මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගය නැරඹීම සඳහා 30,000 කට අධික ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් පැමිණ සිටියහ.
කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පළමුවෙන් පන්දුවට පහර දීමට ඉන්දියාවට ආරාධනා කළේය.
මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගය නැරඹීම සඳහා 30,000 කට අධික ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් පැමිණ සිටියහ
ඉන්දියාවේ පිතිකරණය සහ ශ්‍රී ලංකාවේ දුර්වල පන්දු රැකීම
පළමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ ශුබ්මන් ගිල් සහ යෂස්වී ජයිස්වාල් තම කණ්ඩායමට ශක්තිමත් ආරම්භයක් ලබා දීමට සමත් විය.
ඔවුන් දෙදෙනා පවර් ප්ලේ පන්දු වාර 6 තුලදී ලකුණු 74ක් රැස් කිරීමට සමත් විය.
ලකුණු 34ක් රැස් කරගෙන සිටි ශුබ්මන් ගිල් ඩිල්ෂාන් මධුෂංකගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර, ලකුණු 40ක් රැස් කරගෙන සිටි යෂස්වී ජයිස්වාල්, වනිදු හසරංග ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.
ඉක්මන් කඩුලු දෙකක් දැවී ගියද ඉන්දීය කණ්ඩායමේ නායක සුර්යකුමාර් යාදෙව් සහ රිෂාබ් පාන්ට් එක්වී 03 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 76ක සබඳතාවයක් එක් කිරීමට සමත් විය.
පන්දු 26 කදී වේගවත් ලකුණු 58ක් රැස් කරගෙන සිටි සුර්යකුමාර් යාදෙව් දවා ගැනීමට මතිෂ පතිරණ සමත් විය
නැවත වරක් ක්‍රියාත්මක වූ මතිෂ පතිරණ හර්දික් පාන්ඩ්යා, රියාන් පරාග් සහ රිෂාබ් පාන්ට් ගේ කඩුලු ද දවා ගැනීමට සමත් වුණි.
ඉන්දීය කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේදී කඩුලු 07ක් දැවී ලකුණු 213ක් රැස් කිරීමට සමත් විය.
තරගයේදී ශ්‍රී ලංකා පන්දු රකින්නන් උඩ පන්දු කිහිපයක් අතහරිනු ලැබූ අතර ඉන්දීය පිතිකරුවන් එහි වාසිය තමන් වෙතට හරවා ගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී මතීෂ පතිරණ ලකුණු 40 කට කදුලු 04ක් දවා ගන්නා ලදී.
කලකට පසුව සාර්ථකවූ ආරම්භය
ඉන්දීය කණ්ඩායමේ පන්දු යවන්නන්ට එරෙහිව සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් ඊයේ තරගයේදී සමත් වුණි.
කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු වාර 8යි පන්දු 04 කදී ලකුණු 84ක් එක් කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා ඉනිමේ 15 වන පන්දු වාරය යැවීමට පැමිණි අක්සාර් පටෙල් ලකුණු 79ක් රැස් කරගෙන සිටි පැතුම් නිස්සංක ද, ලකුණු 20ක් රැස් කරගෙන සිටි කුසල් ජනිත් පෙරේරාගේ කඩුලු දවා ගැනීමට සමත් විය
කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක ඊයේ තරගයේදී ඉන්දීය කණ්ඩායමේ ආරම්භක වේග පන්දු යවන්නන්ට එරෙහිව ප්‍රහාරාත්මක පිතිහරඹයක් දියත් කළේය.
කෙසේ වුවත් පන්දු 27 කදී ලකුණු 45ක් රැස් කර සිටියදී කුසල් මෙන්ඩිස් දැවී ගියේය.
ඔහුගේ දැවී යෑමෙන් පසු පිටියට පැමිණි කුසල් ජනිත් පෙරේරා, පැතුම් නිස්සංක සමග එක්ව දෙවන කඩුල්ල සඳහා ලකුණු 56ක සබඳතාවයක් එක් කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා ඉනිමේ 15 වන පන්දු වාරය යැවීමට පැමිණි අක්සාර් පටෙල් ලකුණු 79ක් රැස් කරගෙන සිටි පැතුම් නිස්සංක ද, ලකුණු 20ක් රැස් කරගෙන සිටි කුසල් ජනිත් පෙරේරාගේ කඩුලු දවා ගැනීමට සමත් විය.
ඒ වන විට ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව දිස්වුයේ ලකුණු 149 කට කඩුලු 03ක් ලෙසයි.
චරිත් අසලංක සහ දසුන් ශානක ලකුණු නොලබා දැවී ගියහ.
ඉන්දීය පන්දු යවන්නන් ගෙන් එල්ලවූ පීඩනය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 07 ලකුණු 21ක් ඇතුළත දැවි යන ලදී.
ඒ අනුව පන්දු වාර 19.2 කදී සියලු දෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම ලකුණු 170 කට සිමා වුයේ තරගයෙන් ඉන්දියාවට ලකුණු 43ක ජයග්‍රහණයක් හිමිකර දෙමිනි.
පන්ද යැවීමේදී රියාන් පරාග් ලකුණු 05 කට කඩුලු 03ක් මෙන්ම අර්ශදිප් සිං සහ අක්සාර් පටෙල් කඩුලු දෙක බැගින් දවා ගත්හ.
ක්‍රීඩකයින්ගේ ආබාධ මැද ලෝකශූර ඉන්දීය කණ්ඩායමට මුහුණ දෙන ශ්‍රී ලංකා කණ්ඩායම

T20 ලෝකශූර ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි 20 තරගාවලිය දෙපිලටම ඉතා වැදගත් එකක් වන්නේ නව නායකයින් දෙදෙනෙකු මෙන්ම නව පුහුණුකරුවන් දෙදෙනෙකු යටතේ ක්‍රීඩා කරන බැවින් ය.
T20 ICC ශ්‍රේණිගත කිරීම් වලට අනුව ඉන්දීය කණ්ඩායම පළමු ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකා කණ්ඩායම පසුවන්නේ 8 වැනි ස්ථානයේය.
තරගාවලියට පෙර ක්‍රීඩකයින්ට ඇතිවූ ආබාධ
ඉන්දීය තරග සංචාරය ආරම්භ කිරීමට දින දෙකක් තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනෙකුගේ දායකත්වය කණ්ඩායමට අහිමිවී තිබේ.
ඒ අසනීප තත්ත්වයක් හේතුවෙන් දුෂ්මන්ත චමීර ද, ඇඟිල්ලේ අස්ථි බිඳීයාමක් හේතුවෙන් නුවන් තුෂාරට ද කණ්ඩායමෙන් ඉවත් වීමට සිදුවීම ය.
ඒවෙනුවට ආදේශක ක්‍රීඩකයින් ලෙස අසිත ප්‍රනාන්දු සහ ඩිල්ෂාන් මධුෂංක ශ්‍රී ලංකා T20 සංචිතයට කැඳවීමට පියවර ගෙන තිබිණ.
මේ අතර අසනීප තත්ත්වයක් හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු රෝහල්ගත කර ඇති අතර ඔහු වෙනුවට රමේෂ් මෙන්ඩිස් ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇත.
ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ චමීර සහ නුවන් තුෂාර ශ්‍රී ලංකාවට අහිමි වීම ඉන්දියාවට එරෙහි සංචාරයේදී ප්‍රබල පාඩුවක් බව ය.
"චමීරගේ අත්දැකීම අපට අහිමිවීම ලොකු පාඩුවක්. මොකද T20 තරගවලදී සිටුවේෂන් හැන්ඩ්ල් කරන්න හොඳ එක්ස්පිරියන්ස් එකක් තියෙන්න ඕන."
"ළඟදි ක්‍රීඩා කරන්න ජාතික කණ්ඩායමට එක්වුණත් නුවන් තුෂාර IPL, LPL තරගාවලි වගේම ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරලා හොඳට දක්ෂතා දක්වලා තියෙනවා. මේ දෙන්නගේ අහිමිවීම කණ්ඩායමට ලොකු පාඩුවක්." ඔහු පැවසුවේය.
ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු වීම් අතරතුර
LPL දක්ෂතා නිසා සංචිතයට එක්වූ ක්‍රීඩකයින්
පසුගියදා අවසන් වූ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී දස්කම් දැක්වීම හේතුවෙන් කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල් සහ අවිශ්ක ප්‍රනාන්දුට ඉන්දීය කණ්ඩායමට එරෙහි පන්දුවාර විස්සයි 20 තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කිරීමට අවස්ථාව උදාවිය.
දිනේෂ් චන්දිමාල් දිගු කාලයක් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට පමණක් ක්‍රීඩා කරනු ලැබූ අතර, ඔහු අවසන් වරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් T20 තරගයක් සඳහා ක්‍රීඩා කරනු ලැබුවේ 2022 වසරේ පෙබරවාරි මස 27 වැනිදා ය.
එමෙන්ම කුසල් ජනිත් පෙරේරා අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් T20 තරගයකට ක්‍රීඩා කරනු ලැබුවේ මෙම වසරේ පෙබරවාරි මාසයේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිවය.
පසුගිය මාර්තු මාසයේදී බංගලාදේශයට එරෙහි T20 තරගාවලියට ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු මෙවර ඉන්දීය සංචාරය සඳහා කැඳවනු ලැබීය.
මේ අතර නවක තුන් ඉරියවු ක්‍රීඩකයෙකු වන චමිදු වික්‍රමසිංහට ද ශ්‍රී ලංකා සංචිතයේ දොරටු විවෘත වීම කැපී පෙනෙන සිදුවීමක් විය.
පසුගියදා අවසන් වූ LPL තරගාවලියේ දී නැගී එන යොවුන් ක්‍රීඩකයා ලෙස සම්මාන හිමිකර ගනු ලැබුවේද චමිදු වික්‍රමසිංහ ය.
ඉන්දීය කණ්ඩායමේ නවකයින් සහ ප්‍රබලයින් කවුද ?
රෝහිත් ෂර්මා, විරාට් කෝලි සහ රවින්ද්‍ර ජඩේජා T20 ක්‍රීඩාවට සමුදීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී නව ක්‍රීඩකයින් දෙදෙනෙකු කණ්ඩායමට ඇතුළත් කර තිබේ.
එහිදී IPL තරගාවලියේ දී දක්ෂතා අතර සිටි හර්ෂිට් රානා සහ රියාන් පරාග් ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට නම් කර ඇත.
ICC T20 ශ්‍රේණිගත කිරීම්වල පිතිකරණ අංශයෙන් ලෝකයේ අංක 2 හි පසුවන ඉන්දීය කණ්ඩායමේ නායක සුර්යකුමාර් යාදෙව් සහ ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානයේ පසුවන යෂස්වී ජායිස්වාල් ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය සංචාරයට ඇතුළත්ව සිටිති.
එමෙන්ම T20 පන්දු යැවීමේ අංශයෙන් ICC ශ්‍රේණිගත කිරීම් හි 13 වන ස්ථානයේ පසුවන අක්සාර් පටෙල් සහ 18 වන ස්ථානයේ පසුවන රවී බිෂ්නෝයි ඉන්දීය සංචිතයට නම් කර තිබේ.
එමෙන්ම ප්‍රවේගකාරී පිතිකරුවන් වන ෂිවම් ඩුබේ, ශුබ්මන් ගිල්, රින්කු සිං සහ සංජු සැම්සන් ශ්‍රී ලංකාවට එරෙහි T20 සංචාරය සඳහා නම් කර ඇති ඉන්දීය සංචිතයට ඇතුළත්ව සිටිති.
IPL තරගාවලියේ දී දක්ෂතා අතර සිටි හර්ෂිට් රානා සහ රියාන් පරාග් ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට නම් කර ඇත
(උපුටා ගැනීම් - BBC සිංහල සේවය)



