

ප්‍රථම වතාවට පැවති මේ T10 ක්‍රිකට් තරගාවලිය සඳහා අනුග්‍රහය දැක්වූයේ Assetline Insurance Brokers Ltd. ආයතනය.

ජයග්‍රාහී කුසලානය ප්‍රදානය කෙරුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා අතින්. ‌මේ අවස්ථාවට David Pieris Leisure (pvt) Ltd. අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ග්‍රිබ්සන් හපුකොටුව, Assetline Insurance Brokers (pvt) Ltd. මෙහෙයුම් ප්‍රධානී අනුරාධ හෙට්ටිගේ, වෙළඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති මහේෂ් ද අල්විස් හා වෙළඳ සේවා ක්‍රිකට් තරගාවලි කමිටුවේ සභාපති ලක්මාල් ද සිල්වා යන මහත්වරුද සහභාගි වුනා.


තරගාවලියේ පිරිනැමුනු විශේෂ තිළිණ:

*හොඳම පන්දු යවන්නා - CDB Finance මුදිත ලක්ෂාන් (තරග 6, ලකුණු 53, කඩුලු 16)

*හොඳම පිතිකරු - CDB ෂෙවොන් ඩැනියල් (තරග 6, අර්ධ ශතක 2ක් සමග ලකුණු 183)

*තරගාවලියේ වීරයා - සෙලාන් බැංකුවේ ලසිඳු නිම්සර (තරග 6, ලකුණු 151, කඩුලු 6, උඩ පන්දු 6)

*අවසාන තරගයේ වීරයා - CDB මුදිත ලක්ෂාන්
 
iudfiud
සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...