The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
ක්‍රීඩා

T20 ලෝක කුසලානය අරඹමින් ක්‍රිකට් ක්‍රීඩාව සිතියම් නොකළ භූමියකට

T

The Leader Desk

June 1, 2024 • 3:45 PM

T20 ලෝක කුසලානය අරඹමින් ක්‍රිකට් ක්‍රීඩාව සිතියම් නොකළ භූමියකට 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රිකට් ක්‍රීඩාව අද සිතියම් නොකළ භූමියකට පා තබනවා.
  • තරගාවලියේ තරග වැඩි කොටසක් කැරිබියන් දූපත්වල ක්‍රීඩා කෙරෙන අතර කණ්ඩායම් 20ක් සහභාගි වන මේ තරගාවලියේ මූලික වටයේ තරග 16ක් අමෙරිකානු පොලවේ පැවැත්වෙන්නේ තරගාවලියේ ප්‍රධානතම තරගය වන ඉන්දියා - පාකිස්තාන ගැටුම ද ඇතුළත්ව.
  • ඒ තරගය 34,000ක සෙනඟකට නැරඹිය හැකි, තාවකාලිකව ඉදිකෙරුනු නිව්යෝක් නගරයේ ලෝන්ග් අයිලන්ඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ජූනි 9 වැනිදා.
  • “ඒක ඇත්තටම හොඳින් විවෘත වූ ක්‍රීඩාංගණයක්.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඒ, අද (ශ්‍රී ලංකා වේලාවෙන් හෙට) පැවැත්වෙන T20 ලෝක කුසලානයේ ආරම්භක තරගයෙන් එදා මෙදා තුර අමෙරිකාවේ ප්‍රථම ප්‍රධාන ක්‍රිකට් තරගාවලිය දියත් වීම මාර්ගයෙන්.

ටෙක්සාස්, ෆ්ලොරිඩා, නිව්යෝක් හා කැරිබියන් හි ක්‍රීඩාංගණ අතර බෙදා ගත්, මාසයක් පුරා පැවැත්වෙන ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම හා වඩාත්ම තියුණු ශෛලියේ සැණකෙළිය ඩලස් නගරයට යාබද පෙදෙසේ පිහිටි Grand Prairie ක්‍රීඩාංගණයේදී අමෙරිකාව හා කැනඩාව අතර පැවැත්වෙන තරගයෙන් අද ආරම්භ වනවා.

Grand Prairie
මේ තරගයෙන් සංකේතවත් කරන්නේ ජගත් ක්‍රිකට් කවුන්සලය (ICC) අමෙරිකාව කොටසක් කරගෙන පවත්වන ඉතිහාසයේ පළමු ප්‍රධාන ඉසව්වක ආරම්භක ගැටුමක්.

තරගාවලියේ තරග වැඩි කොටසක් කැරිබියන් දූපත්වල ක්‍රීඩා කෙරෙන අතර කණ්ඩායම් 20ක් සහභාගි වන මේ තරගාවලියේ මූලික වටයේ තරග 16ක් අමෙරිකානු පොලවේ පැවැත්වෙන්නේ තරගාවලියේ ප්‍රධානතම තරගය වන ඉන්දියා - පාකිස්තාන ගැටුම ද ඇතුළත්ව.

ඒ තරගය 34,000ක සෙනඟකට නැරඹිය හැකි, තාවකාලිකව ඉදිකෙරුනු නිව්යෝක් නගරයේ ලෝන්ග් අයිලන්ඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබෙන්නේ ජූනි 9 වැනිදා.

“ඒක හරිම ලස්සන ක්‍රීඩාංගණයක්” යනුවෙන් ඉන්දියා නායක රෝහිත් ෂර්මා ICC වෙබ් අඩවියකට පවසා තිබෙනවා. ඔහු එසේ කියා තිබෙන්නේ මේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන බංග්ලාදේශය සමග පෙරහුරු තරගයකට පෙර.

dfge56

“ඒක ඇත්තටම හොඳින් විවෘත වූ ක්‍රීඩාංගණයක්. අපි අපේ පළමු තරගය ක්‍රීඩා කරන්න මෙහි එන විට, මෙහි තිබෙන වාතාවරණය විඳින තුරු මට ඉවසුමක් නැහැ.”

සුපිරි අට අදියර, අවසන් පූර්ව හා අවසාන තරගය ඇතුළු තරගාවලියේ අනෙක් තරග පැවැත්වෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල. අවසාන මහා තරගය ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන්නේ බාබේඩොස් හි කෙන්සිංටන් ඔ්වල් ක්‍රීඩාංගණයේ.

ක්‍රිකට් ක්‍රීඩාව විනෝදය පිණිස අමෙරිකාවේ ක්‍රීඩා කළ ද, තරග පැවැත්වීම සඳහා තෝරා ගෙන තිබෙන අමෙරිකානු ප්‍රාන්ත තුනේ ම ක්‍රිකට් ක්‍රීඩාවට ශක්තිමත් ආකර්ෂණයක් තිබෙන බැවින් ප්‍රධාන ප්‍රවාහයේ සිටින අමෙරිකානු ක්‍රීඩා ලෝලීන්ව ක්‍රිකට් ක්‍රීඩාවට නම්මා ගත හැකි වනු ඇතැයි සංවිධායකයින් යථාර්ථවාදීව සිතනවා.

විශේෂයෙන් දහස් සංඛ්‍යාත ඉන්දියා ක්‍රීඩා ලෝලීන් ඇතුළුව, ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන පසුබිමක් ඇති විශාල සංක්‍රමණික ප්‍රජාව ක්‍රීඩාංගණ අතුරු සිදුරු නැතිව පිරෙන තරමට පැමිණෙනු ඇතැයි සංවිධායකයින් අපේක්ෂා කරනවා.

විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාව 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට නැවත පැමිණීමේ ආරම්භක පියවරක් ලෙස ද ICCය අද ඇරඹෙන මේ තරගාවලිය දෙස අවධානයෙන් බලා සිටිනවා.

jskfksre
T20 තරගාවලියක් ලෙසින් Major League Cricket (MLC) පසුගිය වසරේදී අමෙරිකාවේ ආරම්භ කෙරුනු අතර ලෝක කුසලාන තරගාවලියේදී ප්‍රදර්ශනය වන දැවැන්ත පහරවලින් යුත් පිතිහරඹයෙන් එම ලීගය පිළිබඳව උනන්දුවක් ඇති වනු ඇතැයි ඔවුන් විශ්වාස කරනවා.

එහෙත් ICCය අවධානය යොමු කර තිබෙන්නේ අමෙරිකානු වෙළඳ පොලට පමණක් නෙවෙයි. තරගාවලිය ප්‍රසාරණය කිරීම තුළින් ප්‍රධාන ක්‍රිකට් වේදිකාවේ තරග කිරීමේ මහඟු අවස්ථාව අලුත් ක්‍රිකට් රටවලට ද උදා වී තිබෙනවා.

ක්‍රිකට් ක්‍රීඩාවේ සම්ප්‍රදායික බලකොටුවලින් ඔබ්බට එය ව්‍යාප්ත කිරීමට මෑත වසරවලදී හැකි වී තිබෙන්නේ අයර්ලන්තය හා ඇෆ්ගනිස්තානය රටවල් 12ක ශක්තිමත් පූර්ණ ටෙස්ට් ක්‍රිකට් තත්ත්වයේ ස්ථාන හිමිකර ගැනීමෙන්.

නමුත් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ ප්‍රධාන වාහනය ලෙස ICCය දකින්නේ විස්සයි20 ක්‍රීඩාව යි. මෙවර පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලියට අමෙරිකාව, කැනඩාව හා උගන්ඩාව ප්‍රථම වරට ක්‍රීඩා කරනවා.

cgfe463

නේපාලය, පැපුවා නිව් ගිනියාව හා ඔ්මානය ප්‍රධාන ක්‍රිකට් වේදිකාවට පිය නගන අනෙකුත් අලුත් කණ්ඩායම්. පෙරළිකාර ජයග්‍රහණයක් ලබා ගනිමින් තමන් වෙත ලෝකයාගේ අවධානය දිනා ගැනීමට මේ කණ්ඩායම් උත්සාහ දරනු නොඅනුමාන යි.

කණ්ඩායම් පහ බැගින් කොටස් හතරකට බෙදී පැවැත්වෙන මූලික වටයෙන් ඉදිරියට යාමට හැකිවන්නේ ඒ ඒ කොටස්වල ඉහළ ට ම පිවිසෙන කණ්ඩායම් දෙකට පමණක් බැවින් කිසිම කුඩා කණ්ඩායමක් මූලික වටයෙන් ඔබ්බට යනු ඇතැයි බලාපොරොත්තුවක් නැහැ.

2007 වසරේ පැවති මංගල තරගාවලියේ ශූරයින් වූ ඉන්දියාව මෙවර තරගාවලිය ජයග්‍රහණය කිරීමේ ජනප්‍රිය කණ්ඩායම බවට පත්ව සිටින්නේ ඔවුන්ගේ සංචිතය වාර්ෂික ඉන්දියා ප්‍රිමිය ලීගයේ ක්‍රීඩකයන්ගෙන් පිරී තිබෙන බැවින්.

පසුගිය වසරේදී ජාත්‍යන්තර එක්දින ලෝක කුසලානය හා ලෝක ටෙස්ට් ශූරතාවලිය ද ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියාව විස්සයි20 කුසලානය ද හිමිකර ගනිමින් එක ම කාලයකදී ක්‍රිකට් ක්‍රීඩාවේ ගෝලීය කිරුළු තුන ම දිනා ගත් පළමු කණ්ඩායම බවට පත්වීමට මාන බලමින් සිටිනවා.

ඔස්ට්‍රේලියානුවන් 1999-2007 වකවානුවේ එක්දින ලෝක කුසලාන තුනක් පිට පිට දිනා ගත් අතර මෑත කාලයේ ගෝලීය තරගාවලියන්හි දැක්වූ සාර්ථකත්වයට අනුව ඔවුන් ඒ රන් යුගය නැවත නිර්මාණය කිරීමේ සමීපයට ම පැමිණ සිටිනවා.

පැට් කමින්ස්ගේ නායකත්වය යටතේ ඔවුන් පසුගිය වසරේදී ලෝක ටෙස්ට් ශූරතාව හා එක්දින ලෝක කුසලානය දිනා ගත්තේ අවසාන තරග දෙකේදී ම බලසම්පන්න ඉන්දියාව පරාජය කරමින්.

ඔස්ට්‍රේලියාව තවත් සාර්ථක මෙහෙයුමක් සඳහා මෙහෙයවීමේ වගකීම දැන් පැවරී තිබෙන්නේ මිචල් මාෂ් වෙත. මේ තරගාවලියේදී එය සිදුවුවහොත් ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ ශෛලීන් තුනේ ම ලෝක ශූරතාව රැක ගන්නා කණ්ඩායම බවට පත්වනවා.

එහෙත් එය පහසු කාර්යයක් නොවන බව නම් ඉතාම පැහැදිලියි.

වෙළෙඳාමය අතින් ක්‍රිකට් ක්‍රීඩාවේ ආධිපත්‍ය පැතිරවීමට අමතරව පසුගිය වසරේදී දෙවතාවක් ම ශූරතාව අභියසට ම පැමිණියද ඉන්දියාව දශකයකට වැඩි කාලයක් තුළ ගෝලීය කිරුළක් දිනා ගෙන නැහැ.

ලෝකයේ ධනවත් ම T20 ලීගය (අයි.පී.එල්.) ක්‍රීඩා කරමින් සිටිය ද 2007 මංගල තරගාවලියෙන් පසුව විස්සයි20 කිරුළක් තවමත් දිනා ගෙන නොතිබීම ඉන්දියා ක්‍රිකට් ලෝලීන්ගේ කලකිරීමට හේතු වී තිබෙනවා.

අද ඇරඹෙන තරගාවලිය නායක රෝහිත් ෂර්මා හා විරාට් කෝලිගේ අවසන් සීමිත ඔ්වර තරගාවලිය වනු ඇති අතර මේ දෙදෙනා ජූනි 29 වැනිදා බාබේඩොස් හි දී අවසාන තරගය ජයග්‍රහණය කරනු දැකීම තරම් වෙනත් සතුටක් ඉන්දියා ක්‍රිකට් ලෝලීන්ට නැහැ.

එංගලන්තයේ ඔ්වර 50 කිරුළ රැක ගැනීම පසුගිය වසරේ ඉන්දියාවේදී අසාර්ථ වූ හෙයින් එවැනි තවත් දියවී යාමක් වළක්වා ගැනීමට ඔවුන් සෑම දෙයක් ම කරනු ඇති බවට අපේක්ෂා කරන්න පුළුවන්. එය එසේ නොවුවහොත් ඒ අසාර්ථකත්වය නායක ජොස් බට්ලර් හා පුහුණුකරු මැතිව් මොට්ගේ අනාගතයට බරපතළ බලපෑමක් ගෙන ඒමට ඉඩ තිබෙනවා.

වේග පන්දු යවන ජොෆ්රා ආච ට ආබාධවලින් පසුව නැවත පැමිණීම අවස්ථා ගණනාවකදීම අතහැර දැමීමට සිදුවූව ද එංගලන්තය ඔහුගේ ශරීර සෞඛ්‍ය මත රැඳී සිටිනවා. ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස් තරගාවලියට සහභාගි නොවීමට තීරණය කර තිබෙනවා.

නායකයා ලෙස බබාර් අසාම් නැවත කැඳවමින් හා ගැරී කර්ස්ටන් පුහුණුකරු ලෙස පත් කරමින් මේ දෙදෙනාගේ සබඳතාව තමන්ට දෙවැනි T20 ලෝක කුසලානයක් දිනා දෙනු ඇතැයි යන අපේක්ෂාවෙන් පසුවන පාකිස්තානය ද මේ තරගාවලියේ සිටින අවධානය යොමු කළ යුතු කණ්ඩායමක්.

දකුණු අප්‍රිකාව තරගාවලියට පිවිසෙන්නේ ප්‍රවේගකාරී පිතිකරුවන් රොත්තක් සමග. නමුත් ඔවුන්ගේ පන්දු ප්‍රහාරයේ එතරම් ශක්තිමත් බවක් පෙනෙන්නට නැහැ. නවසිලන්තය කේන් විලියම්සන්ගේ ප්‍රබෝධමත් නායකත්වය යටතේ ප්‍රබල සටනක් දියත් කිරීමේ සූදානමින් පසුවනවා.

සමසත්කාරක බටහිර ඉන්දීය කොදෙව් පිල ද මේ තරගාවලියේ සැලකිය යුතු ප්‍රබල කණ්ඩායමක් බවට පත්ව සිටින්නේ ඔවුන් සතු T20 ලෝක කුසලාන ශූරතා දෙක ට ම කොදෙව්වන් මෙහෙයවූ ඩැරන් සැමී කණ්ඩායමේ පුහුණුකරු ලෙස දැන් වැඩ බාරගෙන සිටින නිසා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...