ඇමෙරිකානු ක්‍රිකට් කණ්ඩායම (මැයි 23 වැනිදා) සමත් විය.
ලෝක කුසලාන විස්සයි 20 තරගාවලිය ආරම්භ වීමට තවත් දින කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී බංගලාදේශ කණ්ඩායම දක්වන දක්ෂතා සම්බන්ධයෙන් එරට ක්‍රීඩා ලෝලීන් තුළ සැක සංකා මතුවී ඇත.
මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේදී ඇමෙරිකානු කණ්ඩායම සෙසු කණ්ඩායම් වලට ප්‍රබල අභියෝගයක් ගෙන දෙනු ඇති බවට මේ වන විට ක්‍රිකට් කේෂ්ත්‍රය තුළ කතා බහට ලක්වෙමින් තිබේ.
බංගලාදේශයට මොකද වුණේ ?
ඇමෙරිකානු කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත T20 තරගාවලියේදී බංගලාදේශ කණ්ඩායම 2-0ක් ලෙස පරාජය විය.
පළමු විස්සයි 20 තරගයේදී ඇමෙරිකාව විසින් බංගලාදේශ කණ්ඩායම පරාජයට පත් කරමින් තරගය ජයග්‍රහණය කළේ කඩුලු 5 කිනි.
දෙවැනි විස්සයි 20 තරගයේදී ඇමෙරිකාව බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත් කළේ ලකුණු 06 කිනි.
ප්‍රේක්ෂකයින් ගේ ප්‍රතිචාරය
ඇමෙරිකාවට එරෙහිව ලද විස්සයි 20 තරගාවලියේ පරාජයත් සමග බංගලාදේශ ක්‍රිකට් ලෝලීන් එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ෆේස්බුක් ගිණුමේ පළකර තිබු සටහන් වලට ප්‍රතිචාර දක්වමින් සිය අප්‍රසාදය සහ කණගාටුව පළකර තිබුණේ මේ ආකාරයෙනි.
වැඩි අවධානයක් හිමිකර ගත් ඇමෙරිකානු ක්‍රීඩකයින් කවුද ?
බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති විස්සයි 20 තරගාවලියේදී ඇමෙරිකානු කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ දක්ෂතාවයන් කැපී පෙනෙන මට්ටමක ඇති බව පෙනී ගිය කරුණක් විය.
පළපුරුදු බංගලාදේශ පිතිකරණ බල ඇණිය ඇමෙරිකානු පන්දු යවන්නන් විසින් පැවති T20 තරග දෙකේදී ලකුණු 160 සීමාව ඉක්මවීමට ඉඩ ලබා නොදීම මෙහිදී කැපී පෙනෙන කරුණක් වේ.
ඉන්දීය සම්භවයක් සහිත වමත් මද වේග පන්දු යවන ක්‍රීඩක සෞරබ් නෙට්ට්‍රවාල්කර්, පකිස්ථාන සම්භවයක් සහිත වේග පන්දු යවන ක්‍රීඩක අලී ඛාන් සහ තුන ඉරියවු ක්‍රීඩක ස්ටීවන් ටේලර් ඇමෙරිකානු කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය ශක්තිමත් කර සිටියි.
එමෙන්ම නවසීලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩක කුරේ ඇන්ඩර්සන්, ඉන්දීය සම්භවයක් සහිත හර්මීට් සිං සහ මොනාන්ක් පටෙල් මෙන්ම ආරොන් ජෝන්ස් ද ඇමෙරිකානු කණ්ඩායමේ පිතිකරණ අංශය ශක්තිමත් කර සිටියි.
පන්දු රැකීමේ අංශයෙන් ද ඇමෙරිකානු කණ්ඩායම දක්ෂතාවයන් පෙන්නුම් කරයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි 20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වලට අනුව බංගලාදේශ කණ්ඩායම 9 වන ස්ථානයේත්, ඇමෙරිකාව 19 වන ස්ථානයේත් පසුවේ.
(BBC සිංහල සේවය)
T20 ලෝක කුසලානය 2024: ඇමෙරිකාව පෙරලියක් කරයි ද ?
T
The Leader Desk
May 24, 2024 • 10:58 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමි පළපුරුදු බංගලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති විස්සයි 20 තරගාවලියේදී පෙරළිකාර ජයග්‍රහණයක් ලැබීමට
- ලෝක කුසලාන විස්සයි 20 තරගාවලිය ආරම්භ වීමට තවත් දින කිහිපයක් පමණක් ඉතිරිව තිබියදී බංගලාදේශ කණ්ඩායම දක්වන දක්ෂතා සම්බන්ධයෙන් එරට ක්‍රීඩා ලෝලීන් තුළ සැක සංකා මතුවී ඇත.
- මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේදී ඇමෙරිකානු කණ්ඩායම සෙසු කණ්ඩායම් වලට ප්‍රබල අභියෝගයක් ගෙන දෙනු ඇති බවට මේ වන විට ක්‍රිකට් කේෂ්ත්‍රය තුළ කතා බහට ලක්වෙමින් තිබේ.
- ඇමෙරිකානු කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත T20 තරගාවලියේදී බංගලාදේශ කණ්ඩායම 2-0ක් ලෙස පරාජය විය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


