The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
ක්‍රීඩා

T20 ලෝක කුසලාන තරගාවලිය 2024: ශ්‍රී ලංකා සංචිතය සමබරයිද?

T

The Leader Desk

May 10, 2024 • 11:00 AM

T20 ලෝක කුසලාන තරගාවලිය 2024: ශ්‍රී ලංකා සංචිතය සමබරයිද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජුනි 2 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබේ.
  • මෙවර තරගාවලිය සඳහා රටවල් 20ක් කාණ්ඩ 04ක් යටතේ ක්‍රීඩා කිරීමට නියමිත ය.
  • මේ වන විට බොහෝ කණ්ඩායම් සිය ලෝක කුසලාන සංචිත නම් කර ඇති අතර, ශ්‍රී ලංකාවද සිය සංචිතය (මැයි 9 වැනිදා) නම් කරනු ලැබීය.
  • පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව අත්දැකීම් සහිත ක්‍රීඩකයින් මෙන්ම නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද සිය සංචිතය සඳහා නම් කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සම සත්කාරකත්වය දරනු ලබන්නේ ඇමෙරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දුපත්ය.


මෙවර තරගාවලිය සඳහා රටවල් 20ක් කාණ්ඩ 04ක් යටතේ ක්‍රීඩා කිරීමට නියමිත ය.

මේ වන විට බොහෝ කණ්ඩායම් සිය ලෝක කුසලාන සංචිත නම් කර ඇති අතර, ශ්‍රී ලංකාවද සිය සංචිතය (මැයි 9 වැනිදා) නම් කරනු ලැබීය.





ශ්‍රී ලංකා සංචිතයේ සිටින්නේ කවුද ?


පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව අත්දැකීම් සහිත ක්‍රීඩකයින් මෙන්ම නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද සිය සංචිතය සඳහා නම් කර ඇත.

එමෙන්ම සධීර සමරවික්‍රම, නුවන් තුෂාර, කමිදු මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ සහ මතීෂ පතිරණ යන ක්‍රීඩකයින් සහභාගි වන පළමු ලෝක කුසලාන විස්සයි 20 තරගාවලිය මෙය වීමද විශේෂත්වයකි.



මේ අතර ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ වීඩියෝවක් ද නිකුත් කරනු ලැබීය.

එහිදී ක්‍රිකට් ලෝලීන් විසින් මෙවර ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත්වී සිටින ක්‍රීඩකයින් හඳුන්වා දෙනු ලැබුවේ මේ අයුරිනි.





එලෙස නම් කරනු ලැබූ ශ්‍රී ලංකා සංචිතය මෙසේය.

වනිදු හසරංග (නායක),
චරිත් අසලංක (උපනායක),
කුසල් මෙන්ඩිස්,
පැතුම් නිස්සංක,
සදීර සමරවික්‍රම,
ඇන්ජලෝ මැතිව්ස්,
කමිදු මෙන්ඩිස්,
දසුන් ශාකක
ධනංජය ද සිල්වා,
මහීෂ් තීක්ෂණ
දුනිත් වෙල්ලාලගේ,
දුෂ්මන්ත චමීර,
නුවන් තුෂාර,
මතීෂ පතිරණ සහ
ඩිල්ෂාන් මදුශංක



කණ්ඩායම සමග එක්වීමට නියමිත අතිරේක සංචිතය වන්නේ, අසිත ප්‍රනාන්දු, විජයකාන්ත් වියස්කාන්ත්, භානුක රාජපක්ෂ සහ ජනිත් ලියනගේ ය.



ශ්‍රී ලංකා සංචිතය හොඳයි ද ?

 
විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය පිළිබඳ බීබීසී සිංහල සේව ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහගෙන් විමසීමක් කරන ලදී.

එහිදී ඔහු පැවසුවේ ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතය ශක්තිමත් එකක් බවය.


"මම හිතන්නේ මේ සංචිතය දිහා බැලුවම සෑහෙන්න ශක්තිමත් කණ්ඩායමක්. හැම අංශයක් දිහාම අවධානය යොමු කරලා ඇති බව පෙන්වා."

"පිතිකරණ අංශය ශක්තිමත්, තුන් ඉරියවු ක්‍රීඩකයින් ඉන්නවා. දඟ පන්දු යවන්නන් ඉදිරි පෙලේ නායකයත් එක්ක තුන් දෙනෙක් ඉන්නවා. "

"වේග පන්දු අංශයෙන් හතර දෙනෙක් ඉන්නවා. දුෂ්මන්ත චමීර ලහිරු කුමාර වෙනුවට ඇතුල්වීමත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු වාසියක්." ඔහු කියා සිටියේය.

 


‘එයාලාගේ ෆිට්නස් එක ගැන අපි දන්නේ නැහැ’

මේ අතර ප්‍රධාන පන්දු යවන්නන් දෙදෙනෙකුගේ ශාරීරික යෝග්‍යතාවය කෙසේද යන්න පිළිබඳව කරුණු නොදන්නා බව ප්‍රවීණ ක්‍රිකට් විචාරක රොෂාන් අබේසිංහ වැඩිදුරටත් පැවසීය.

"මට මෙතන තියෙන පොඩි සැකයක් තමයි ෆිට්නස් එක."

"අපි දන්නේ නැහැ වනිදු හසරංග ගේ ෆිට්නස් එක කොහොමද? ඩිල්ශාන් මධුෂංක ගේ ෆිට්නස් එක කොහොමද වගේම ඔහුගේ බෝලින් ෆෝරම් එක කොහොමද කියන එකයි මේ සංචිතය ගැන තියෙන පොඩි ගැටළු." ඔහු පැවසීය.



'ඒක දැවැන්ත තීරණයක්'


විජෙයකාන්ත් වියෙස්කාන්ත් හා ජනිත් ලියනගේ

 

ශ්‍රී ලංකා සංචිතයට එක් කර ඇති අතිරේක ක්‍රීඩකයින් දෙස බලන කළ නවක ක්‍රීඩක විජෙයකාන්ත් වියෙස්කාන්ත් ගේ පැමිණීම දැවැන්ත තීරණයක් බව රොෂාන් අබේසිංහ මෙහිදී බීබීසී සිංහල සේවයට පැවසුවේය.



"කවුරුත් අදුනන්නේ නැති ක්‍රීඩකයෙක් විදිහට LPL තරගාවලියේ ක්‍රීඩා කරලා, IPL එකෙත් ක්‍රීඩා කරලා අද දවසේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුල් වීම පුදුම ජයග්‍රහණයක්."

"ඒ වගේම ජනිත් ලියනගේ. ඔහු විස්සයි 20 තරග වලින් පටන් අරන් එලියට ගිහිල්ලා, ආපහු සංචිතයට ඇවිල්ලා තියෙනවා. "



"මේක හොඳ සංචිතයක්. තේරීම් කමිටුවට ලේසි නැහැ සංචිතයක් තෝරන්න." ඔහු පැවසුවේය.



'සංචිතයට ඇතුලත් නොවූ ක්‍රීඩකයින් දෙදෙනා'

 

බිනුර ප්‍රනාන්දු හා ප්‍රමෝද් මධුෂාන්



මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත් නොවූ ක්‍රීඩකයින් දෙදෙනෙකු පිළිබඳව ද ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ සිය අදහස් මෙසේ පලකරන ලදී.

" නමුත් මේ සංචිතයේ නැති එක පාරටම මට මතක් වෙන ක්‍රීඩකයින් දෙදෙනෙක් ඉන්නවා. "

"එක්කෙනක් බිනුර ප්‍රනාන්දු. ඔහුගේ උසත් එක්ක හොඳ ඉපිලිමක් ලබා ගන්න පුලුවන්. මම හිතුවා ඔහු අතිරේක ක්‍රීඩකයෙක් විදිහට ඉදිවී කියලා. "

"අනිත් ක්‍රීඩකයා ප්‍රමෝද් මධුෂාන්. ඒ දෙදෙනා නැතිවීම මට පොඩි පුදුමයක් ඇතිවුණා කිව්වොත් නිවැරදි."



"මම හිතුවා විස්සයි 20 තරග සඳහා බිනුර සිටිය යුතුයි කියලා. ඒ ගැටලුව නැත්නම් මේක ඉතා හොඳ සංචිතයක්." ඔහු කියා සිටියේය.



‘විස්සයි 20 පිටියේ ශ්‍රී ලංකාවේ දස්කම්’


2012 වසරේ පැවති විස්සයි 20 ලෝක කුසලාන එක්දින තරගාවලියේ ශුරතාවය හිමිකර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම, පිළිවලින් 2009 සහ 2012 වසරවල් වලදී අනු ශුරයින් බවට පත්විය.



කෙසේ වුවද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම විස්සයි 20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකාව පසුවන්නේ 8 වැනි ස්ථානයේ ය.

එමෙන්ම ICC පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකාවේ වනිදු හසරංග සහ මහිෂ් තීක්ෂණ පිළිවලින් දෙවන සහ පස්වන ස්ථානයේ පසුවේ.

විස්සයි 20 ICC තුන් ඉරියවු ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම් වලට අනුව වනිදු හසරංග දෙවන ස්ථානයේත්, දසුන් ශානක 17 වන ස්ථානයේ පසුවේ.

විස්සයි 20 පිතිකරුවන් ගේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව කුසල් මෙන්ඩිස් 20 වන ස්ථානයේ සහ පැතුම් නිස්සංක 24 වන ස්ථානයේ පසුවේ.

ශ්‍රී ලංකාව මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ක්‍රීඩා කරන පළමු තරගය ජුනි මස 3 වෙනිදා ඇමෙරිකාවේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතය.

 




සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...