The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

T20 ක්‍රීඩාවේ ප්‍රථම වතාවට සුපර් ඕවර ත්‍රිත්වයක්

T

The Leader Desk

June 18, 2025 • 9:45 AM

T20 ක්‍රීඩාවේ ප්‍රථම වතාවට සුපර් ඕවර ත්‍රිත්වයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • T20 හෝ සීමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩාවේ පළමු වතාවට මෙසේ සුපර් ඕවර ත්‍රිත්වයක් ක්‍රීඩා කර තිබෙන්නේ නෙදර්ලන්තය හා නේපාලය අතර පැවති විස්සයි20 ජාත්‍යන්තර තුන්කොන් තරගාවලියක තරගයේ.
  • කඩුලු 7කට ලකුණු 152ක් ලබා ගෙන සිටි නෙදර්ලන්ත කණ්ඩායම ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් සිටියේ නේපාලය ට අවසන් ඕවරයේදී ලකුණු 16ක් අවශ්‍යව තිබූ බැවින්.
  • එම ඕවරයේදී නේපාලය ලකුණු 19ක් රැස් කළ අතර මැක්ස් ඔඩෝඩ් අවසන් පන්දුවට එල්ල කළ හයේ පහරට ස්තූතිවන්ත වන්නට නෙදර්ලන්තය එම ලකුණු සම කළා.
  • මෙවැනි සිදුවීමක් පළමු වතාවට වාර්තා වුනේ පසුගිය වසරේ ඉන්දියාව හා ඇෆ්ගනිස්තානය අතර පැවති තරගයේ.
අකුරු ප්‍රමාණය (Font Size):


T20 හෝ සීමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩාවේ පළමු වතාවට මෙසේ සුපර් ඕවර ත්‍රිත්වයක් ක්‍රීඩා කර තිබෙන්නේ නෙදර්ලන්තය හා නේපාලය අතර පැවති විස්සයි20 ජාත්‍යන්තර තුන්කොන් තරගාවලියක තරගයේ.

මෙහිදී නෙදර්ලන්තය විසින් නේපාලය පරාජය කරනු ලැබූව ද ඒ සඳහා වාර්තාගත සුපර් ඕවර තුනක් අවශ්‍ය වුනා. කඩුලු 7කට ලකුණු 152ක් ලබා ගෙන සිටි නෙදර්ලන්ත කණ්ඩායම ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් සිටියේ නේපාලය ට අවසන් ඕවරයේදී ලකුණු 16ක් අවශ්‍යව තිබූ බැවින්.

slj4070s netherlands nepal 625x300 17 June 25

 

නමුත් නන්දන් යාදව් අවසන් පන්දුවට හතරේ පහරක් එල්ල කිරීම නිසා තරගයට සුපර් ඕවරයක් දක්වා යාමට සිදුවුනා.

එම ඕවරයේදී නේපාලය ලකුණු 19ක් රැස් කළ අතර මැක්ස් ඔඩෝඩ් අවසන් පන්දුවට එල්ල කළ හයේ පහරට ස්තූතිවන්ත වන්නට නෙදර්ලන්තය එම ලකුණු සම කළා.

මේ අනුව ජාත්‍යන්තර පිරිමි ක්‍රිකට් ක්‍රීඩාවේ දෙවැනි වතාවට දෙවැනි සුපර් ඕවරයක් අවශ්‍ය වුනා. මෙවැනි සිදුවීමක් පළමු වතාවට වාර්තා වුනේ පසුගිය වසරේ ඉන්දියාව හා ඇෆ්ගනිස්තානය අතර පැවති තරගයේ.

 

පළමුව පන්දුවට පහර දුන් නෙදර්ලන්තය ලකුණු 17ක් ලබා ගත් අතර නේපාලය නැවතත් තරගයේ සිටියේ ඩිපෙන්ද්‍ර සිං අයිරී අවසන් පන්දුවට හයේ පහරක් එල්ල කළ නිසා. ඒ සමග ප්‍රථම වතාවට තෙවැනි සුපර් ඕවරකට යාමට සිදුවුනා.

එහිදී පෙර ක්‍රීඩා කළ ඕවර දෙකේ තිබූ තියුණු ක්‍රීඩාව දිස් නොවුනේ නේපාලය එකම ලකුණක් හෝ ලබා ගැනීමට අසමත් වෙමින් නෙදර්ලන්තය ට එක ලකුණක් පමණක් අවශ්‍ය වූ බැවින්.

super oversofeiow

 

මයිකල් ලෙවිට් හයේ පහරක් එල්ල කරමින් අවසානයේ නෙදර්ලන්තයේ ජයග්‍රහණය තහවුරු කළා.

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

T20 ක්‍රීඩාවේ ප්‍රථම වතාවට සුපර් ඕවර ත්‍රිත්වයක් | The Leader