2014 දක්වා තරග 16ක් අයර්ලන්තය වෙනුවෙන් ද ක්‍රීඩා කළා.
| Ed Joyce
2. කඩුලු රකින-පිතිකරු ලූක් රන්චි වසර 2008 හා 2017 අතර කාලයේදී තරග 3ක් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ද, තරග 29ක් නවසිලන්තය වෙනුවෙන් ද ක්‍රීඩා කළා.
| Luke Ronchi
3. වමතින් වේග පන්දු යවන ඩර්ක් නේන්ස් වසර 2009 සහ 2010 අතර කාලය තුළ තරග 2කදී නෙදර්ලන්තය ද, තරග 15කදී ඔස්ට්‍රේලියාව ද නියෝජනය කළා.
| Dirk Nannes
4. වේග පන්දු යවන බොයිඩ් රැන්කින් වසර 2009 හා 2013 අතර කාලයේදී අයර්ලන්තය වෙනුවෙන් තරග 48ක් ද, එංගලන්තය වෙනුවෙන් තරග 2ක් ද ක්‍රීඩා කළා.
| Boyd Rankin
5. තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩක රෝලොෆ් වැන් ඩ මර්ව්ගේ ක්‍රීඩා දිවිය වසර 16කට විහිදුනු අතර එහිදී ඔහු දකුණු අප්‍රිකාව වෙනුවෙන් තරග 13කට ද, නෙදර්ලන්තය වෙනුවෙන් තරග 54කට ද ක්‍රීඩා කළා.
| Roelof van
6. නවසිලන්ත කණ්ඩායමේ ස්ථිර ක්‍රීඩකයෙකු වීමට පෙර මාක් චැප්මන් හොංකං වෙනුවෙන් තරග 19ක් ක්‍රීඩා කළ අතර නවසිලන්තය වෙනුවෙන් මේ දක්වා තරග තරග 71කට සහභාගි වී තිබෙනවා.
| Mark Chapman
7. සේවියර් මාෂල් වසර 2008 හා 2021 කාලයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල වෙනුවෙන් තරග 6ක් ද, අමෙරිකාව වෙනුවෙන් තරග 14ක් ද ක්‍රීඩා කළා.
| Xavier Marshall
8. වේග පන්දු යවන්නෙකු වන ඉසාටුල්ලා ඩෝලාට්සායි වසර 2019 හා 2020 අතර කාලය තුළ ජර්මනිය වෙනුවෙන් තරග 12ක් ක්‍රීඩා කිරීමට පෙර 2012 වසරේදී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් තරග 4කට සහභාගි වුනා.
| Izatullah Dawlatzai
9. හේඩන් වොල්ෂ් 2019 වසරේදී අමෙරිකාව වෙනුවෙන් තරග 18කට ක්‍රීඩා කළා. ඔහු දැන් බටහිර ඉන්දීය කොදෙව් පිල නියෝජනය කරන අතර මේ දක්වා ඔවුන් වෙනුවෙන් තරග 31කට ක්‍රීඩා කර තිබෙනවා.
| Hayden Walsh
10. තුන් ඉරියව් ක්‍රීඩක ඩේවිඩ් වීස් දකුණු අප්‍රිකාව වෙනුවෙන් 2013 සිට 2016 දක්වා තෙවසරක කාලය තුළ කළ ක්‍රීඩාවේදී තරග 20කට සහභාගි වුනා. ඔහු වසර 2021 සිට 2024 වනතෙක් නැමීබියාව වෙනුවෙන් ද තරග 34ක් ක්‍රීඩා කළා.
| David Wiese
11. වේග පන්දු යවන ජේඩ් ඩර්න්බාක් ඉතාලිය වෙනුවෙන් 2021 වසරේදී තරග 6කට ක්‍රීඩා කිරීමට පෙර එංගලන්තය වෙනුවෙන් (2011-2014) තරග 34කට ක්‍රීඩා කළා.
| Jade Dernbach
12. වේග පන්දු යවන්නෙකු වන අම්ජාඩ් ඛාන් එංගලන්තය වෙනුවෙන් එකම එක විස්සයි20 තරගයකට ක්‍රීඩා කළා. අනතුරුව ඔහු තවත් තරග 8ක් ක්‍රීඩා කළේ ඩෙන්මාර්කය නියෝජනය කරමින්.
| Amjad Khan
13. රස්ටි තෙරන් දකුණු අප්‍රිකාව (2010-2012) සහ අමෙරිකාව (2021-2022) වෙනුවෙන් තරග 9 බැගින් ක්‍රීඩා කළා.
| Rusty Theron
14. තුන් ඉරියව් ක්‍රීඩක මයිකල් රිපන් එක් තරගයක් සඳහා 2022 වසරේදී නවසිලන්තය ට එක්වීමට පෙර නෙදර්ලන්තය වෙනුවෙන් 2023 සිට 2018 දක්වා තරග 18ක් ක්‍රීඩා කළා.
| Michael Rippon
15. ඩැනියල් ජැකීල් මලාවි කණ්ඩායම සමග එක්වීමට පෙර සිම්බාබ්වේ වෙනුවෙන් තරග 2කට ක්‍රීඩා කර තිබෙන අතර ඔහු මේ වන විට මලාවි වෙනුවෙන් තරග 39කට ක්‍රීඩා කර තිබෙනවා.
| Daniel Jakiel
16. වේගයෙන් ලකුණු රැස්කරන ටිම් ඩේවිඩ් 2019-2020 කාලයේදී සිංගප්පූරුව වෙනුවෙන් තරග 14ක් ක්‍රීඩා කළා. ඉන්පසු ඔස්ට්‍රේලියාව සමග එක්වූ ඔහු මේ දක්වා තරග 46කට ක්‍රීඩා කර තිබෙනවා.
| Tim David
17. කොනර් ස්මිත් 2021 වසරේදී අයිල් ඔෆ් මෑන් වෙනුවෙන් තරග 4ක් ක්‍රීඩා කළා. අනතුරුව ඔහු තරග තරග 3කදී මැලේසියාව නියෝජනය කළා.
| Connor Smith
18. තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩක කොරී ඇන්ඩසන් නවසිලන්තය වෙනුවෙන් (2012-2018) තරග 31කට සහ අමෙරිකාව වෙනුවෙන් (2024) තරග 11කට ක්‍රීඩා කළා.
| Corey Anderson
19. නිටිෂ් කුමාර් කැනඩාව (2012-2019) සහ අමෙරිකාව (2024) වෙනුවෙන් තරග 18ක් බැගින් ක්‍රීඩා කළා.
| Nitish Kumar
20. ඩේවිඩ් අන්ක්‍රා නයිජීරියාව වෙනුවෙන් 2025 වසරේ මේ දක්වා තරග 3කට ක්‍රීඩා කිරීමට පෙර ඝානා වෙනුවෙන් තරග 4කට සහභාගි වුනා.
| David Ankrah
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




